Divaina - ‘අනාගතය’ රැකගනිමු

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අප රටේ විටින් විට විවිධ උවදුරු වර්ධනය වන බවක් පෙනේ. විශේෂයෙන් ඒඞ්ස් රෝගීන් හෙවත් එච්. අයි. වී. ආසාදිතයන් දිනෙන් දින වැඩිවීම අප රටක් ලෙස බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත.
 
 ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛi රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 19-25 අතර වයස් කාණ්ඩයේ පිරිමින් අතර එච්. අයි. වී. අසාදනය ඉහළ ගොස් ඇති බවයි. තත්ත්වය බරපතළ වන්නේ එනිසාවෙනි. රටක ජාතියක අනාගතය භාර ගැනීමට සිටින පරපුරක යෞවනයේ සුන්දරත්වය එච්. අයි. වී. නිසා වැනසේ නම් එය සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන බව පැහැදිලිය.
 
 විiාත්මක ප‍්‍රක්ෂේපණ අනුව සමස්තයක් ලෙස ගත් කල මේ වසර වන විට මෙරට එච්. අයි. වී. ආසාදිතයන් 3600 ක් පමණ ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ සායනවල ලියාපදිංචි වී ප‍්‍රතිකාර ලැබිය යුතුය. නමුත් දැනට වැඩසටහනේ ලියාපදිංචි වී ඇත්තේ 2000 ක් පමණක් බවද වාර්තා වී ඇත. ඒ අනුව ඉතිරි එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් 1600 ක පමණ ප‍්‍රමාණයක් සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටීම සරල කාරණයක් ලෙස සැලකිය නොහැක. මෙම පුද්ගලයන් හේතුවෙන් නිරෝගී පුද්ගලයන්ට ද එච්. අයි. වී. ආසාදනය වීමේ අවදානමක් පවතින බව ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
 
 ඒඞ්ස් යනු සුළඟින් බෝනොවන රෝගයකි. ගණිකා සේවය, අනාරක්‍ෂිත ලිංගික සබඳතා සහ මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම වැනි කාරණා නිසා එච්. අයි. වී. අසාදනය වන බව මේ වන විට හෙළිදරව් කරගෙන තිබේ. එනිසා පැහැදිලි සරල සත්‍ය වනුයේ ඒඞ්ස් රෝගය බෝවීම යනු චර්යාත්මක ප‍්‍රශ්නයක් බවයි. එනිසාම ඒඞ්ස්වලින් ගැලවීම අපහසු නැත. ඒ සඳහා කළයුතු ප‍්‍රථම කාර්යය වන්නේ තමන්ගේ හැසිරීම් කළමනාකරණය කර ගැනීම පමණි.
 
 විශේෂයෙන් මෙහිදී තරුණ පිරිමි දරුවන් සිටින දෙමාපියන් වඩා වැඩි සැලකිල්ලක් ඔවුන් කෙරේ දැක්විය යුතුය. දරුවන් යන එන තැන් සහ දරුවන් ආශ‍්‍රය කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලිය යුතුය. යහපත් නිරෝගී දරුවකු සමාජගත කිරීම සඳහා දෙමාපියන් උනන්දු වන තරමටම තමන්ගේ සමාජ වගකීම නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීමට දරුවෝ ද වගබලා ගත යුතුය. යෞවනය යනු තමන්ගේ ඉදිරි ජීවිතයට අඩිතාලම දමා ගැනීමට තිබෙන සුදුසුම කාලය බව දරුවෝ අමතක නොකළ යුතුය. ඉතාමත් සුළු කාලයකදී ගන්නා වැරදි තීන්දුවක් නිසා තමන්ගේ ජීවිතය පමණක් නොව තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ද විනාශ වන බව අමතක නොකළ යුතුය.
 
 ඒඞ්ස් සාදා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම යන කාරණා දෙක එකිනෙකට බැඳී පවතී. එනිසා තම දරුවන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා මුල් කාලයේ සිටම ඔවුන් සමග අවංකව ප‍්‍රශ්න කතා කිරීම දෙමාපියන් සතු වගකීමකි. අප රටේ බොහෝ අයගේ කැත සිරිත වී තිබෙන්නේ තමන් වැටුණු වළට අනෙකාවත් ඇදගැනීමයි. සමාජයේ පවතින මෙම විෂම අධම තත්ත්වය ගැන දරුවන් දැනුවත් කිරීමට ගුරුවරුන්ට මෙන්ම ආගමික නායකයන්ට ද අත්හල නොහැකි වගකීමක් ඇති බව සිහිපත් කළ යුතුය.
 
 එනිසාම විෂමාචාර කි‍්‍රයාවලට යොමුවූවන් මෙන්ම මතට ඇබ්බැහිවූවන් ඉන් ගලවා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගත යුතුය. විශේෂයෙන් යෞවන වියේ පසුවන දරුවන් මෙම මහා විපතින් ගලවා ගැනීම කළ යුතුමය.
 
 රටක අනාගතය තීරණය කරන යෞවනය වල්මත් වී විනාශ වීමට ඉඩ හැරියොත් රටේ අනාගතය ද බරපතළ තර්ජනයකට ලක්වන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles