Divaina - යළිත් සීරුවෙන්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ලෝකයටම වසංගතයක් වූ කොරෝනා වෛරසය පාලනය කිරීමට ශ‍්‍රී ලංකාව සමත් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් චීනයේ ඉකායි පර්යේෂණ ආයතනය කළ සමීක්‍ෂණයකදී හෙළිවූයේ කොරෝනා පාලනය අතින් ශ‍්‍රී ලංකාවට දෙවැනි තැන හිමිව ඇති බවයි. කොරෝනා වසංගතය පාලනය කිරීම අතින් අප දෙවැනි වී ඇත්තේ මෙම වෛරසයේ උප්පත්තිය ලැබූ චීනයට පමණි.

අප රටේ සෞඛ්‍ය අංශ, ආරක්‍ෂ අංශ, රාජ්‍ය පරිපාලනයේ සියලූ අංශ මෙන්ම පෞද්ගලිකව ජනතාව කැපවීමක් කළ නිසා කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට අපට හැකියාව ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලොක්ඩවුන්ව තිබූ මුළු රටම යළි ක‍්‍රම ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමට හැකියාවක් ලැබිණි. මාස ගණනාවක් යනතුරු සමාජයෙන් කොරෝනා අසාදිතයකු සොයාගත නොහැකි මට්ටමට මෙම වසංගතය පාලනය කිරීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

අප ලබන ජයග‍්‍රහණයකදී ඕනෑවට වඩා උදම් ඇනීම හෝ පරාජයකදී දැඩි කනස්සල්ලට පත්නොවී මේ අන්ත දෙක දෙස උපේක්‍ෂාවෙන් බැලිය හැකි නම් අපට බාහිරින් පැමිණෙන විපත්වලින් මිඳිය හැකිය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අප බැලිය යුත්තේ මේ උපේක්‍ෂාසහගත සිතුවිල්ලෙනි.

පළමු වටයේදී කොරෝනා වෛරසය පාලනය කිරීමට අපට හැකියාව ලැබී රට ක‍්‍රම ක‍්‍රමයෙන් නිදහස් කරද්දී සෞඛ්‍ය අංශ ඊට විරුද්ධ නොවුනද අවදානම ගැන පරිස්සමෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් දුන්නේය. නමුත් අපේ ජනතාව එම උපදෙස් පිළිපදිනවාද යන කාරණය අද අප හමුවේ ඇත. කොරෝනාවලින් බේරීමට මුඛ වැස්ම හොඳ ආවරණයකි. නමුත් අද සමහරු ඒ ගැන කිසිම අවධානයක් යොමුකර නොමැත. සමහර මුඛ වැස්ම බෙල්ලේ ඉල්ලාගෙන සිටිති. එය ෆැෂන් එකක් බවට පත්කරගෙන ඇත. අත් පිරිසිදු කරගැනීමේ කි‍්‍රයාවලියද මේ වන විට අප අතරින් ගිලිහී තිබේ. නමුත් මේ කාරණා ගැන යළිත් සිතන්නට ඊයේ (04දා* අපට

මිනුවන්ගොඩින් ලැබුණු ආරංචිය මතක් කර දී තිබේ. මිනුවන්ගොඩින් ලැබුණු ආරංචිය සුබ නොවුණත් එම අසුභ ආරංචිය පාඩමක් කරගෙන යළිත් කොරෝනා වසංගතයට අප රට බිළි නොදීමට සියලූ දෙනා සීරුවට එකාවන්ව පෙළගැසිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මිනුවන්ගොඩ ඇඟලූම් කම්හළක සේවිකාවකට කොරෝනා පොසිටිව් වීම සහ වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී ඇගේ දියණියටත් කොරෝනා ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අපට කොරෝනා භීතිය යළිත් දැනෙන්නට පටන්ගෙන ඇත. භීතියෙන් සලිත වන්නැයි අපි නොකියමු. එහෙත් මුළු රටම අමාරුවේ නොදමා යළිත් කොරෝනා වසංගතය පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවලට උපරිම සහයෝගය ලබාදීමට සියලූ දෙනාගේ වගකීමක් බව අමතක නොකළ යුතුය.

සමාජයෙන් කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා වීමත් සමඟ එය පාලනය කිරීමට රජය පියවර රැුසක් ගෙන තිබේ.

දිවයිනේම සියලූ පාසල්, පෙර පාසල් වසා දැමීම, සියලූම බස්වල ආසන ප‍්‍රමාණයට පමණක් මගීන් ගෙනයෑම, ගුවන්තොටුපළ පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත වසා දැමීම, දහම් පාසල් තාවකාලිකව වසා දැමීම ඇතුළු කි‍්‍රයාමාර්ග රැුසක් ගෙන ඇත. ඊට අමතරව කොරෝනා රෝගීන් වාර්තා වූ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා අවශ්‍ය අය නිරෝධායනයට යැවීමට පියවර ගෙන ඇත. මේ සියලූ පියවර ගෙන ඇත්තේ ජනතාවගේම යහපත උදෙසා බැවින් ඊට උපරිම සහාය දැක්වීම රටේ ජනතාවගේ වගකීම මෙන්ම යුතුකම බව අමතක නොකළ යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles