Divaina - නිරෝෂලාගේ කඳුළු කතාවට තිතක් තැබීමට නම්....

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අප රටක් ලෙස පවතිනුයේ සංවර්ධනය වෙමින් පවතින මට්ටමේය. මීට දශක ගණනකට පෙර පාසල් ගිය අද විශ‍්‍රාම සුවයෙන් සිටින හෝ විශ‍්‍රාම යෑමට අපේක්‍ෂාවෙන් සිටින සියලූ දෙනාම පාසලේදී සමාජ අධ්‍යයනය විෂය ඉගෙනීමේදී ශී‍්‍ර ලංකාව හඳුනා ගනු ලැබුයේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසිනි. තාමත් ශී‍්‍ර ලංකා මාතාව සංවර්ධන රාජ්‍යයක සිහින දකින්නීය. නිදහස ලබා වසර 72 ක් ඉක්ම යන මේ මොහොතේත් අප රට අසංවර්ධිත රාජ්‍යයක් ලෙස ඉතිහාසගත වන්නේ මෙතෙක් රට පාලනය කළ සියලූම පක්‍ෂවල අඩු වැඩි අඩුපාඩු නිසාවෙනි. මේ පක්‍ෂ නිශ්චිත ඉලක්කයන් ඔස්සේ මේ රට මෙහෙය වූවා නම් මෙවන් අසංවර්ධිත තත්ත්වයකින් අප රට පෙළෙන්නේ නැත. අසංවර්ධිතභාවයේ ප‍්‍රතිඵලය වනුයේ ඕනෑම රටක් තුළ දිළින්දන් වැඩිවීම හා ඒ හා පසුබිම්ව ගොඩනැගෙන තවත් සමාජ ප‍්‍රශ්න සමාජය හමුවේ ගොඩගැසීම පමණි.
 
 එවැනි අනුවේදනීය ප‍්‍රවෘත්තියක් ඊයේ (11* ජාතික පුවත්පත් කීපයක පළවී තිබිණි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
 
 ගිනිගත්හේන බෝගලකන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා පි‍්‍රයංගනී නමැත්තිය 38 හැවිරිදි තිදරු මවකි. ඇය දෘශ්‍යාබාධිතය. ඇයගේ ස්වාමි පුරුෂයා  මියගොස් වසර දෙකක් ඉක්මවා තිබේ. ඇය දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන්නීය. ඇය ඇතුළු දරුවන්ගේ කුසගිනි නිවෙන්නේ අහල පහල ගම්වාසීන් දෙන දෙයකිනි. පාසල් කාලයේදී ඇගේ දරුවන් කුසගිනි නිවා ගන්නේ ඔවුන් ඉගෙනුම ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විiාලයේ ගුරුවරුන්ගෙන් ලැබෙන ආහාර නිසාවෙනි. නමුත් පාසල් නිවාඩු කාලයේදී ඇයගේ දරුවන්ගේ
 
 කුසගින්නට වැඩි යමක් ලබා දීමට ඇයට නොහැකි වන්නිීය. ජීවිතයට මහ බරක් වූ මෙම අසරණභාවය දරාගත නොහැකි ඇය දරුවන් පාසල් නොයැවීමට තීරණය කරන්නේ ඇයට කළ හැකි අන් දෙයක් නොමැති නිසාවෙනි.
 
 මෙකී දරු පවුලට රාජ්‍ය මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් කවුරුන් හෝ උදව් කරන්නේ නම් එය මහත් පිංකමකි. ඊයේ වන විටත් මෙම දරුවන්ට පිහිට වීම සඳහා යහපත් ප‍්‍රතිචාර ලැබීම සතුටට කරුණකි. මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ හඳුනන මිනිසුන් අප අතර සිටීම රටට වාසනාවකි.
 
 මෙහිදී මතක් කළ යුතු විශේෂ කාරණය වන්නේ තවත් මෙවැනිම නිරෝෂා වැනි මව්වරුන් අනන්තවත් අප රටේ සිටින බවයි. ඔවුන්ගේ දුක්ගින්න නිවීමට නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුමය. කලක් අප සමාජයේ දුප්පතුන් නගාසිටුවීම සඳහා හාල්පොත් මුද්දර දුන්නේය. හිටපු ජනපති පේ‍්‍රමදාස මහතාගේ කාලයේදී ‘ජනසවිය’ ලබා දුන්නේය. අනතුරුව පැවැති සෑම රජයක්ම දුප්පතුන් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි ආධාර ලබා දුන්නේය. සමෘද්ධිය ලබන පිරිස දිනෙන් දින වැඩිවෙනවා මිස අඩුවෙන බවක් දකින්නට නොමැත. ඉන් ගම්‍ය වන්නේ සුළු ආධාරයක් ලබා දීමෙන් පමණක් දිළින්දන්ගේ ප‍්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන බවයි. එනිසා මෙම යථාර්ථය තේරුම් ගෙන සැබෑ ලෙසින් දිළින්දන් නඟාසිටුවීම සඳහා දැන්වත් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබේ.
 
 මේ සඳහා ක‍්‍රමවත් යාන්ත‍්‍රණයක් සකස් කිරීම එතරම් අපහසු නැත. ගම් මට්ටමින් ගත් විට ග‍්‍රාමසේවක, සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සැලකිය යුතු කොටසක් ගම ආශ‍්‍රිතව සේවාවේ යෙදී සිටිති. මෙම රාජ්‍ය නිලධාරීන්ගෙන් ලබා ගන්නා නිවැරදි දත්ත පද්ධතියන් ඔස්සේ සැබෑ ලෙසම නඟාසිටුවිය යුතු දුප්පතුන් හඳුනාගත හැකිය. එසේ හඳුනාගැනීමෙන් අනතුරුව ප‍්‍රථම අදියරේදී කුටුම්භයක් ශක්තිමත් කළ හැකි අයුරින් යම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ හැකි නම් ඉතා සාර්ථක අන්දමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකිය. දෙවැනි අදියරේදී කළ යුත්තේ අදාළ කුටුම්භයේ සිටින කීපදෙනකුට ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි වැඩපිළිවෙළක් හඳුන්වා දීමය.
 
 අප ඉහතින් සඳහන් කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගම් ඉලක්ක කරගත් නිෂ්පාදන කි‍්‍රයාවලියක් ඇරඹීම, ගම ඉලක්ක කර ගත් කර්මාන්ත ශාලා බිහිකිරීම, අදාළ ප‍්‍රදේශ අනුව කෘෂිකාර්මික ජනපද බිහිකිරීම වැනි ක‍්‍රියාමාර්ගවලට පහසුවෙන් යා හැකිය. ‘ගම හදා රට හදමු’ යැයි සංකල්පයක්   පසුගිය කාලයේදී පවා තිබිණි. එයට යළිත් පණ දීමට අවස්ථාව එළඹ ඇත.
 
 මේ වන විටත් දුප්පතුන් නඟා සිටුවීම සඳහා රජය වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබීම ඉතා අගනේය. රජය පවසන්නේ දුප්පත් පවුල්වල සිටින ලක්‍ෂයකට
 
 රැුකියා ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට පියවර ගන්නා බවය. එසේ දුප්පතුන්ට
 
 රැුකියා ලබාදීම ලක්‍ෂයකට පමණක් සීමා නොකර රටපුරා සිටින දුප්පතුන් තෝරා බේරාගෙන ඔවුනගේ ජීවන තත්ත්වය ද නඟා සිටුවීමට පියවර ගත යුතුව තිබේ.


 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles