Divaina - මං තීරු නීතිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

buslaneකොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ලබන සඳුදා සිට මංතීරු නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බවත් මංතීරු නීතිය කඩ කරන රියැදුරන්ට රුපියල් දෙදහසක දඩයක් පනවන බවත් පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න පවසයි. මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පෙරහුරු ක‍්‍රියාත්මක වන අතර ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාර මෙන්ම අයහපත් ප‍්‍රතිචාරද අසන්නට සමාජය තුළ ගොඩනැෙඟමින් තිබේ.
 
 කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා විවිධ සැලසුම් ක‍්‍රියාත්මක වුවද වඩාත් ප‍්‍රතිඵලදායක සැලසුම බවට පත් වූයේ එක් අතකට රථවාහන ධාවනය හෙවත්
 
 ”වන් වේ” නීතියය. මෙම නීතිය හඳුන්වාදීමේදී
 
 රියැදුරන්ගෙන් සහ කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ
 
 වෙළෙන්දන්ගෙන් ඊට විශාල විරෝධතාවක් එල්ල වුවද ”වන් වේ” සැලසුම මඟින් මාර්ග තදබදය අවම වීමත් සමඟ ඊට එරෙහිව පැණ නැගුණු සියලූ විරෝධතා අවසන් විය. නමුත් දිනෙන් දින කොළඹ නගරයට ඇතුළු වන මෝටර් රථ ප‍්‍රමාණය ඉහළ යෑමත් සමඟ ”වන් වේ ” ක‍්‍රමවේදය මඟින් මාර්ග තදබදය පාලනය කිරීමට නොහැකි වීමත් සමඟ ඊළඟට ක‍්‍රියාත්මක වූ සැලසුම වූයේ මංතීරු නීතියය. මංතීරු නීතියද දිගටම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ රියැදුරන්ගෙන් ඊට විරෝධයක් එල්ල වූ නිසාය. නමුත් ඇතැම් රියැදුරන් මංතීරු නීතිය සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාර දක්වා තිබුණද රථවාහන පොලිසියට මෙම නීතිය අකුරටම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා මංතීරු නීතිය මඟින් මාර්ග තදබදය අවම කිරීමට දායකත්වයක් නොලැබුණි. නමුත් රථවාහන පොලිසිය නැවත වරක් මංතීරු නීතිය තදින්ම ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේ මාර්ග තදබදය අවම කිරීමට ඔවුන්ට වෙනත් සැලසුමක් නොමැති නිසාය.
 
 කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම් සකස් කිරීමේදී නගරයට රථවාහන ඇතුළුවන ආකාරය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් පොලිසියට තිබිය යුතුය. මේ සඳහා ලෝකයේ බොහෝ රටවල් ඩ්‍රෝන කැමරා භාවිත කරමින් දත්ත ලබාගන්නා අතර, එම දත්ත මගින් තදබදය පාලනය කිරීමට ඉතා ක්ෂණික සැලසුම් සකස් කරනු ලබයි. මීගමු මාර්ග කොරිඩෝව, නුවර මාර්ග කොරිඩෝව, ලෝලෙවල් මාර්ග කොරිඩෝව, පාර්ලිමේන්තු මාර්ග කොරිඩෝව, හයිලෙවල් මාර්ග කොරිඩෝව සහ ගාලූ පාර කොරිඩෝව ලෙසින් කොළඹට ඇතුළුවීම සඳහා ප‍්‍රවේශ මාර්ග 6ක් තිබේ. මෙම කොරිඩෝවලින් දිනකට කොළඹට ඇතුළු වන හා පිටවන වාහන සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වේ. මෙම වාහන සියල්ල තවමත් ගමන් ගන්නේ මීට වසර 500 කට පමණ පෙර ඉදිකළ යටත් විජිත යුගයේ ඉදිකළ මාර්ග පද්ධතියේය. මංතීරු නීතිය සාර්ථක නොවීමට බල පා ඇති ප‍්‍රධාන හේතුව වන්නේ කොළඹ නගරයේ මාර්ග පද්ධතිය පුළුල් කිරීමට නොහැකි වීමය. සාමාන්‍යයෙන් ගාලූ පාරේ පැයට 22 ක පමණ වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමත්, සමඟ වේගය පැයට කිලෝමීටර් 17 දක්වාත්, පාර්ලිමේන්තු පාරේදී එම වේගය පැයට කිලෝමීටර් 10 දක්වාත් පහළ යන්නේ අමතර මංතීරු පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි නිසාය.
 
 මාර්ග තදබදය අවම කිරීමට ඇති ජනප‍්‍රිය, ගෝලීය සැලසුම වන්නේ කණු මත ධාවනය වන මොනෝ රේල් පද්ධතියක් ඉදි කිරීමය. නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටක ආර්ථිකයකට එවැනි සැලසුම් දරාගත නොහැක. ජපානය වැනි රටක ඇති මෙවැනි මාර්ග පද්ධති නඩත්තු වන්නේ එම දුම්රිය සේවා සඳහා අයකරන ප‍්‍රවේශ පත‍්‍ර ආදායමෙනි. ලංකාවේ දුම්රිය සේවය මේ වන විටත් වසරකට රුපියල් කෝටි අටදහසක් පමණ පාඩු ලබමින් සිටියදී මොනෝ රේල් ඉදිකර ඒවා නඩත්තු කළ හැකිද යන්න ගැටලූවකි. ඊළඟට අපට ඉතිරි වී ඇති සැලසුම වන්නේ දැනට රටේ තිබෙන පොදු ප‍්‍රවාහන සේවා පද්ධතිය දියුණු කිරීමය. මේ සඳහා ඇති හොඳම සැලසුම වන්නේ දුම්රිය පද්ධතිය දියුණු කිරීමය. අඩුම තරමේ තිබෙන දුම්රිය සේවා නිසි වෙලාවට ධාවනය කිරීමට හැකි වුවහොත් ජනතාවගේ විශ්වාසය දුම්රිය සේවා කෙරෙහි ඇති කළ හැක. ඒ වගේම දුම්රිය ස්ථාන ආශ‍්‍රිතව ඇති විශාල රජයේ ඉඩම් රථ ගාල් බවට පත්කර කොළඹ නගරයට ඇතුළුවන මෝටර් රථ ප‍්‍රමාණය අවම කළ යුතුය. මේ වන විට කොළඹ නගරයට ඇතුළුවන මෝටර් රථවලින් සියයට අසූවක පමණ පැමිණෙන්නේ එක් පුද්ගලයකු පමණි. ලෝකයේ බොහෝ රටවල් එවැනි තනි පුද්ගල වාහන නගරයට ඇතුළු වන්නේ නම් අමතර මුදලක් අය කරනු ලබයි. ලංකාව එවැනි තීන්දුවක් ගැනීමට පෙර පොදු ප‍්‍රවාහන සේවා පද්ධතිය දියුණු කළ යුතුය. ඒ වගේම රජයේ කාර්යාල කොළඹ නගරයෙන් පිටතට ගෙන යෑමේ ක‍්‍රියාවලිය වේගවත් කළ යුතුය. රටට දරාගත නොහැකි තරමට රජයේ රැුකියා ලබාදීමත්, එම
 
 රැුකියාලාභීන් විසින් පොදු ප‍්‍රවාහන සේවය බූදලයක් බවට පත්කර ගැනීමත් රටේ මාර්ග තදබදය ඉහළ යෑමට බලපා ඇති ප‍්‍රධානතම හේතුවකි. ආණ්ඩුව මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර මෙම අර්බුද විසඳාගත යුතුය.
 
 මෙම සැලසුම් ක‍්‍රියාත්මක නොකර මං තීරු නීතියෙන් පමණක් මාර්ග තදබදය පාලනය කළ නොහැකි බව ආණ්ඩුව වටහා ගත යුතුය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles