Divaina - දහතුනේ මන්ත‍්‍රය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

india135ඉන්දු - ශ‍්‍රී ලංකා අගමැතිවරුන් අතර සාකච්ඡුාවක් පසුගිය සෙනසුරාදා පැවැත්විණි. එය අන්තර්ජාල හමුවකි. මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයට පත්වීමෙන් පසුව පැවති පළමු නිල රාජ්‍යතාන්ත‍්‍රික හමුවයි. මෙම හමුවේදී ඉන්දීය අගමැතිවරයා අවධාරණය ඇත්තේ පළාත් සභා ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යායුතු බවත්, 13 වැනි සංශෝධනය උපරිමයෙන් ක‍්‍රියාත්මක කර පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් සිදුකළ යුතු බවකි. ඉන්දියාවේ දායාදයක් වන 13 වැනි සංශෝධනය සැබවින්ම ලංකාව මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. මෙරට වැසියන් බහුතරයක් පළාත් සභා අහෝසි කළ යුතු බවට හඬ නගද්දී දිල්ලියේ විදේශ අමාත්‍යාංශය කලබල වී ඇති සෙයකි. මෝදි අගමැතිවරයා යළි යළිත් 13 වැනි සංශෝධනය ගැන කොළඹ ආණ්ඩුවට මතක් කරන්නේ බහුතර සිංහල ජනතාව තුළ ඇතිව තිබෙන පළාත් සභා විරෝධය යටපත් කිරීමට වෙනුවෙන්දැයි සැකයක් උපදී.
 
 මෙරට පළාත් සභා පිහිටුවා දශක තුනක් ඉක්මගොස් ඇති නමුත් මෙතෙක් වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප‍්‍රාග්ධනයට
 
 වෙන් වන්නේ සියයට 15ක් පමණකි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් වෙනුවෙන් සියයට 85ක් වෙන් කෙරේ. ජනතාව පළාත් සභා සුදු අලියකු ලෙස දකින්නේ එනිසාය. එහෙත් ඉන්දියාවට අවශ්‍ය වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් වැඩිම බලය බෙදීමක් සඳහා 13 වැනි සංශෝධනය උපරිමයෙන් ක‍්‍රියාත්මක වනු දැකීමය. වත්මන් ජනපතිවරයාත් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා නොදිය යුතුය යන මතයේ පසුවෙයි. ප‍්‍රභාකරන් ජීවත්ව සිටි සමයේදීත්, මරාගෙන මැරෙන බෝම්බකාරියක් අතින් රජිව් ගාන්ධි මරණයට පත්වූ පසුවත් ඉන්දියාව තම සුපුරුදු 13 මන්ත‍්‍රය ජප කිරීම නතර කළේ නැත.
 
 පසුගිය කාලවල විවිධ ආණ්ඩු බලයට පත් වුවද ඒ කිසිවක් දහතුන් වැනි සංශෝධනයෙන් ඔබ්බට යනවා තබා එහි ඇති පොලිස් බලතල පමණක් නොව ඉඩම් බලතල ද පළාත් සභාවලට ලබා දී නැත. ඒ සිංහලයින්ගේ විරෝධය නිසාය. වර්තමානයේ නම් බහුතර සිංහල ඡුන්දයෙන් තුනෙන් දෙකක බලයක් පොදුජන පෙරමුණු ආණ්ඩුවට ලැබී ඇති නිසා දිල්ලිය සැනසීමට 13 ක‍්‍රියාත්මක කිරීම කිසිසේත් කළ නොහැක. 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට දින 108ක් ගතවෙද්දී 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම සංශෝධනය මඟින් සිදු කළ බලය විමධ්‍යගත කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස පළාත් සභා ක‍්‍රමයේ උපත සිදුවිය.
 
 1987 අංක 42 දරණ පනත හෙවත් පළාත් සභා පනත පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීවරුන් 138කගේ සහාය ඇතිව සම්මත විය. එදා දේශපාලන වාතාවරණය හා අද දේශපාලන වාතාවරණය හාත්පසින්ම වෙනස්ය. ඉන්දියාවේ බලහත්කාරයට යටත්වීම හැර ජනපති ජයවර්ධනට කළ හැක්කක් නොවීය. ඒ දිනවල උතුර පමණක් නොව දකුණ ද ගිනිගෙන දැවෙමින් පැවතිණි. රජිව් අගමැතිවරයා කොටි නිරායුධ කරන බවට ලංකාවේ විධායකට පොරොන්දු වීම නිසාම පළාත් සභා ඇති කිරීමටත් දෙපාර්ශ්වයේ එකඟතාවය ඇති විය. නමුත් අද ප‍්‍රභාකරන් ඉතිහාසයට එක්වී හමාරය. උතුරු පළාතේ දෙමළ මහ ඇමැති ලෙස පත්වූ විග්නේශ්වරන් සිය වසර පහක ධුර කාලය පුරා එම ප‍්‍රදේශයේ ජනතාවට සිදු කළ සේවය කුමක්ද? දෙමළුනි නැගිටිව් යනුවෙන් පවසමින් කොටි සොහොන්වල පහන් දල්වන්නට දැඟලූවා මිස ජන ජීවිත නගා සිටුවීම කෙරෙහි කළ කිසිදු කෙන්ගෙඩියක් නැත. උතුරේ සිංහල හමුදාව (විග්නේශ්වරන් පවසන ආකාරයට* දෙමල ජනයාට කළ සේවය උතුරු පළාත් සභාවට කිරීමට නොහැකි විය. එනිසා ඉන්දියාවේ 13 මන්ත‍්‍රය පසෙක තබා උතුරේ ජන ජීවිතය  නගා සිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. වෙල්ලාලයින් විසින් කොන්කර ඇති දෙමළ වැසියන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය යුතුය. ඉදිරියේදී ජනපතිවරයාත් උතුරු වැසියන්ගේ ප‍්‍රශ්න පිළිබඳ සොයා බැලීමට එම ගම්මානවලට ද යනු ඇති බව විශ්වාසය. පොලිස් හා ඉඩම් බලතලවලින් දෙමළ වැසියන්ගේ බඩ පිරෙන්නේ නැත. 13 මන්ත‍්‍රය ජප කිරීම යනු ලංකාව බිය කිරීමේ ඉන්දීය දේශපාලන උපායක කොටසකි.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles