Divaina - කොරෝනා සංස්කෘතිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

korosකොරෝනා වසංගතය පිළිබඳව නැවත වරක් සමාජය අවදි කරන්නට සිදුව තිබේ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පසුගිය දින දෙක තුළ පැය 48ක කාලයකදී ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 80 දෙනකු හමු වීමය. මේ සියලූ ආසාදිතයන් විදේශ රටවල සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ. අප‍්‍රියෙල් 30 වැනිදා සිට මේ දක්වා සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමු වී නොමැති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුණද, පෙර පරිදිම සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිර්දේශ පිළිපදින ලෙස යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
 කොරෝනා වසංගතයේදී ලෝකයේ සෑම රටකම පුරවැසියන්ගේ හැසිරීම සතුටුදායක වූයේ නැත. මේ නිසා බොහෝ රටවල පාලකයන්ට කොරෝනා මර්දනය කිරීමට ඉතා තද නීතිරීති ක‍්‍රියාත්මක කිරීමට සිදු විය. විශේෂයෙන් චීනය, පිලිපීනය, සිංගප්පූරුව වැනි රටවල් ඉතා තද නීති රීති ක‍්‍රියාත්මක කරනු දක්නට ලැබිණි. සිංගප්පූරු රජය විසින් කොරෝනා මර්දන නීති කඩ කළ ශ‍්‍රී ලාංකික පාසල් සිසුවකුට පැනවූ දඩ මුදලක් හේතුවෙන් සිත් තැවුලට පත් සිසුවා සියදිවි නසාගෙන තිබුණි. එසේ වුවද සිංගප්පූරුව ඔවුන්ගේ කොරෝනා නීති ලිහිල් කළේ නැත. නමුත් අප රටේ වසංගත තත්ත්වය පාලනය කිරීමට දැඩි නීති ක‍්‍රියාත්මක වූයේ නැත. ජනතාව සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අකුරටම සිදු නොකළද වසංගතය හිතපු තරම් දරුණු වූයේ ද නැත. නමුත් වසංගත අවදානම තවමත් එලෙසම තිබෙන බව අප අමතක නොකළ යුතුය. එම නිසා සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාවලිය දිගටම කරගෙන යා යුතුය.
 
 කොරෝනා වසංගතය පැතිර යා හැකි ප‍්‍රධාන මධ්‍යස්ථාන වන්නේ පොදු ප‍්‍රවාහන සේවා ය. චීනය තුළ හමු වූ ආසාදිතයන්ගෙන් සියයට අසූ දෙනකුට වෛරසය ආසාදනය වී ඇත්තේ නිවස තුළදීය. නිවස තුළදී වෛරසය ආසාදනය වී ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන පවුලේ සාමාජිකයන් නිසාය. මේ නිසා චීනය කොරෝනා මර්දනය කිරීමේදී ප‍්‍රමුඛතාව දුන්නේ පොදු ප‍්‍රවාහන සේවයෙන් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමටය. නමුත් ශ‍්‍රී ලංකාවට එවැනි පැහැදිලි වැඩපිළිවෙළක් නැත. පොදු ප‍්‍රවාහන සේවයේ සෞඛ්‍ය නිර්දේශ මුලින්ම කඩ කරන්නේ රියැදුරන් සහ කොන්දොස්තරලාය. මේ වන විට මේ පිරිසෙන් බහුතරයක් මුඛ ආවරණ පළඳින්නේ නැත. ඔවුන්ට අත් පිරිසිදු කරගැනීමට විෂබීජ නාශක දියර බස්රථවල නැත. රජය මේ පිළිබඳව සියලූ බස් සංගම් දැනුවත් කළ යුතුය. සෞඛ්‍ය නිර්දේශ කඩ කරන බස් රථ පිළිබඳව සොයා බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීමය. ඔවුන්ට ඒ සඳහා බලය පැවැරීම රජයේ වගකීමය.
 
 මේ වන විට සමස්ත ලෝකයම මුහුණ දී සිටින්නේ පශ්චාත් කොරෝනා සංස්කෘතියකටය. එම සංස්කෘතිය ලෝකයට අවශ්‍ය ය. මන්ද කොරෝනා වසංගතය මෙතැනින් අවසන් වන්නේ නැත. එය කෙසේ අවසන් වේද යන්න ගැන ලෝකයට කිසිදු අවබෝධයක් නැත. මේ වසංගතයෙන් ගැලවීමට ඇති එකම ම`ග හැකි ඉක්මනින් එන්නතක් සොයා ගැනීමය. අප වැනි දිළිඳු රටකට සිදුවන්නේ වෙනත් රටක් එය සොයා ගන්නා තුරු බලා සිටීමටය. ලෝකයේ කිසියම් රටක් එන්නතක් සොයා ගත්තද, එහි ප‍්‍රතිලාභ ලැබීමට අපට වාසනාවක් තිබේද යන්න ගැටලූවකි. ඊට හේතුව වන්නේ ලෝකයේ ධනවත් රටවල පුරවැසියන් එන්නත නිකුත් වන තෙක් ඇ`ගිලි ගනිමින් බලා සිටින බැවිනි. කෝටි 780කට ජනගහනයකට එන්නත් නිපදවීමට අවශ්‍ය සම්පත් ලෝකයේ තිබේද යන්න ඊළ`ග ගැටලූවය. එම නිසා අප වැනි රටකට කළ හැකි ලාභදායි, සරලම දේ වන්නේ සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීමය. මෙම සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම සමාජ සංස්කෘතියේ ප‍්‍රධාන අංගයක් බවට පත් කරගතහොත් ඉතා පහසුවෙන් කොරෝනා ලංකාවෙන් එළවා දැමිය හැක. එම ක‍්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට සහාය දීම සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ වගකීමය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles