Divaina - බත් එපා කියා වස ඉල්ලීම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රට ශීලාචාර කිරීමේ ව්‍යාපාරය පියවරෙන් පියවර සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය වේගයෙන් ක‍්‍රියාත්මකව ඇති බව පෙනේ. පාතාල භීෂණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය මුදාගත් විට ඉබේම රට ශීලාචාර වන බව පැහැදිලිය. එදා වසා දැමුණු බෝගම්බර බන්ධනාගාරයට යළි සිරකරුවන් ගෙනෙන්නට සිදුව ඇත්තේද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා පිරිස් බෙහෙවින් ඉහළ ගොස් ඇති නිසාය. දැනට ලංකාවේ බන්ධනාගාරවල සිටින පිරිස තිස් දහසකට ආසන්න වීම ඔරොත්තු නොදෙන තත්ත්වයකි. නමුත් මේ මෙහෙයුම් කිසි ලෙසකින්වත් නතර නොවේ. පාතාල මර්දනය සේම බන්ධනාගාර තුළත් අවනීතිය රජවීම නවතා ඇති බැවින් ඒවායේ සිටින පාතාල කෙරුමෝ බලවත්සේ කලබල වී සිටිති. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැුඳවියන් 45 දෙනෙකු පසුගිය බ‍්‍රස්පතින්දා ආහාර වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ වෙනදා මෙන් තමන්ට රිසිසේ කටයුතු කළ නොහැකි තත්ත්වය උදාවී ඇති නිසාය. දැන් නම් එම පිරිසෙන් 25ක් පමණ යළි බත් කන්නට පටන්ගෙන ඇත්තේ ඉහළ බලධාරීන්ගෙන් තමන්ට සහනයක් නොලැබෙන බව හොඳින්ම අවබෝධ වී ඇති නිසාය. එහෙත් කංජිපානි ඉම්රාන් නම් තවම ආහාර වර්ජනය අතහැර නැත. ඔහු ආහාර වර්ජනය කරන්නේ කැඳ හට්ටිය ඉල්ලා නම් නොවේ. විශේෂ කාර්ය බළකාය යටතේ ඇති බූස්සේ සිට වෙනදා මෙන් පාතාලය මෙහෙයවන්නට නොහැකි වීම නිසා කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු නඩය බත් එපාම කියති. මොවුන්ගේ ආහාර වර්ජනය ගැන රටේ ජනතාවට නම් ප‍්‍රශ්නයක් නැත. ගෙවුණු දශක කිහිපය පුරාම අපරාධ පමණක් නොව අපරාධකරුවන්ගේ වර්ධනයක් ද සිදුවන බව දක්නට ලැබිණි. විශේෂයෙන්ම මෙරට බන්ධනාගාර සියල්ල අපරාධකරුවන් නිර්මාණය කිරීමේ කම්හල් බවට පත්ව තිබූ නිසා ඒ වර්ධනය වඩා වේගවත් විය. එම නිසාම පාතාලයෙන් රට මෙන්ම බන්ධනාගාරද මුදා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජනපතිවරයාට සිදුවිය. බන්ධනාගාර පාලනය තමන්ගේ අණසකින් ගිලිහී ගොස් ඇති නිසා කංජිපානි ඉම්රාන් ඇතුළු නඩය බඩගින්නෙම මියයන්නට උත්සහ කරති. පොඩි ලැසී රටේ ඉහළම බලධාරීන්ට මරණ තර්ජන එල්ල කර ඇත්තේද බූස්සේ සිට තමන්ගේ පාතාල රාජධානි පාලනයට අවශ්‍ය වටපිටාව හා සහය නොලැබෙන නිසාය.
 
 බූස්සේ ආහාර වර්ජනයක යෙදෙන සිරකරුවන් ගැන ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පවසා තිබිණි.
 
 ”ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න සිරකරුවෝ ටික තමයි මේ රටේ ලොකුම අපරාධකාරයෝ ටික. ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන්. ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්, අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. නීතිඥ මහත්වරුන්ව චෙක් කරන්නේ නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස බන්ධනාගාරය ඇතුළට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්ධනාගාර නිලධාරී මහත්වරුන්ට කියලා තියනවා නම්, මම ආරක්ෂක ලේකම්, මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා අධි ආරක්ෂිත හිරගෙදර. ඒකට යන ඕනම කෙනෙක්ව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පවා එතනදි චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ. උපවාසය ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපේ රටේ ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට, බඩගින්න වැඩි වෙනකොට, මොකක්හරි හේතුවක් අරගෙන කවුරුහරි දෙන ෆෘට් ජූස් එකක් අරන් , තැඹිලි වතුර වීදුරුවක් බීලා නැගිටිනවා. මෙතනත් ඒ වගේ තමයි”
 
 ඇත්තෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය අගය කළ යුතුය. රටේ ජනතාව මේ ප‍්‍රකාශය අගය කරන අතර ඔවුහු පාතාල බලය ද පොඩි පට්ටම් කළ යුතු බව තදින්ම අවධාරණය කරති. එම නිසාම පොලිසිය හා ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ ගැන ඔවුන් තුළ ඇත්තේ ප‍්‍රසාදයකි. පාතාල නායකයකු කුමන වෙඩි පහරකින් මියගිය ද මහජනයා තුළ ඒ ගැන කම්පාවක් ඇතිවන්නේ නැත. පාතාල සාමාජිකයන් මෙන්ම පාතාල නායකයන් ද සමාජයට කරදරකාරී බව අමුතුවෙන් කිව යුතු නැත.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles