Divaina - ඵලදායී ආයෝජනය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී නිවසේ ඔප්පුව තහවුරු කිරීමේදී ලැබෙන ලකුණු දීමේ ක‍්‍රමය ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කර තිබිණි.
 
 ඉඩමේ ඔප්පුව පදනම් කරගෙන ඊට ලකුණු දීමෙන් පාසල් ඉදිරිපිට වසර 30 - 40 පදිංචිව සිටින පවුල්වල සාමාජිකයන්ට පවා තම දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව ඇතැයි ද ඇමැතිවරයා කියා සිටී. එනිසා වසර පහක ලියාපදිංචිය තහවුරු කළ හැකි දෙමාපියන්ට තම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේදී අදාළ ලකුණු ප‍්‍රමාණය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
 
 පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී දෙමාපියන් මුහුණදෙන ප‍්‍රායෝගික ගැටලූවකට විසඳුමක් ලබාදීම කෙරේ රජයේ අවධානය යොමුවීම අගය කළ යුතුය. නමුත් මෙම කාරණයට පමණක් විසඳුම් ලැබීමෙන් දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ඇති වී තිබෙන යුද්ධය නතර වේ යැයි අපේක්‍ෂා කළ නොහැක. විශේෂයෙන් ජනප‍්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඇති තරගකාරීත්වය මින් අඩුවෙතැයි අපේක්‍ෂා කළ නොහැක. එනිසාම සැබෑ ලෙසම අප රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතිය ලබාදීමට රටේ පවතින සියලූම පාසල්වල පහසුකම් වැඩිදියුණු කළ යුතුය. හිඟයකින් තොරව සෑම පාසලකම අදාළ විෂයන්ට ගුරුවරු ලබාදිය යුතුව ඇත.
 
 පසුගිය යහපාලන රජය විසින් ‘ළඟම පාසල හොඳම පාසල’ කිරීමේ සංකල්පයක් හඳුන්වාදී තිබුණි. යහපාලන රජයට ප‍්‍රායෝගිකව මෙම සංකල්පය ජයගත නොහැකි විය. නමුත් සංකල්පයක් වශයෙන් ගත් කල එය විශිෂ්ට බව කිව යුතුය. එනිසාම වත්මන් රජය කළ යුත්තේ දරුවන්ව පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී පවතින තරගයට විසඳුම් ලබාදෙන අතරේම සමස්ත පාසල් පද්ධතියේම අඩුපාඩු සොයා බලා ඊට නිසි විසඳුම් ලබාදීමයි. අවම වශයෙන් සෑම නගරයකටම පහසුකම් සහිත පාසල් කිහිපයක් හෝ ස්ථාපිත කළ හැකි නම් මෙම ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදිය හැකිය.
 
 මේ වනවිට ගම්පොළ බෞද්ධ විiාලයට විදුහල්පතිවරයකු නොමැත. පාසලේ ගුරු හිඟයක් ද පවතී. මෙම ප‍්‍රශ්නවලට විසඳුම් ඉල්ලා එම පාසලේ දරුවන්ගේ දෙමාපියෝ ගම්පොළ නගරයේදී උද්ඝෝෂණයක් කළහ. අධ්‍යාපන කලාප කාර්යාලයෙන් මෙම ප‍්‍රශ්නයට විසඳුම් නොලැබුණු නිසා මෙම පාසලේ දරුවන්ගේ දෙමාපියෝ අදාළ ගැටලූව ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් මඟින් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද වාර්තා වෙයි.
 
 අප ඉහතින් සඳහන් කළේ එක් පාසලක් පිළිබඳව පමණි. දිවයිනේ මෙවැනි පාසල් බොහෝ වෙති. නිසි ගොඩනැඟිලි පහසුකම් නැති, ඩෙස් බංකු හිඟ, හරිහමන් වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති පාසල් අනන්තවත් තිබේ. මෙම පාසල්වල ගුරු හිඟය ද එබඳුය. එනිසාම මේ පිළිබඳව සංගණනයක් කර අදාළ පහසුකම් සැපයිය යුතු පාසල් හඳුනාගෙන ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නේ නම් අප රටේ පාසල් අධ්‍යාපනය මීට වඩා ඉහළට ඔසවා තැබීමට හැකිවෙනු ඇත.
 
 රටක අනාගතය සැලසුම් කිරීමේදී අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට ඉහළ බරක් තැබිය යුතුමය. පාසල් පද්ධතිය නිසි ලෙස කළමනාකරණය කර රටේ සෑම දරුවකුගේම
 
 අධ්‍යාපනය ඉහළට ඔසවා තැබුවහොත් එය ඵලදායී ආයෝජනයක් වනු ඇත. පාසල් අධ්‍යාපනයේ ඇති ගැටලූවලට නිසි විසඳුම් යෙදීම බලධාරීන්ගේ කාර්යයකි. සුරක්‍ෂිත, සෞභාග්‍යවත් දේශයක් ගොඩනැ`ගීම සඳහා යන ගමනේදී අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගැටලූ හඳුනාගෙන ඊට නිසි විසඳුම් ලබාදුනහොත් අදට වඩා යහපත් රටක් හෙට අපට නිර්මාණය කර ගැනීමට හැකිවෙනු ඇත.

 


 
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles