Divaina - පැන්ජියාව සහ බස්-නායක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

kathuwak ...මුළුමහත් විශ්වයම චලනය වන්නේ යම්සේද සෞරග‍්‍රහ මණ්ඩලයත් එහි සාමාජික පෘථිවියත් පිටතිනුත් ඇතුළතිනුත් චලනය වෙයි. මීට අවුරුදු මිලියන 335 කට පෙර සියලූ මහාද්වීප පැවතුනේ පැන්ජියාව නමැති වෙන් නොවූ එකම භූමියක් ලෙසය. ඊළඟ අවුරුදු මිලියන 175 දී මේ භූමිය කැබලි පහකට හෝ හයකට පුපුරා මහා සාගරය දිගේ පාවී ගොස් මහාද්වීප ලෙස ස්ථානගත විය. පැන්ජියාව කැබලිවීමට පාදක වූ මහා චලනය අදටත් එසේම පවතී. ඒ අනුව තර්කයක් වශයෙන් ගත් කල තවත් අවුරුදු මිලියන 175 කට පසු දැනට තිබෙන මහාද්වීප මහා සාගරය දියේ පාවී ගොස් එක් තැනකට එකතු වී නැවත වතාවක් පැන්ජියාවක් හැදෙනවා ඇත. මෙයට අවුරුදු 16 කට පෙර හටගත් සුනාමියෙන් පසු ආසියානු භූමිය තුළ හටගත් භූ චලන ප‍්‍රමාණය 35% කින් ඉහළ ගොස් තිබේ. සුනාමියෙන් වසර 5 කට පසු කඩවතදී භූ චලනයක් සිදුවිය. ඉන් අවුරුදු දෙක තුනකට පසු මධ්‍යම පළාතේ තැන් කිහිපයක නිවාසවල පොළව සහ බිත්ති පුපුරා ගියේය. ඒවා මධ්‍යම ප‍්‍රමාණයේ භූ චලනවලින් පසු හටගත් සුළු පසුකම්පන වුව ද ඉන් කියැවුණේ පෘථිවි අභ්‍යන්තරයෙහි තිබෙන භූ තැටිවල අසාමාන්‍ය ගමනක් පටන්ගෙන ඇති බවය...
 
 දොඩම්වල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ තැන්පත් අනුර ලෙව්කේට අයත් මහනුවර බූවැලිකඩ පස්මහල් නිවස මෙයට සිවුදිනකට පෙර අලූයම් කාලයේදී මහපොළවට පහත් වීමත් එමඟින් තිදෙනකු මියගොස් කිහිපදෙනකුට තුවාල වීමත් අද වනවිට පරණ පුවතකි. කලකට පෙර ජලය ගලාගිය නමුත් අද වියළි තත්ත්වයක පවතින කඳුරක් වූ බෑවුමක මේ ගොඩනැඟිල්ල ඉදිකර තිබූ අතර එය අවස්ථා කිහිපයකදී තට්ටුවෙන් තට්ටුව ඉහළට ඔසවා තිබුණි. ඒ, නුවර පෙරහැර බැලීමට එන සුද්දන්ට නවාතැන් දීම සඳහා කාමර සාදනු පිණිසය. නුවර වැනි පළාත්වල බෑවුම සහිත ප‍්‍රදේශවල ගෙවල් හදන විට ීදසක ඔැිඑ යනුවෙන් පාංශු පරීක්‍ෂණයක් කරනු ලැබේ. මෙහිදී එම පොළොවෙහි පිහිටි ගල හෙවත් යටින්ම පිහිටි භූ ස්ථරයේ තැටිය ගැන තක්සේරුවක් ලබාගන්නා අතර ඉදිකිරීමේ අත්තිවාරම පිහිටි ගලට සම්බන්ධ කළ යුතු තැන ගැන අදහසක් ලබාගැනීම සිදුවෙයි. යුරෝපයේ දියුණු රටවල නම් පිහිටි ගලේ පෘෂ්ඨියේ ශක්තිය ද මනිනු ලැබේ. එනම් පිහිටි ගලේ වර්ග අඟලකට යෙදිය හැකි උපරිම බර සහ එම බර බෙදී යන ආකාරය ගැන ද තක්සේරුවක් ගැනීමට සිදුවෙයි. ඉදිකිරීමේ තට්ටු ප‍්‍රමාණය තීරණය කරන්නේ පිහිටි ගලේ ශක්තිය අනුවය. අනුර ලෙව්කේගේ පස් මහල් නිවස ඉදිකර තිබුණේ පිහිටි ගල ගැන කිසිදු අවබෝධයක් නොමැතිවය. එවැනි අවබෝධයක් තිබුණේ නම් අත්හැර දැමුණ කඳුරක් මත අත්තිවාරමක් දැමීම කිසි ලෙසකින්වත් සිදුනොකරන අතර එයට හේතුව කඳුරක පිහිටි පොළොව ඉතාම දුර්වල වීමය.
 
 පිහිටි පොළොව කෙතරම් ශක්තිමත් වුව ද නූතන ගෘහනිර්මාණ ශිල්පියා ඉදිකිරීමක් කරන විට භූ තලයේ අභ්‍යන්තර තැටිවල චලනය ද සැලකිල්ලට ගනී. මහපොළොව යනු ඉතා අස්ථාවර තැනකි. ලෝකයේ හැම කන්දක්ම උස යමින් පවත්නා බව වැඩි දෙනා නොදනිති. කඳු එසේ උස යන්නේ භූ ස්ථරවල චලනය නිසාය. අනුර ලෙව්කේගේ පස්මහල් නිවස, අහිංසක ජීවිත තුනක් ද බිලිගනිමින් බිමට සමතලා වන්නේ භූමියේ පවතින ස්වභාවික දෝෂයට ඔරොත්තු දිය හැකි පරිදි ඉදිනොකළ නිසාය.
 
 මේ රටේ ගොඩනැඟිලි තාක්‍ෂණය ඉතා දියුණු වුව ද කර්මාන්තයක් වශයෙන් එය සිදුකරන ජාවාරම්කාර රැුළ ඉතාම ආත්මාර්ථකාමීය. විශේෂයෙන්ම කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ගොඩනැඟිලි හදන කපටි නරි අවුරුද්දක් තුළ නිමකළ යුතු ඉදිකිරීම තුන් මාසයක් තුළ සිදුකර මුදල් ද රැුගෙන අතුරුදන් වෙති. 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව විසින් ගෙනෙන ලද තිස් අවුරුදු මහවැලි යෝජනා ක‍්‍රමය ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් පස් අවුරුද්දක් තුළ නිමකිරීම මඟින් හොඳ ප‍්‍රතිඵල ලැබී නැත. ඒ යෝජනා ක‍්‍රමයට අයත් ඇතැම් වේලිවල කාන්දු හටගෙන ඇති අතර යම් හෙයකින් එවැනි වේල්ලක් කැඞී ගියොත් පහත නිම්නය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම ස්ථිරය. එසේ වූ විට එම ජලය බැස යෑමට කල්ගතවන නිසා පසෙහි ඇති ලවණ එම ජලයට කාන්දු වීම සිදුවන අතර, ජලය බැසයෑමෙන් පසු එම භූමිය මළාට වගා කළ නොහැක. අනුර ලෙව්කේගේ කඩිනම් පස්මහල් ඉදිකිරීම ද පස් අවුරුදු මහවැලි යෝජනා ක‍්‍රමයේ කුඩා ප‍්‍රක්ෂේපණයකි. මේ ඉදිකිරීම සඳහා අවසර දීමට මහනුවර ආණ්ඩුවේ නිලධාරීන් කෙතරම් ජරාව අනුභව කළේ ද යන්න සොයා බැලිය යුතු අතර ඒ පිළිබඳ උපරිම පියවර ගත යුතුය. දොඩම්වල හිටපු බස්නායක නිළමේ අනුර ලෙව්කේට නිකම්ම ගැලවීමට ඉඩ නොලැබේ. නොසැලකිල්ල නිසා තිදෙනකු මියයෑමට ඉඩ හැරීමට ඔහු වගකිව යුතුය. එය අපරාධ චෝදනාවකි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles