Divaina - ලංකාගම

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සිංහරාජය පිළිබඳ බැඳුණු ජනප‍්‍රවාද රැුසක් පවතී. සිංහරාජ වනයේ විසූ ‘සිංහරාජයෙකු‘ ඉන් එකකි. සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබූ අඩිපාරක් ඔස්සේ ශ‍්‍රී පාද කන්ද තරණය කළ බව කියැවේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහතරට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි. සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක අතර පිහිටා තිබේ. එහි නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කලූකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත. සිංහරාජය තුළ ශ‍්‍රී ලංකාවට ආවේණික ‘ඒක දේශීය ශාක’ විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ‍්‍රී ලංකාවට ආවේණික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය ගැන යළි සිහිවන්නේ ”නෙළුව - ලංකාගම - පිටදෙනිය” මාර්ගය ගැන පසුගිය දිනවල මහා විවාදයක් පැවති නිසාය. පරිසරය මෙන්ම ජනතාවත් සුරැකීම පවත්නා රජයක වගකීම වේ. අප සැමවිටම ස්වභාවධර්මයත් සමග සංහිඳියාවෙන් විසීම වැදගත්ය. මේ සංහිඳියාවේ අගය පසසමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය වන බවයි. පෙරේදා දිනයේ නෙළුව - ලංකාගම මාර්ග ප‍්‍රතිසංස්කරණයේ කටයුතු සියැසින්ම දැකගෙන ප‍්‍රදේශයේ ජනතාවගේ හඬට කන්දෙමින් රටේ විධායකය ලෙස එතුමා මේ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් නිවැරදි තීරණය ගෙන ඇති බව නම් පැහැදිලිය. වන රක්ෂිතය මෙන්ම මනුෂ්‍ය ජීවිතද සුරක්ෂිත කිරීම එකම අභිලාෂය බව එයින් ප‍්‍රකට වේ.

මාර්ගය ඉදිකිරීම යනු ජනයාගේ පීඩාකාරී මෙන්ම දුක්මුසු ජීවිතයට යම් සහනයක් අත්වීමය. එය ඇති කළ හැක්කේ ආණ්ඩුවේ නිවැරදි හා ඍජු තීරණ තුළිනි. ඒ සඳහා පැහැදිලි ආදර්ශ සපයමින් ජනපතිවරයාම පෞද්ගලිකව මැදිහත්ව ලංකාගම වැසියන්ගේ පීඩාව සොයා බැලීම වටී. හරිත මූලධර්මවාදයද සිත්හි දරාගෙන ලංකාගම මාර්ගය දෙස බලන සමහරුන්ට නම් මෙය මහා විනාශයකි. අපරාධයකි. නමුත් කොළඹ ඉතා සුවපහසුවෙන් වෙසෙන සමහර පරිසරවේදියෝ ලංකාගම වැසියන්ගේ අවශ්‍යතා සරි කරලීම වෙනුවෙන් ත‍්‍රිරෝද රථයක් හෝ එහා මෙහා යා හැකි මාර්ගයක් ඉදි කිරීම ගැන බලවත් විරෝධය පල කරති. හරිත මූලධර්මවාදයද අන්තවාදයක් වන්නේ එය මිනිසා සපුරා බැහැර කරන මතවාදයක් බැවිනි. ඒවා මෙහි ක‍්‍රියාත්මක කළ නොහැක. නමුත් ජනපතිගේ නිවැරදි මතය රටේ ජනතාව අගය කරයි. පරිසරය දෙස බැලිය යුත්තේ මූලධර්මවාදී ලෙස නොව මානව කේන්ද්‍රීය ලෙසය. මිනිසා මෙන්ම පරිසරයත් සුරැුකිය යුතුය. ජනපතිවරයා ලංකාගම නිරීක්ෂණයට ගිය අවස්ථාවේ එහි වැසියෙක් ‘‘ඔය පරිසරවේදියෝ හිටියොත් මේ රට දියුණු කරන්න හම්බුවෙන්නෙ නෑ. විනාශ කරනවා මේ රට” යනුවෙන් පවසන්නේ මන්ද? ඔවුන්ද මේ මූලධර්මවාදී මත හෙළාදකින නිසාය. පරිසරය කෑදර ලෙස විනාශ කරනා සියලූ වැඩසටහන් මේ ජනතාව අනුමත කරන බව එයින් කියවෙන්නේ නැත. අවශ්‍ය වනයත් රැකගෙන තමන්ගේ දුෂ්කරතාවන්ද අවම කරගෙන ජීවත්වීමටය. ඒ සඳහා ඔවුනට මග විවරකරදීම රජයක වගකීම වේ. ලංකාගම සිතියමෙන් මකාදමා ප‍්‍රශ්න විසඳිය නොහැක. එනිසාම ජනපති විසින් ගත් නිසි පියවර අගය කළ යුතුමය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles