Divaina - නන්දි (02)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

haraksගව ඝාතනය තහනම් කරනු පිණිස අගමැති මහින්ද රාජපක්ෂ ගන්නා උත්සාහය ගැන ඊයේ මේ තීරුව ඔස්සේ සාකච්ඡුා කරන ලදී. නන්දි නමැති දිව්‍යමය ගවයෙක් දෙව්ලොව වෙසෙත්. මේ ගව තෙමේ සිතූ පැතූ සම්පත් දෙත්. හින්දුවරු මේ ගවයා අදහන බැවින් හරක් මස් නොකති. ලොව එකම හින්දු රාජ්‍යය වන නේපාලයේ ජනයා එළ ගවයන්ට පුද පූජා පවත්වා මී හරක් මස් අනුභව කරති. මේ ගැනත් අපි ඊයේ කතා කළෙමු. අද තවත් ටිකක් එහාට විස්තර කතා කරමු.
 
 හරක් මස් කෑම තහනම් කිරීම සඳහා පටන් ගත් ව්‍යාපාර කිහිපයක් පසුගිය අවුරුදු දෙසීය තුළ විනාශයට පත්විය. සිංහලයා ජාතියක් වශයෙන් ගත් කල ගෙරි මස් හෙවත් හරක් මස් අනුභවය පිළිකුල් කළ පිරිසකි. යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ලංකාව අත්පත් කර ගැනීමෙන් පසු හරක් මස් අනුභවය සමාජගත වූ නමුදු කන එකෙක් වෙතොත් ඒවා කෑවේ කාටත් හොරාය. අනගාරික ධර්මපාලතුමා හරක් මස් කෑමට බෙහෙවින් විරුද්ධ විය. පියදාස සිරිසේන හරක් මස් කෑමට එරෙහිව දේශන පැවැත්වීය. ගැල් ගවයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ගැල් ගව මිතුරෝ නමැති සංවිධානයක් ශ‍්‍රී ලංකාවේ ඇත. නිර්මාංශ ප‍්‍රතිපත්තිය ප‍්‍රවර්ධනය කරනු සඳහා ඇතැම් භික්ෂු සංවිධාන ජාතික සංවිධාන ද කටයුතු කළ නමුදු ලංකාවේ හරක් මස් කෑම හැම අවුරුද්දකම වැඩි විය. හරකුන් සහ එළුවන් ලක්ෂ ගණනින් මස් මඩු වලදී මරා දැමෙද්දී කුකුළන් කෝටි ගණනින්ද, මත්ස්‍යයන් ප‍්‍රකෝටි ගණනින්ද මනුෂ්‍යයන්ගේ අනුභවය පිණිස කෑම මේසයට ගෙනෙන ලද්දාහ. මිනිසා යනු අතට අසුවෙන සතා මරාගෙන කන ජීවියෙකි. ඒ සඳහා අවශ්‍ය ජීව විද්‍යාත්මක පෙලඹවීම මනුෂ්‍ය මනස තුළ උපතින්ම තැන්පත්ව ඇත. ඒ අනුව ගව එළු, කුකුළු, මත්ස්‍ය පමණක් නොව බැටළු, අශ්ව, මුව, ගෝන යනාදීන්ද, ඉත්තෑවන්, කබල්ලෑවන්. සාවුන්, වටුවන, මී මින්නන්, හෝතම්ඹුවන් වැනි අහිංසක සතුන්ද හේ අනුභව කරයි. සමහර මිනිස්සු ඌරු මීයන්ද කති. තවත් සමහරු වවුලන්ද, නයින්ද, බල්ලන් ද, පූසන් ද මරා අනුභව කරති.
 
 මෑත කාලයේදී හරක් මස් තහනම් කිරීමට මුල්ම යෝජනාව ගෙනෙන ලද්දේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසිනි. නොකාම බැරි එකෙක් වෙතෙත් පිට රටින් හරක් මස් ගෙන්වා අනුභව කළ යුතු බවත් මෙරට හරකුන් මරාගෙන කෑම තහනම් කළ යුතු බවත් ඔහු කීවේය. මෙකල්හි හරක් මස් ලෝලී ජනතාවද හරක් මසට ගැති විවිධ ආගමික කල්ලි ද මෛත‍්‍රීපාල සිරිසේන මරා ඔහුගේ මස් අනුභව කිරීමට කල්පනා කළහ. මේ වන විට මෛත‍්‍රීපාල සිරිසේන ගේ ගෙල සිඳීමේ ව්‍යාපාරයක් යහපාලන ආණ්ඩුව තුළ මතුව තිබූ බැවින් හරක් මස් තහනම පිළිබඳ යෝජනාව යට ගියේය. ශ‍්‍රී ලංකාවේ ගව ගහනය ගැන හරිආකාර වාර්තා නැත. වසර 2012 වාර්තාවලට අනුව කිරි එළදෙන්නු දොළොස් ලක්ෂ තිස් පන්දහස් පන්සිය තිස් පහක් ද මී දෙන්නු හාරලක්ෂ දා හතර දහස් හයසිය තිහක්ද ලංකාවේ වාසය කළහ. පසුගිය අවුරුදු අට තුළ මේ සියලූම දෙනා මරාගෙන කන ලද බැවින් දැන් සිටින්නේ අලූත්ම හරක් සෙට් එකකි. ශ‍්‍රී ලංකාවට කිරි ගවයන් මහත් සේ අවශ්‍යය. වසර 2012 ගණන් හිලව් වලට අනුව මෙරට නිෂ්පදනය කෙරුණු එළ කිරි ප‍්‍රමාණය ලීටර් දස ලක්ෂ තුන්සිය තිස් හයකි. එහෙත් රටේ සම්පූර්ණ එළ කිරි අවශ්‍යතාව සංතෘප්ත කිරීම සඳහා කිරි ලීටර් බිලියනයක් නිපදවීම අත්‍යවශ්‍යය. සාමාන්‍යයෙන් එළ දෙනක් සිය ජීවිත කාලයේදී පස් වතාවක් පැටවුන් දමයි. එනම් ඇය සිය ජීවිත කාලයේදී පස් වතාවක් රටට කිරි ලබා දෙයි. මෙසේ කිරි ලබාදීමෙන් පසු කිරි ගොවියාට ඇගෙන් තවදුරටත් වැඩක් නැතිවන බැවින් ඇය මසට මරනු පිණිස මස් කඬේට විකුණනු ලැබේ. මස් මඩුවල සිටින ගව ඝාතකයන් අන්‍ය ජාතිකයන් පමණක් යැයි ඔබ සිතන්නෙහිද? අන්‍ය ජාතිකයන් පමණක් නොව සිංහලයෝද මස් මඩු තුළ හරක් මරති. මේ මිනිසුන් හරකුන් මරන්නේ අමු තිරිසනුන් හැටියට ක‍්‍රියා කරමිනි. මේ රටේ නීතියට අනුව එළදෙනුන් මැරීම තහනම්ය. වසු පැටවුන් මැරීම ද තහනම්ය. එහෙත් වසු පැටවුන් ගේ මසට විශාල ඉල්ලූමක් ඇති බැවින් ඒ සතුන් හොරෙන් ඝාතනය කරනු ලැබේ. වහු මස් ඪැ්ක ලෙස ප‍්‍රසිද්ධය. හරක් මස් කිලෝවක් රුපියල් එක්දහස් තුන්සීයයක් නම් වහු මස් කිලෝවක් රුපියල් පන්දහසකි. මනුෂ්‍යයාගේ බෝක්කු කටේ කුණු රස නහර පිනවීම සඳහා සත්තු දිවි දෙති. හරකුන් මරන්නේ කකුල් කඩා බිම හෙළා ඔලූවට කුළු ගෙඩි වලින් පහර දීමෙනි. ඌරන් මරන්නේ ගස් බැඳ උතුරන වතුර දමා පහර දී ඇඟ පත් ඉදිමෙන්නට හැර කිහිලි වලට පිහි වලින් ඇනීමෙනි. මාළුවෙක් ඇම ගිල්ල පසු මසුන් මරන්නා බිලී පිත්ත ඉහළට අදී. එවිට මාළුවාගේ ආමාශයේ තැන්පත් වූ බිලී කොක්ක බඩවැල් හා උගුර ඉරාගෙන උඩට විත් උඩු තල්ල පසාරු කරගෙන යයි. ඉන්පසු පණ ගැහෙන මාළුවාගේ හිසට පොලූ වලින් පහර දී මන්න වලින් කොටා මරනු ලැබේ. සතුන් මරන හැම කෙනකුටම මේ ආකාරයේ කෲර මරණ අත්විය යුතු බව අපගේ ප‍්‍රාර්ථනයයි. ලෝක පාලක දෙවියන් ඒ යුතුකම ඉටු නොකරන්නේ නම් මනුෂ්‍යයෝ ඒ යුතුකම ඉටු කිරීම උදෙසා ස්වෙච්ඡුාවෙන් සංවිධානය විය යුත්තාහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles