Divaina - දුම්රියේ 20 කෑලි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ‍්‍රී ලංකා දුම්රිය සේවාව මගීන්ට දැන් හොඳටම තිත්ත වී ඇත. වෙනත් රටක, අඩුම තරමින් ඉන්දියාවටවත් ගොස් දුම්රියක ගමන් කර නැති අයට නම් අපේ දුම්රියේ මේ නීරස කතන්දරය තේරෙන්නේ නැත. ඒ රටවල ප‍්‍රධාන ප‍්‍රවාහන මාධ්‍ය දුම්රිය නිසාදෝ, වෙලාවක් කිව්වොත් ඒ වෙලාවටම දුම්රිය පිටත් වේ.
 
 එසේම, එනවා යැයි කියන වෙලාවටම ඕනෑම දුම්රිය පළකට දුම්රිය ළඟාවෙන අතර, දුම්රියට නගින්නටවත්, ඉන් බසින්නටවත් පොරකන්නට ඕනෑ නැත. පෙට්ටි ගණන් දිග දුම්රියක වුවත් අපිට වෙන්කර ඇති පෙට්ටියට නගින්නට නම්, දුම්රිය වේදිකාවේ එම පෙට්ටියේ සංකේතය සලකුණු කර ඇති ස්ථානයේ රැුඳී සිටීම ප‍්‍රමාණවත්ය.
 
 තවද, ලෝකයම විදුලි දුම්රිය, මෙට්‍රොපොලිට‍්‍රන් (Sky Train) දුම්රිය ස්ථාපිත කරමින් නාගරික ප‍්‍රවාහන තදබදය අවම කරමින් මගීන්ට ඉතා හොඳ ප‍්‍රවාහන සේවාවක් ලබාදීමට කටයුතු කරද්දී අපිට තවම ඒවා සිහිනයක් පමණි.
 
 අඩුම තරමින් කොළඹ නගරයට කිලෝමීටර් 50 ක් ඇතුළත වේයන්ගොඩ - මීරිගම, ජාඇල-මීගමුව, කොට්ටාව-හෝමාගම, කළුතර-අලූත්ගම වැනි ප‍්‍රදේශවල සිට පැය භාගයකට වරක්වත් රේල් බස් සේවාවක්වත් පටන්ගන්නට බැරි වූ රටක දුම්රිය සේවාව ගැන තවදුරටත් කතා කිරීමෙන් ද ඵලක් නැත.
 
 ජනාකීර්ණ කොළඹ නගරයේ (කොටුව) සිට මාර්ග තදබදය වැඩි නාරාහේන්පිට හන්දියේ පිහිටි කම්කරු කාර්යාලයේ සේවයක්  ලබාගැනීමට බස් රථයේ එන අයකු ගැන සිතමු. අඩුම තරමින් ඔහුට එක් ගමන් වාරයකට පැයක්වත් බැගින් පැය දෙකක්වත් ඒ සඳහා කාලය වැය කිරීමට සිදුවේ. නමුත්, ඇත්ත නම් ඊට වඩා පාරට කාලය ගතවන බවය. මේ සඳහා දුම්රියෙන් ගතවන්නේ විනාඩි කිහිපයක කාලයකි. එනමුත්, නාරාහේන්පිටට දුම්රිය ස්ථානයක් තිබුණ ද, ඒ සඳහා ප‍්‍රමාණවත් දුම්රිය සේවයක් එහි නැත.
 
 මේ අප සඳහන් කළේ දිගු, අභිමානවත් දුම්රිය සේවයක් හිමි අපේ රටේ දුම්රිය සේවාව ගැන කරුණු බිඳකි. කාර්යාල වේලාවලදී කාර්යාල සේවකයින් දුම්රියේ යන්නට කරන මාරාන්තික යුද්ධය ගැන අප කියනවාට නොව, අලූතින් පත් කළ දුම්රිය ඇමැතිතුමාම පැමිණ බැලිය යුතු වෙනම කාරණයකි.
 
 අපට හදිසියේම දුම්රිය මතක් වූයේ යළිත් දුම්රිය සේවයේ අර්බුදයක් හටගෙන තිබෙන නිසාය. එම අර්බුදය විටෙක අප හැමදාමත් කියන දුම්රිය ප‍්‍රමාදයට ද සම්බන්ධ එකකි. එසේ හෙයින් එහි තොරතුරු විමසා බැලීම දුම්රිය මගීන්ටද වැදගත් වන්නකි.
 
 කෝටි ගණන් මුදල් වැයකර චීනයෙන් මෙරටට ආනයනය කර ධාවනයට එක්කර ඇති දුම්රිය මැදිරි හා එන්ජින්වල බරපතළ කාර්මික දෝෂ පවතින බව එම එන්ජින් රියදුරෝ පවසති. හරි හැටි තිරිංග පද්ධති ක‍්‍රියාත්මක නොවීම නිසා එය සෘජුවම දුම්රිය ප‍්‍රමාදයට හේතුවක් බවත්, අපේක්ෂිත පරිදි දුම්රිය ස්ථානවලදී දුම්රිය නවතා ගැනීම කළ නොහැකි බවත් ඔවුහු පවසති.
 
 එසේම, අනපේක්ෂිත පීලි පැනීම්, දුම්රිය ඉදිරියට පැනීම් වැනි ප‍්‍රශ්න ගණනාවක් මෙම චීන බලවේග කට්ටල දුම්රිය තුළ පවතින බැවින් හා දිගින් දිගටම පවතින අපහසුතා ගැන කීවද බලධාරීන් නෑසූ කන්ව සිටීම නිසා මෙන්ම එහි වගකීම තමන්ට ගත නොහැකි නිසා තමන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ලෙස මෙම චීන දුම්රියවල සේවයෙන් ඉවත් වන බව එම රියදුරු සංගමය රජයට පවසයි.
 
 මෙය එක් අතකින් හොඳ ක‍්‍රියාමාර්ගයකි. සැබෑ තත්ත්වය ගැන බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේද අවධානය යොමු කිරීමකි. ජනතාව ලෙස අප මෙවන් තත්ත්ව දැනසිටිය යුතු කාරණයකි. කෝටි ගණන් මුදල් වැය කර, මෙරටට ගෙන්වන දුම්රිය හරියට පිටකොටුවේ විකුණන රුපියල් 20-30 චීන ප්ලාස්ටික් කෑලි වගේ වන්නේ නම් එය මහා අපරාධයකි. අන්තිමට අපට ඉතිරි වන්නේ යකඩ ගොඩවල් පමණි. දැනටමත් ඉන්දියාවෙන් ගෙන්වූ එන්ජින් රැුසක් ලංකාවේ මාර්ගවලට නොගැලපෙන බැවින් ඉවත් කර පසෙක ගාල් කර ඇත.
 
 මේවාට වගකියන්නේ කවුද යන්න අපට ඇති ප‍්‍රශ්නයයි. රටේ මුදල් ගිල දමන්නට පෙර සැබෑවටම මේවා රටට ගැලපෙනවා දැයි සොයා බැලිය යුතුය.
 
 කෙසේ හෝ රියැදුරන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට රජයේ විසඳුම් ලැබී තිබේ. ඒනම්, යම් කාර්මික දෝෂයක (අනතුරක) වගකීම දුම්රිය බලධාරීන් විසින් දරාගැනීමය. නොහොත් අවදානම මගීන් පිට පැටවීමය. චීන දුම්රියවල 20 කෑලි ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුම් මිස මෙසේ ජනතාව බිල්ලට දෙන තීන්දු නොගන්නා ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතිය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles