Divaina - අනාතවිල්ලූව (02) ලංකාගොම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


lankagaamමහවැලි ගෙඟ් වතුර උතුරට ගෙන ගොස් එම ප‍්‍රදේශය ජලයෙන් පෝෂණය කිරීමටත් මහවැලි ගඟ දෙපස නිම්නය සංවර්ධනය කිරීමටත් 1961 දී එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයට අවශ්‍ය විය. මෙය යෝජනා ක‍්‍රමයක් ලෙස ඇගයීමකට ලක් කිරීමෙන් පසු අවුරුදු තිහක් තුළ ක‍්‍රියාත්මක කර අවසන් කිරීමට තීරණය විය. 1975 දී මෙකී තිස් අවුරුදු මහවැලි යෝජනා ක‍්‍රමය අරඹන ලදී. 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පැරදුනු අතර මහවැලි යෝජනා ක‍්‍රමය සියතට ගත් ජේ.ආර්. ජයවර්ධන එම යෝජනා ක‍්‍රමය අවුරුදු හයකින් ඉදිකර අවසන් කිරීමට කටයුතු සම්පාදනය කළේය. එකල මේ යෝජනා ක‍්‍රමය භාරව කටයුතු කළෝ එංගලන්තයේ බැල්ෆර් බීටී නටෝල් සහ ස්වීඩනයේ ස්කන්ස්කා සිමෙන්ට් ජුටි‍්‍රට් යන සමාගම්ය. මහවැලි යෝජනා ක‍්‍රමයේ පොල්ගොල්ල වේල්ලට අදාළ කොටසේ ඉදි කිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සහ යකඩ කොළඹ සිට නුවර පාර දිගේ නුවරට ප‍්‍රවාහනය කරන ලදී. මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය පිරවූ ලොරි කඩුගන්නාවේ ගල් උමග තුළින් ගෙන යෑමට නොහැකි විය. එයට හේතුව එම උමග ලොරියේ උසට අඩු වීමය. ඒ අනුව ගල් උමග පුපුරුවා හැර ප‍්‍රවාහන අරමුණු සාර්ථක කරගත යුතු බව විදේශික කොන්ත‍්‍රාත්කරුවෝ මෙරට දේශපාලන ප‍්‍රධානීන්ට කීහ. එහෙත් එවකට ජනාධිපති ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන එම යෝජනාවට තරයේ විරුද්ධ විය. ගල් උමග පිපිරවීමට පෙර තමාම පුපුරුවා ගැනීම වඩා සුදුසු බව කී ජේ. ආර්. උමග වටා පාරක් කප්පවා ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනයට පහසුකම් සපයා දී උමග ආරක්ෂා කිරීමට පියවර ගත්තේය. බටහිර ගැත්තකු ලෙසත්, සංස්කෘතිය විනාශ කරන්නකු ලෙසත් ජේ. ආර්. ජයවර්ධන හඳුන්වා දෙමින් හෙණ ඉල්ලන අවස්ථා අපට අසන්නට ලැබෙයි. එහෙත් වනාතවිල්ලූවේ ඉඩම් සංහාරය කළ අයටත් සිංහරාජය මැදින් ලංකාගමට පාර කැපූ අයටත් වඩා ජේ.ආර්. ජයවර්ධන කොතරම් යහපත් සහ ගුණගරුක මිනිසකුද යන්න අප මෙහිදී කල්පනාවට ගත යුතුය.
 
 යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී මේ රටේ පරිසරයට සලකන ලද්දේ වල් පඳුරු බහුල කැලෑ මණ්ඩියක් හැටියටය. මේ රටේ සියලූ වැසි වනාන්තර දරට ගස් කැපීමට යෝග්‍ය රබර් වතු ලෙස සැලකීම යහ පාලකයින්ගේ පුරුද්ද විය. මේ ආණ්ඩුව ද ඒ පුරුද්ද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පටන් ගත්තොත් එය මහත් විපතකි. පොහොට්ටු ආණ්ඩුව බලයට පත් වූ පසු පරිසර සංහාර කිහිපයක් සිදු විය. මුලින්ම ආනවිලූන්දාවේ රැුම්සා තෙත් බිම්වල ඉස්සන් කොටු ඉදිකිරීම සඳහා අක්කර දෙසීයක් ඩෝසර් කරන ලදී. ඊළඟට මාතලේ මුවගල කන්දේ විශාල ප‍්‍රදේශයක ගස් කපා එළි කරන ලදී. මේ එළි කිරීමට හේතුව සංචාරක හෝටලයක් සෑදීමට ඉඩ ලබා ගැනීම ය. ඊළඟට වනාතවිල්ලූවේ ඉඩම් අක්කර දෙසීයක් ගිනි තබා වනසන ලදී. වනාතවිල්ලූව පිහිටා ඇත්තේ විල්පත්තු රක්ෂිත වනයට යාබදවය. මෙකී අක්කර දෙසීයේ තිබූ ගස් අවුරුදු දෙතුන් සීය පරණ ඒවාය. රක්ෂිතයට ගිනි තබන ලද්දේ මේ ගස් ඉතා ආදරයෙන්ද ඉතා සුරක්ෂිතව ද කපා ඉවත් කර ගැනීමෙන් පසුවය. ගහට ගහක් මොරටුවේදී හමුවීමේ පදනම මත මේ ගස් මතු යම් දවසකදී මොරටුවේ වඩු පට්ටල්වලදී යළි හමුවී කියතට යාමට පෙර ආගිය තොරතුරු කතා කරනවා ඇත.

මේ සියල්ලටම අමතරව ආඬිගල වැව් රක්ෂිතයේ පෝෂණ කලාපයද නීති විරෝධී ලෙස එළි කරන ලදී. මෙය එළි පෙහෙළි කළෝ ගිය ඡන්දයෙන් දිනූ මන්ත‍්‍රී කෙනකුට වැඩ කළ අය ය. එසේම හන්තානේ මනරම් කඳුකරයට අයත් අක්කර අටක ඉඩමක් වගා කටයුතු සඳහා එළි කළැයි  දැනගන්නට තිබේ. එම ඉඩමේ ප‍්‍රමාණය අක්කර අටකි. ඉඩමේ අයිතිකරු ලක්ෂ්මන් කිරිඇල්ල වන නමුදු එය හන්තාන රක්ෂිතයට අයත් මුහුදු මට්ටමට අඩි තුන්දාහක් උසින් පිහිටි ඉඩමකි. සිංහරාජය මැදින් ලංකාගම හරහා මේ දිනවල කපන පාර ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඉදි කරන ලද්දක් බව කියනු ලැබේ. මේ පාර මගින් නෙළුවේ සිට දෙනියාය වෙත විනාඩි හතලිස් පහකින් ගමන් කළ හැකිය. පාර කපන කට්ටිය කියන්නේ ලංකාගම ජනයා අසනීප වූ විට ඔවුන් කරාපිටිය රෝහලට ගෙන යාම සඳහා මේ පාර ප‍්‍රයෝජනවත් වන බවය. මෙහිදී ආණ්ඩුව කළ යුත්තේ සිංහරාජය වනසමින් පාරක් කපා ලංකාගම රෝගී ජනයා කරාපිටිය රෝහලට යැවීමද, නොඑසේ නම් නෙළුවේ ප‍්‍රාදේශීය රෝහල දියුණු කිරීම ද යන ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. සිංහරාජය හරහා පාර කපන සල්ලිවලින් සියයට විස්සක් යොදවා නෙළුව රෝහල හොඳම මට්ටමකට ගෙන ආ හැකි බව අපගේ වැටහීමය. ඒ සංකල්පය පැත්තකට දමනවා නම් ආණ්ඩුවට කළ හැකි වැදගත් කටයුත්තක් තිබේ. එනම් කොළඹ මහ රෝහල දියුණු නොකර සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යාමට හයිවේ එකක් තැනීමය. වඩා හොඳ රෝහල් සඳහා මේ හයිවේ එක ඇමරිකාවටම දීර්ඝ කළ හැකි අතර එමගින් යහපාලන ආණ්ඩුවේ අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට පොහොට්ටු කට්ටියට හැකියාවක් ලැබෙන්නේය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles