Divaina - ගෝඨා තියරිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට තරග කළ කාලයේදී සිය ප‍්‍රචාරක කටයුතුවලදී අන් අයට මඩ ගැසුවේ නැත. අන් නායකයන් ගෝඨාභයට මඩ ටොන් ගණනින් ගැසුවද ඒවායින් ඔහු සැලූනේද නැත. ඔහු කළේ රට ගොඩනැගුම සඳහා වූ ඔහුගේ දර්ශනය හා ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීම පමණි. එපමණක් නොව කටවුට් පෝස්ටර් වැනි ලාබ ප‍්‍රචාරක මාධ්‍ය පවා ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ තියරිය බහුතර ජනතාව අනුමත කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ හැටනවලක්‍ෂයක් ජනතා ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විධායක ජනාධිපති ධුරයට පත් වීමයි.
 
 අපට මේ කතාව හිටි හැටියේ මතක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ පෙරේදා කළ කතා දෙකක් නිසාවෙනි. එක් කථාවකින් කියැවුණේ තමා රට වෙනුවෙන් කාර්ය බහුල නිසා උත්සව, ත්‍යාග ප‍්‍රදාන, මංගල උත්සව වැනි පෞද්ගලික කාරණාවලට තමාට ආරාධනා නොකරන ලෙසයි. ජනතාව තමන්ට පැවරූ ජාතික වගකීම ඉටුකිරීමට අවශ්‍ය තරම් කාලය ගතයුතු නිසා පෞද්ගලික උත්සව සඳහා තමන්ට ඇරයුම් නොකිරීමට කාරුණික වන්නැයි ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. අප දන්නා ඉතිහාසයේ මෙවැනි ඉල්ලීමක් කළ ජනනායකු පිළිබඳව අපට මතක නැත.
 
 ජනාධිපතිවරයාගේ අනෙක් ප‍්‍රකාශයෙන් කිය වුණේ අනිවාර්යයෙන්ම බදාදා දිනවල ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශවල රැුඳී සිටින ලෙස කළ දැනුම් දීමයි. බොහෝ ඈත පළාත්වල සිට සිය දහසක් ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා එන ජනතාව හිස් අතින් නොයවන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි.
 
 මෑතකාලීනව ගත්විට බන්ධනාගාර නිලධාරීන්ට කළ සැර කතාව වගේම මහ බැංකු නිලධාරීන්ට කන් රිදෙන්න ජනපති කළ කතාවට මාධ්‍යවලට වැඩි ඉඩකඩක් ලැබිණි. දේශපාලනයේ ඉහළින් දෙන මෙම ආදර්ශය පහළට නිසි ලෙස ගමන් කළහොත් වැටී ඇති අප රට ගොඩගැනීමට බැරිකමක් නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ කැපවීම සහ අවංකභාවය පමණි.
 
 කාලයක් තිස්සේම අපේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනවලින් යම්කිසි රාජකාරියක් කරගැනීමට යෑමේදී අති දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. ජනතාවගේ අවශ්‍යතා පැහැර හැරීම, ජනතාව රස්තියාදු කිරීම, මෙන්ම සමහර අවස්ථාවලදී අදාළ කටයුත්ත ඉටුකර ගැනීම සඳහා අත යටින් අල්ලස් දීමට පවා සිදුවිය. රාජකාරිය කරගැනීමට පැමිණියේ ඇහැට කනට පෙනෙන කාන්තාවක් නම් ඇතැම් අවස්ථාවලදී ලිංගික අල්ලස් පවා දීමට ද සිදුවිය. දිගින් දිගටම අප රටේ රාජ්‍ය සේවය නන්නත්තාර වීමට අප ඉහතින් සඳහන් කළ හේතු පාදක විය. ඊට අමතරව රාජ්‍ය සේවයේ නිසි තැන්වලට සුදුසු නිලධාරීන් පත් නොකිරීමද රාජ්‍ය සේවය කඩාවැටීමට හේතු විය. ඇතැම් ආයතනවල විෂය පථය පිළිබඳව කිසිම අවබෝධයක් නැති අය එම තනතුරුවලට පත්කෙරිණි. තවත් සමහරු දක්‍ෂ වුවත් විෂය කරුණු හොඳින් අවබෝධ කරගෙන තිබුණ ද රට ගැන කිසිදු ආදරයක් කැක්කුමක් නැති නිසා බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් විය. දැන්වත් මේවා නිවැරදි විය යුතුය. රටේ, ජාතියේ අනාගතය ඉදිරියට ගෙනයා හැකි අයුරින් රාජ්‍ය සේවය කළමනාකරණය කළ යුතුය. ඊට සමගාමීව පෞද්ගලික අංශය ද කාර්යක්‍ෂම ලෙස රටේ සංවර්ධන කි‍්‍රයාවලියට මුසුකර ගත යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉහළින් ලබාදෙන ආදර්ශය, මෙම පණිවිඩය මේ රටේ ඇමැතිවරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන් මැනවින් තේරුම්ගත යුතුව ඇත. විශේෂයෙන් මෙම කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම මෙන්ම ඵලදායී ලෙස රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීම සඳහා පසු විමර්ශනයක් ද අත්‍යවශ්‍යය. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් මෙන්ම සෙසු පිරිසද තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන්නේ ද යන්න සොයා බැලීමට ඒ සඳහා හොඳින් පුහුණු කළ කණ්ඩායමක් යෙදවිය යුතුය. එසේ වුවහොත් ‘ගෝඨා තියරිය’ වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව අපගේ විශ්වාසයයි.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles