Divaina - දරුවන්ගේ ලෝකය සුරකිමු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

lama135 ලෝක ළමා දිනය එළඹෙන ඔක්තෝබර් 01 වැනිදාට යෙදී තිබේ. අප රට ද ඇතුළුව මුළු ලෝකයේම රටවල් මෙම දිනය සමරනු ලබයි. එදිනට ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම මෙන්ම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ කතිකා ගොඩනැගේ. එය යහපත් ප‍්‍රවණතාවකි. එහෙත් දරුවන්ගේ ජීවිතය හැඩගැස්වීමෙහිලා එක් දිනයකට එක් සැමරුමකට පමණක් සීමා කළ හැකි ද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත. සුරක්‍ෂිත අනාගතයක් වෙනුවෙන් දරුවන්ගේ ලෝකය යහපත් තැනකට ඔසවා තැබීමට සෑම මොහොතකම ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක අපි සිටින්නෙමු.
 
 විශේෂයෙන් අප රටේ දිනෙන් දින වර්ධනය වන ළමා අපචාර සහ ඒ සබැඳි කතා පුවත්වලින් ගම්‍ය වනුයේ තවමත් අප රට දරුවන් සඳහා සුරක්‍ෂිත නොවන බවය.
 
 ඊයේ (25 දා* ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත් කීපයක පළවූ පුවතක් කෙරේ අපගේ විශේෂ අවධානය යොමු වනුයේ ඒ තුළ කතාබහ කළ යුතු බොහෝ දේ ඇති බැවිනි.
 
 සිද්ධිය වාර්තා වනුයේ මිනුවන්ගොඩ පොලිසියෙනි. අදාළ සිදුවීමට අනුව දහතුන් හැවිරිදි දැරියක් නාන කාමරයේ සිටියදී වීඩියෝ කළ අවුරුදු 15 ක පිරිමි දරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ජංගම දුරකථනය තිබී දැරියගේ නිරුවත් ඡුායාරූප විස්සක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි කතා ඇසීමට දැකීමට සිදුවීම පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි කනගාටුවකි. ධර්මද්වීපය ලෙස කලක් හඳුන්වනු ලැබූ අප රට ක‍්‍රමයෙන් සංස්කෘතික, ආගමික සහ සාමාජික වශයෙන් පිරිහී ජරා ජීර්ණ වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවට සැකයක් නැත.
 
 දෙමාපියන් දරුවන් මෙලොවට බිහිකරනවා සේම එම දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ වගකීම ඇත්තේ ද දෙමාපියන්ටය. අප ඉහතින් සඳහන් කළ සිද්ධියේ දරුවන් දෙදෙනා දැනට පාසල් නොයන බවද වාර්තා වෙයි. මෙම දරු දෙදෙනා ගැන දෙමාපියන් විසින් ද කිසිදු සොයා බැලීමක් ද සිදුකර නොමැත. මෙම පිරිමි දරුවන් දෙදෙනා විෂමාචාර කි‍්‍රයාවලට නැඹුරු වීමට එය ද ප‍්‍රධාන සාධකයක් වී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මෙම කි‍්‍රයාවලියේ අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ එම දරුවන් පරිවාස භාරයට පත් කිරීමයි.
 
 අප රටේ සිදුවන ළමා අපචාර මැඬපැවැත්වීම සඳහා ප‍්‍රමාණවත් මැදිහත්වීමක් නොවීම
 
 කනගාටුවට කරුණකි. ගෘහයක් ලෙස ගත්විට දෙමාපියන් සහ දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. තම දරුවන් අන් අයගේ අපහරණයට ලක්වීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ගේ උකුසු ඇස යොමාගෙන සිටිය යුතුය. තම දරුවන් සමාජයට මුදා හැරීමෙන් පසුවද ඔවුනගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට කෙසේ හෝ ඉඩක්, කාලයක් වෙන්කර ගැනීම දෙමවුපියන්ගේ වගකීමකි. විශේෂයෙන් අන්තර්ජාලය භාවිත කිරීමේදී දරුවන්ගේ මනස විකෘති කරන දේවල් ග‍්‍රහණය කර ගැනීමට ඇති ඉඩකඩ අවතක්සේරුවෙන් නොසිතිය යුතුය. දරුවන්ව දරුවන්ගේ ලෝකය තුළ හුදකලා නොකර ඔවුන් සමග සමීපව කටයුතු කර ඔවුන්ගේ ප‍්‍රශ්න හඳුනා ගැනීමට දෙමාපියන් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නිවෙස තුළින් ආදරය, දයාව, කරුණාව සෙනෙහස ලැබෙන දරුවන් අපචාරවලට යොමු කරවා ගැනීම පහසු නොවන්නා සේම නිවෙස තුළ හික්මීමක් විනයක් ඇතිව වැඩෙන දරුවාගෙන් සමාජයට යහපතක් මිස අයහපතක් වන්නේ නැත.
 
 ළමා අපචාර මැඬලීමේදී රජයට මෙන්ම සමාජයේ පරිබාහිර ආයතනවලට ද විශේෂ අත්හළ නොහැකි වගකීමක් පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් සමහර ආයතන දරුවන් වෙනුවෙන්ම තිබුණත් ඒවායේ පෙනී සිටීම ඉතාමත් අකාර්යක්‍ෂමව පැවතීම ගැන ද සොයා බැලිය යුතුව ඇත. ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විගණනයකදී හෙළි වී ඇත්තේ පසුගිය වසර අටක කාලය තුළ සිදු වූ ළමා අපචාර සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 79259 ක් අතරින් පැමිණිලි 42073 ක්ම විසඳීමට කටයුතු නොකර තිබූ බවයි. මෙය බරපතළ තත්ත්වයකි.
 
 ළමා අපචාර මැඬලීම සඳහා පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව අත්වැල් බැඳගත යුතුය. මේ රටේ කොයි කොනේ සිටියත් ඕනෑම දරුවකුට නිදහසේ තම ළමා කාලය ගත කිරීම මෙන්ම යහපත් නිරෝගී මනසක් සහිතව සමාජයට පිවිසීමේ අවස්ථාව තිබිය යුතුය. විශේෂයෙන් දරුවන් අපහරණය කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීමට පසුබට නොවිය යුතුය. ඒ සඳහා පවතින නීති රීති ප‍්‍රමාණවත් නොවන්නේ නම් පාර්ලිමේන්තුවට අලූත් පනතක් ගෙනවිත් හෝ ළමා අපචාර මැඬලීම සඳහා වහා පියවර ගත යුතුව ඇත.
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles