Divaina - ධවල මන්දිරයේ සිට මිනුවන්ගොඩ දක්වා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය පනිද්දී හදිසියේම දිවුලපිටියෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් හමුවිය. සමාජයෙන් රෝගියකු මතු වූයේ මාස දෙකකට පමණ පසුය. කොරෝනා වෛරස් ප‍්‍රහාරය කොතනින් මතුවේද කවරෙකු ඊට ගොදුරු වෙයිද යන්න අවිනිශ්චිතය. එහෙත් යළිත් වසංගත බිය පැතිර යයි. ලොක් ඩවුන් භීතියද මහජන සිත තුළ ජනිත වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මේ වෛරසය සමග ජීවත්වන්නට මනුෂ්‍ය වර්ගයාට සිදුව ඇත. ලොව බලවත්ම රාජ්‍ය නායකයා ද මේ අදිසි වෛරසයට ගොදුරු විය. වූහාන් සිට පුත්තලමට පැමිණි මේ වෛරසය පසුව ධවල මන්දිරයටත් ඇතුළු විය. දැන් එය මිනුවන්ගොඩින් මතුව තිබේ. මිනුවන්ගොඩ ඇඟලූම් කර්මාන්ත ශාලාව තුළින් අලූත් පොකුරක් මතුව ඇත. පොකුරු පිපෙන්නේ කවරකුටවත් නොකියා හොර රහසේය. ධවල මන්දිරයේ පොකුර ගැන කතා නොකර මිනුවන්ගොඩ
 
 පොකුර ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. හිතුවක්කාර ඇමරිකානු ජනාධිපතිවරයා මුලදී මුව ආවරණ දැමීම පවා ප‍්‍රතික්‍ෂේප කළේය. අවසානයේ ඔහු ද මේ වෛරසයට ගොදුරු විය. ඇමරිකාවේ ඉතා සුපිරි රෝහල් තිබුණ ද කොරෝනා නිසා මියගිය පිරිස දෙලක්ෂය ඉක්මවා ඇත. මිනුවන්ගොඩ පොකුර නිසා සියලූ රටවැසියන් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද පසුගිය සති කිහිපයේ සමහරුන් මුව ආවරණ පැලඳීම ද අමතක කර දමා තිබුණු සෙයකි. අපේ ආරක්‍ෂාව තහවුරු කර ගත හොත් රටේම ආරක්‍ෂාව ද තහවුරු වන්නේය. එම නිසා නිරෝධායන පුරුදු කිසිලෙසකින්වත් අමතක කිරීම සුදුසු නොවේ.
 
 ලෝකයම හොල්ලන මේ ස්වසන රෝගය ආසාදනය වූ පිරිස මිලියන 34 කි. එමෙන්ම මිලියනයක් මරණයට පත් වී ඇත. වූහාන් නගරය ලොක් ඩවුන් කර තිබෙන සැටි රූපවාහිනියෙන් බලා සිටි සෙසු ලෝ වැසියන්ට ද එම ඉරණමම අත්විය. මිනුවන්ගොඩටත් එසේමය. ඇත්තෙන්ම ලොව රටවල් 210 කට මේ රෝගය පැතිර තිබේ.
 
 චීනය දැන් බේරී ඇතත් ඇමරිකාව අලි අමාරුවක වැටී ඇත්තේ එරට නායකයාත් මෙහි ගොදුරක් වී ඇති හෙයිනි. යුරෝපයේ රටවල් බොහොමයක් නැවත දෙවන රැුල්ලකට බිළිව ඇති නිසා ප‍්‍රංශයේ අවන්හල් වසා දැමීමට නියෝග කර තිබේ.
 
 චීනයෙන් පළමුව වාර්තා වූ ආසාදිතයන් හතළිස් හතරදහසකට වඩා වැඩි පිරිසක් ඇසුරෙන් කළ සමීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ මරණ අනුපාතය මැදි වියේ අයට සාපේක්‍ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය. අධිරුධිර පීඩනය, පෙනහලූ දුර්වලතා ,දුර්වල ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරස් ප‍්‍රහාරය මාරාන්තික විය හැකි නිසා අපේ රටවැසියන් ද ඒ ගැන හොඳ අවබෝධයෙන් සිටීම වැදගත්ය. චීනයේ දත්තවලට අනුව පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනා වෛරසයේ බලපෑම අවම මට්ටමක තිබුණත් අප කිසිවිටක මේ අදිසි වෛරසය සුළු කොට තැකිය යුතු නැත.
 
 2020 වසර පුරාම ලෝකයට කොරෝනාවෙන් බරපතළ ප‍්‍රහාරයක් එල්ල විය. අධ්‍යාපනය කඩා වැටිණි. ලෝකයේ රටවල් 191 ක පාසල් හා විශ්වවිiාල වසා දැමිණි. ලොව පුරා ළමුන් හා යෞවන ජනගහනයෙන් 90% කටම කොරෝනාව නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ බව යුනෙස්කෝව කියයි. කොරෝනා නිසා මෙරට දරුවන්ගේ පාසල් නිවාඩුව සතියකින් ඉක්මන් විය. මෙතැන් සිට රටේ සියලූ ජනතාවට ඉටු කිරීමට ඇත්තේ එක වගකීමකි. ඒ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් අකුරටම පිළිපැදීමය. එම වගකීම ඉටුකරන ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles