Divaina - නන්දි (01)

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මස් පිණිස ගවයන් ඝාතනය කිරීම තහනම් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබ තිබේ. මෙහිදී අගමැතිතුමාගේ  ”මස් පිණිස ගවයන් මැරීම” යන කොටස සිය වාසියට පාවිච්චි කිරීමට ගව ඝාතනයෙහි යෙදෙන මස් මඩුකාර අළුගෝසු කපටින් උත්සුක වීමට ඉඩ තිබේ. සමහරවිට මේ  අළුගෝසුවන් මස් පිණිස නොව ආත්මාරක්ෂාව පිණිස ගවයන් මැරීමට පටන් ගන්නවා ඇත. ගවයා තමන්ට අනින්නට ආ බව හෝ ගවයා තමන්ට පසු පස ගාත්වලින් පහර දුන් බව කියමින් හෝ මේ වංචනික කපටින් හරකුන් මරනවා ඇත. ආත්මාරක්ෂාවට මැරූ ගවයා අනුභව කිරීම තහනම් බවට නීතියක් ලංකාවේ නැත. මේ වන විට ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය කිහිපයකම එළ හරකුන් මැරීම තහනම්ය. එසේම ලොව එකම හින්දු රාජ්‍යය වන නේපාලයේ නීති රීතිවලට අනුව එළ හරකුන් මැරීම, එළ හරක් මස් ළඟ තබා ගැනීම සහ එම මස් අනුභව කිරීම හිරේ දමන වරදකි. එයට හේතුව සත්ත්ව අහිංසා ප‍්‍රතිපත්තියක් නොව හින්දු සංස්කෘතිය තුළ එළ ගවයාට පූජනීය තැනක් හිමි වීමය. හින්දු දේව කතාවලට අනුව සිතූ පැතූ සම්පත් දෙන නන්දි නමැති එළ ගවයෙක් දිව්‍ය ලෝකයේ සිටී. රන් කැටයම් සහිත මැණික් එබ්බවූ රාජාභරණවලින් සැරසී සිටින නන්දිට ඉන්දියාවේ ඇති තැන ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ඇති තැනට වඩා බලවත්ය. ඇමරිකානුවන්ට සිතූ පැතූ සම්පත් ලබා දීමට ට‍්‍රම්ප්ට නොහැක. එහෙත් ජනප‍්‍රිය හින්දු දේව කතා සංස්කෘතියට අනුව හින්දු ආගමිකයන් හිතන පතන ඕනෑම දෙයක් එසැණින් ලබා දීමට නන්දිට හැකියාව තිබේ. කිසියම් හින්දු බැතිමතෙක් නන්දිගෙන් ඉල්ලන දෙයක් එකී හින්දු බැතිමතාට නොලැබෙන්නේ නන්දිගේ අඩුපාඩුවක් නිසා නොව එම බැතිමතා ආගම අදහන ක‍්‍රමයේ අඩුපාඩුවක් නිසාය. මෙවැනි ප‍්‍රශ්න මේ ආකාරයෙන් අර්ථ කථනය කිරීමෙන් භෞතිකවාදීන්ට වැඩිදුර කතා කිරීමට ඉඩ නොලැබේ. සමහර ප‍්‍රශ්න ඔළුවෙන් විසඳිය හැකි අතර තවත් සමහර ප‍්‍රශ්න කටින් විසඳිය හැකිය. නන්දි පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ඇත්තේ ඔළුව පාවිච්චි කර කටිනි. ශ‍්‍රී ලංකාවේ දියර කිරි සහ කිරි පිටි අවශ්‍යතා සියයට අසූවකට වඩා විසඳනු ලබන්නේ එළ ගව ප‍්‍රජාව විසිනි. මහත් සිල්වත්, සතුන්ට ආදරය කරන, තමන්ට කිරි සපයන එළදෙන අසනීප වුණොත් ? නොනිදන කිරි පට්ටිකාරයෝ එම සතුන් මහලූ වූ කල ”අනේ ඉතිං මොනවා කරන්න” දැයි කියමින් හිස කසා මහලූ ගව රැුළ එහෙම පිටින්ම මස් කඬේට විකුණති. ඇතැම් ධාර්මික කිරි පට්ටිකරුවෝ මේ කාරණයේදී හෘද සාක්ෂියෙන් ගැලවීම සඳහා අපූරු ”රෙඩි මේඞ්” උත්තරයක් හෘද සාක්ෂිය තුළම රුවාගෙන සිටිති. මහලූ වියට පත් එළ හරකුන් සහ එළ දෙනුන් මස් කඩයට පටවන්නේ මන්දැයි විමසීමේදී මේ ධාර්මික ”මී හරකුන්” කියන්නේ ස්වකීය මහලූ ගව ගහණය තවදුරටත් නාකි වී පත්වීමට නියමිත දුකින් මුදවනු පිණිස උන් මස් කඩයට දුන් බවය. නේපාලයේ එළ හරකුන්ට හිමි තැන පිළිබඳව තවත් යමක් කිව යුතුය. එනම් නේපාලය තුළ ශුද්ධවන්තයකු වන්නේ එළ හරකා පමණි. මී හරකාට එවැනි උත්කෘෂ්ට තැනක් නැත. ඒ අනුව නේපාල ජාතිකයෝ මී හරකුන් මරා ”හෝල් සේල්” අනුභව කරති. මී හරක් මස් සොසේජස්, මී හරක් මස් ලිංගුස්, මී හරක් මස් මීට් බෝල්ස් සහ සීත කළ මී හරක් මස් නේපාලයේ කඩවල ඕනෑ තරම් ඇත. එසේම නේපාලයේ කත්මන්ඩු අගනුවර තිබෙන ෆාස්ට් ෆුඞ් කඩවල මී හරකාගේ පිංතූරය ප‍්‍රදර්ශනය කරමින්ම සොසේජස් විකුණනු ලැබේ. මේ කාරණය සම්බන්ධයෙන් අවසන් වශයෙන් අපේ පාඨකයාට දැනුම් දීමට ඇති කාරණය මෙසේය; නේපාලයේ ප‍්‍රධාන පාරවල් මැද එළ හරක් ලැග සිටින විට නේපාල රියදුරෝ ගවයා එහා මෙහා වන තුරු පැය ගණන් රැුක සිටිති. ගවයා පාරෙන් ඉවත් කිරීමේ අයිතිය ඒ මිනිසුන්ට නැති අතර, ඇති එකම අයිතිය වන්නේ එළ ගවයා ඉවත්වන තුරු ඌට වැඳ නමස්කාර කරමින් ලකා ගහගෙන පාරේ සිටීම පමණි. ලෝකය යනු මෙබඳු වංචනික බොරුවලින් පිරී ඇති තැනකි.
 
 ඉතිරි කොටස හෙට
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles