Divaina - එකමත් එක රටක නරි කතාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

jakalජරා ජීර්ණ වූ ධනවාදයේ පැටවකු ලෙස උපත ලබන දේශපාලනඥයාට ඌරු කටක්ද, බූරු පිටක්ද, නරි මොළයක්ද තිබිය යුතු බව චීන ජන කතාවක එයි. ඌරු කට ජරාව කෑමටය. බූරු පිට මඩ නෑමටය. නරි මොළය කපටි මතවාදය පැතිරවීමටය. ඉහත සඳහන් ජන කතාව ගොතන්නට ඇත්තේ වන සතුන් ආශ‍්‍රයෙන් ලබා ගත හැකි පහසු අමු ද්‍රව්‍ය යෙදීමෙන් වුවද එම අමු ද්‍රව්‍ය කිසිදු ආකාරයකින් යථාර්ථවාදී නැත. ඌරා ඔය කියන තරම් ජරාව කන සතකු නොවේ. මිනිස්සු ඔයිට වඩා ජරාව කති. බූරුවාගේ පිට ඔය කියන තරම් රළු නැත. නරියා කිසිදු ආකාරයකින් කපටි සතෙක් නොවේ. මාංශ භක්ෂණයෙන් සහ ශාක භක්ෂණයෙන් යැපෙන සාමාන්‍ය ක්ෂීරපායි තිරිසනකුට ඇති හැඟීම් දැනීම්වලට වඩා යමක් නරියා තුළ නැත. නරියා කපටියකු ලෙස හඳුන්වා දෙන ලද්දේ අතීත ලෝකයේ වනාන්තර බද ගම්මානවලට වී ළමයින් රවටනු පිණිස කතන්දර ගෙතූ ප‍්‍රවාදකාරයන් විසිනි. නරියා යනු ඉතාම කුලෑටි සතෙකි. ජන කතාකාරයන්ට හසුවූයේ ඒ සතාගේ කපටි පෙනුමැති උල් මුහුණ පමණි. සැබෑම ප‍්‍රවාදය වන්නේ වඩාත්ම කපටි සතා මිනිසා වීමය. අපේ කතාවේ ඉතිරි කොටස මෙතැන් සිට කියමු.

Canis Aureus Naria නමැති සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශ‍්‍රී ලංකාවේ නරියා Golden Jackal යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මේ සතුන් වැඩි හරියකගේ පාද රන්වන් පාටය. මෙහිදී රන්වන් යන්න රත‍්‍රන් ලෙස හඳුන්වා නොගත යුතු අතර නරියාගේ පාදවල ඇති ලෝම තද කහ පැහැයෙන් යුක්ත වූ විට ඒ මතට සූර්යාලෝකය වැටී දිලිසෙද්දී රන් පැහැය උපදින බව අප මෙහිලා සඳහන් කරන්නේ අපගේ පාඨක ප‍්‍රජාවේ අමතර දැනුම පිණිසය. මෙබඳු රන්වන් පාද සහිත නරි කළුතර දිස්ත‍්‍රික්කයේ මිල්ලනිය සහ තදාසන්න කැලෑබද පෙදෙස්වල වන ගහණයන් තුළින් එළියට විත් මිනිසුන්ට පහර දෙන්නේ යැයි කතන්දර පැතිර යමින් පවතී. මේ නිසා ප‍්‍රභාකරන් සහ පොට්ටුඅම්මන් යළි ඉපිද රට පුරා සැරිසරන්නේය යන අදහසට සමාන ත‍්‍රස්ත භීතියකින් වෙළුනු මේ රටේ ජනයා නරින්ට විරුද්ධව පෙළ ගැසෙමින් සිටින බව දැනගන්නට ඇත. සාමාන්‍යයෙන් නරි මිනිසුන් දුටු විට කැලෑ වදිති. එහෙත් ඒ වෙනුවට මිනිසා හඹාගෙන විත් ගොරවමින් පහරදීමට එම නරියා තැත් කළොත් ඒ තුළ කිසියම් ප‍්‍රමාණයක අවුලක් ඇත.

එක්කෝ මේ නරියා ජලභීතිකාවෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්. නොඑසේ නම් නරින්ට සහ සුනඛයන්ට ආවේණික වූ Mange නමැති කුෂ්ට රෝගයෙන් පෙළෙනවා වන්නට පුළුවන. මේ කුෂ්ට රෝගය හටගත් විට මහත් සේ ඇඟ කසන බැවින් නරියා කෝපයට පත්වේ. එවිට එම සතා ඉදිරියට හමුවන ඕනෑම කෙනකුට පහර දෙයි. මේ ලක්ෂණය සියලූ වන සතුන්ට පොදුය. ජල භීතිකාව හෝ කුෂ්ට රෝග වැළඳුණු නරියා ගස්වලටත් පහර දෙයි. ඒ ගස් තිබෙන තැන්වල මිනිසුන් සිටගෙන සිටිනවා නම් නරියා පහර දෙන්නේ මිනිසුන්ටය. මෙවිට මිනිසුන් කියන්නේ රන්වන් පාට සහිත නරියා දුටු තැන මිනිසුන්ට පහර දෙන බවය.

පිස්සු නරි පිළිබඳ කතාව වාත වේගයෙන් පැතිර ගොස් ඇති බැවින් කළුතර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ගම්වල ජනයා රෑට තබා දවාලටත් එළියට නොබසිති. සාමාන්‍යයෙන් නරියකුගේ ක‍්‍රියාකාරිත්වය පටන් ගන්නේ උදේ දහයට පමණය. හවස් වනවිට එම ක‍්‍රියාකාරිත්වය අවසන් වන අතර ඒ අසරණ සතා මිනිසාටත් කලින් නින්දට යයි. කළුතර දිස්ත‍්‍රික්කය සහ තදාසන්න ප‍්‍රදේශවල නරි ගම් වැදීමට හේතු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් වන සතුන්ට අයත් වන ගහණය මිනිසුන් විසින් ආක‍්‍රමණය කිරීමය.

අලින් ගම් වදින්නේ ද මේ හේතුව නිසාය. තව ටික දවසක් යනවිට මේ හේතුව පදනම් කරගෙන අලින් හා නරින් පමණක් නොව වලසුන් සහ දිවියන් ද පිඹුරන් සහ නයින්ද සෙසු සියලූ ආකාරයේ සතුන්ද ගම් වැදීමට ඉඩ තිබේ. එසේම කොරෝනාව පැවති තුන් - හාර මාසයේදී මිනිසුන්ගේ ගමන් බිමන් අඩුවීම නිසා වන සත්තු පාරවල්වලට පැමිණීමට පුරුදු වූහ. කළුතර ගම්මාන කිහිපයකට තිබෙන නරි උවදුර අඩුවෙන් තක්සේරු කළ යුතු බව අපි නොකියමු. අප ඉල්ලන්නේ එය ඕනෑවට වඩා තක්සේරු කර මේ කියන ත‍්‍රස්ත වීමේ ෆන් එක ගැනීම ජනයා නොකළ යුතු බවය. මේ ෆන් එක ගන්නට ගියොත් නරින් දුටු තැන පහර දී උන් මැරීමට ජනයා පුරුදු වීමට ඉඩ තිබේ. පෘතග්ජන මිනිසාට එක්තර අවස්ථාවකදී බිය විසින් සතුට ගෙන දෙනු ලැබේ. මෙය මාරාන්තික සතුටකි. එම සතුට විඳින ගමන්ම ජීවිතයද නිම වීමට ඉඩ ඇත.

කාලයෙන් කාලයට මේ රටේ ජනයා ග‍්‍රීස් යකුන් දකිති. මහා රෑ ගෙට පැන ග‍්‍රීස් යකා විසින් තමා අල්ලා බදාගෙන සිප ගැනීමේ උණුසුම් අත්දැකීමට මුහුණ දුන් කාන්තාවෝ තිහ හතළිහ ග‍්‍රීස් යකා ඇසුරෙන් පහළ වෙති. මෙය ඉතා කදිම සංකල්පයකි. ඇඟ පුරා ග‍්‍රීස් ගා ගෙන හෙලූවැල්ලෙන් රට පුරා දුවන එකම එක ග‍්‍රීස් යකකුට ග‍්‍රීස් යකුන් සියයකගේ ප‍්‍රචාරය ලබා දීමට ජනතාවට පුළුවන.

රත්නපුරේ කහවත්තේ කොටකෙතන දී කිසියම් කාන්තාවක් අභිරහස් ඝාතනයකට ලක් විය. ඉන්පසු ඒ ආකාරයටම තවත් කාන්තාවන් කිහිපදෙනෙක්ම මරා දැමිණ. ඒ නිසා කොටකෙතන යනු ගැහැනුන් මරණ පුරයක් ලෙස ප‍්‍රසිද්ධියට පත්විය. ශානි අබේසේකර ඇතුළු පිරිස විසින් හිරේ යවන ලද නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ කියන කොටකෙතනට ගොස් සති දෙකක් තුළ ප‍්‍රශ්නය විසඳූ අතර ඉන්පසු එම ප‍්‍රදේශයේ කිසිදු කාන්තාවක් නොමරන ලද්දේය. කළුතර නරි ප‍්‍රශ්නය විසඳීමට වනජීවී දෙපාර්තමේන්තුව හා පොලිසිය සිටිත්. ඒ නිසා නරියාට නැති පිස්සුවක් ඇඟට ගැනීමෙන් මිනිසා වැළකිය යුතුය. එසේ නොවුවහොත් මිනිසුන්ට පිස්සු බවට කතාවක් නරින් අතර පැතිර යෑමට පුළුවන.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles