Divaina - බලු බිස්නස් - (1) (මෙවැනි හිඟන වැඩ හිඟන්නෝවත් නොකරත්)

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

balusssවිසිවන සංශෝධනය පිළිබඳ හීනියට උද්ගත වෙමින් පවතින හීනි අර්බුදයක් නිසා ආණ්ඩුව හීනියට අල වී ගෙන යන මේ අවස්ථාවේදී ඒ ගැන අප වැඩිමනත් කතා නොකරන්නේ ප‍්‍රභාකරන්ගෙන් මේ රට ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කළ කැපවීම කිසිසේත්ම හීනියට ගණන් ගැනීමට බැරි බැවිනුත් ඒ කැප කිරීම පිළිබඳ කෘතවේදී මතකය අපේ හදවත් තුළ ලොකුවට පවතින බැවිනුත් ය. අලූත් ආණ්ඩුව පත්වී තවමත් තුන් මාසයක්වත් නැත. මේ නිසා ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රතිපත්ති විවේචනය කිරීමට කෙනකුට සාධාරණ අයිතියක් ද නැත. එහෙත් ආණ්ඩුවේ පරිපාලන ප‍්‍රතිපත්ති හෙවත් තීන්දු විවේචනය කිරීමට මේ රටේ ජනයාට සෑම කල්හිම අයිතිවාසිකමක් තිබේ. පොලිස් සුනඛ අංශයට අයත් විශ‍්‍රාමික සුනඛයන් විසිපස් දෙනකු වෙන්දේසි කිරීම සඳහා නුවර පොලිස් සුනඛ අංශය පසුගිය දා ගත් තීරණය විවේචනයට ලක් කළ යුතු ගොන් තීරණයක් බව අපගේ වැටහීමය. මෙසේ වෙන්දේසි කර විවිධ පුද්ගලයන්ගේ ගෙවල්වලට දක්කාගෙන ගොස් අදටත් ගස්වල ගැට ගසා සිටින මේ පොලිස් සුනඛ පිරිස සාපරාධී සිද්ධීන් තුන්සියයක් ද කුඩු කේස් හය සියයක් ද හෙළි කරගෙන ඒවාට වගකිව යුතු අපරාධකරුවන් අල්ලා ගැනීමට දායක වූ ”උතුම් මනුෂ්‍යයෝ” වෙති. පොලිස් රාළහාමිට ඉව නැත. සාජන් ට, එස්.අයි. ට, අයි.පී. ට, එස්.පී. ට සහ එස්.එස්.පී ට ද ඉව නැත. එසේම නියෝජ්‍ය පොලිස්පතිට සහ පොලිස්පතිට ද ඉව නැත. මේ සියලූ දෙනාටම මොළය තිබෙන්නට පුළුවන. එහෙත් මොළය සහ ඉව යනු දෙකකි. බෙල්ලට දම්වැලක් දැමූ පොලිස්කාරයෙක් හතරගාතයෙන් ඇවිද්දවාගෙන කිලෝමීටර් සියයක් ගෙන ගියත් කුඩු මුදලාලි කෙනකු හෝ ස්ත‍්‍රී ¥ෂකයකු අල්ලා ගැනීමට නොහැක. එහෙත් ඒ ආකාරයෙන්ම ගෙන යනු ලබන පොලිස් සුනඛයා පළමුවැනි කිලෝමීටර් දෙක ඇතුළත දී අපරාධකරු පිළිබඳ සියලූ හෝඩුවාවන් හෙළි කරගෙන තම දම්වැල අල්ලාගෙන දෙපයින් සිටින රාළහාමි අපරාධකරුවන් අල්ලන වීරයකු බවට පත් කරයි. එසේ වුවද පොලිස් බල්ලකුටත් වඩා ඉව තිබූ එකම එක පොලිස්කාරයෙක්
 
 පසුගිය දිනවල රහස් පොලිසියේ සේවය කළේය. හෙතෙම වූ කලී දැනට ස්විට්සර්ලන්තයට පැන ගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාය. ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා සමග එක්ව කෙළවරක් නැතිව අපරාධ කළ නිශාන්ත ද සිල්වා තමන් කළ නීච ක‍්‍රියා සම්බන්ධයෙන් ජම්පර් ඇඳීමට කාලය එළඹ ඇති බව ඉවෙන් දැනගත් වහාම, එනම් අලූත් ආණ්ඩුව පත්වූ වහාම ස්විට්සර්ලන්තයට පැන්නේය. එහෙත් ශානි අබේසේකරට මේ ඉව තිබුණේ නැත. මේ නිසා නිශාන්ත ද සිල්වා පවුල පිටින් ස්විට්සර්ලන්තයට යන අතර ශානි වැලිකඩ හිරගෙදරට ගියේය. තිසේරා ද දැන් දැන් එතැයි වැලිකඩ හිරගෙදර බලා සිටී. අපේ කතාව සුපුරුදු පරිදි අන් අතක යන බව පෙනේ. එබැවින් නැවත නිසි මාතෘකාවට එළඹෙමු. පොලිස් සුනඛයා යනු සුවිශේෂ සුනඛයෙකි. සෙසු සුනඛයින්ට පරිදිම සිව්පා, වලග සහ අවශේෂ නඩු භාණ්ඩ සියල්ලම තිබුණ ද පොලිස් සුනඛයා සුවිශේෂ වන්නේ සාපරාධී භාණ්ඩ, අපරාධ ස්ථාන සහ අපරාධකරුවන් ඉවෙන් හඳුනා ගැනීමට ඇති විශේෂ හැකියාව නිසාය. අපරාධකරුවකු පසුපස ඉව පාරේ පන්නන රාළහාමි පොලිස් බල්ලා විසින් අපරාධකරු අල්ලා දීමෙන් පසුව සාජන් කෙනකු ලෙස උසස් වීමක් ලබයි. පොලිස් සුනඛයකුගේ එකී සුවිශේෂ හැකියාව අවුරුදු කිහිපයක් තුළ එම සතාට දෙන පුහුණුව මත පදනම් වෙයි. පොලිස් සුනඛයකුට භාරකාර නිලධාරියෙක් සිටියි. මේ භාරකරු හඳුන්වනු ලබන්නේ Handler ලෙසය. පොලිස් සුනඛයා හැන්ඞ්ල් කරනු ලබන්නේ මේ කියන හැන්ඞ්ලර් විසිනි. සාමාන්‍යයෙන් මේ හැන්ඞ්ලර් මාරු කරනු නොලැබේ. දීර්ඝ කාලයක් හැන්ඞ්ලර් සමග එක්ව කටයුතු කිරීමේදී පොලිස් සුනඛයා හා එම හැන්ඞ්ලර් අතර පේ‍්‍රමයක් හෙවත් උත්තරීතර බන්ධනයක් හට ගනී. පොලිස් සුනඛයා හසුරුවන හැන්ඞ්ලර් සතියක විතර කාලයක් නිවාඩු දමා ගෙදර ගිය විට සුනඛයා ලෙඩ වෙයි. ඒ තම ස්වාමියා නැති කාංසාව නිසාය. (මේ වචනය සාංකාව ලෙස වැරදියට ලියනු ලැබේ.) ආහාර ගැනීමෙන් වළකින පොලිස් සුනඛයා බලාගත් අත බලාගෙන සිටින අතර එම සතාට සේලයින් දීමට සිදු වේ. තත්ත්වය නරක අතට හැරුණොත් ඒ බව හැන්ඞ්ලර්ට දන්වනු ලැබේ. එවිට ඒ උතුම් මිනිස්සු නිවාඩු පැත්තකට වීසි කර දමා සිය ආදරණීය සුනඛයා වෙත දිව එති. හැන්ඞ්ලර් සහ සුනඛයා එකිනෙකා හමුවන අවස්ථාව අතිශයින් හැඟුම්බර ඇසට කඳුළු නංවන අවස්ථාවකි.
 
 ඉතිරි කොටස හෙට

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles