Divaina - අලි දුකට මී පැණි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ele135අලි මිනිස් ගැටලූව පිළිබඳව නැවත වරක් හඬ අවදි වී තිබේ. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡුාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වන අලි ගම්වදිනවා වෙනුවට කැලෑ වදින ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසයි. පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිනිස් ජීවිත 122 ක් හා වන අලින් 407 කගේ ජීවිත අහිමි වී ඇති අතර මෙම වසරේ ගතවී ඇති කාලසීමාව තුළ මිනිසුන් 62 ක් හා වන අලි 200 ක් අහිමි වී තිබෙන බව මෙම සාකච්ඡුාවේදී අනාවරණය වී තිබේ.
 
 අලි-මිනිස් ගැටුම් සම්බන්ධයෙන් වසර 40 ක පමණ කාලයක සිට සාකච්ඡුා කරන නමුත් ඊට ස්ථිර විසඳුම් යෙදීමට තවමත් අසමත්ව ඇති බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ වසර දෙකක් ඇතුළත එම ගැටලූවට ස්ථිර විසඳුම් ලබාදිය යුතු බවයි. මෙහිදී මිනිසා සහ අලියා යන දෙදෙනාම සුරැුකෙන පරිදි කඩිනම් විසඳුම් යෝජනා කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.
 
 වන අලින්ගෙන් මිනිසාට සිදුවන හානි අතර ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ ජීවිත හානිය. අනෙක් හානි වන්නේ දේපළ හානි සහ වගා හානිය. අලි - මිනිස් ගැටුම හේතුවෙන් වසරකදී මිනිසුන් 80-100 අතර සංඛ්‍යාවක් මියයන බවත්, ශාරීරික හානි සිදුවීම් 60-80 අතර සිදුවන බවත්, දේපළ හානි 1000-1200 පමණ වාර්තා වන බවත් සංඛ්‍යා ලේඛනවල ස`දහන් වේ. එසේම වන අලි මරණ 280-320 පමණද වාර්ෂිකව සිදුවන බව එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. පොලොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, දකුණ, වයඹ, ඌව යන වනජීවී කලාප මිනිස් මරණ වැඩි වශයෙන් සිදුවන ප‍්‍රදේශ වන අතර පොලොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, ත‍්‍රිකුණාමලය, දකුණ, ඌව, වයඹ, වව්නියා යන වනජීවී කලාප අලි මරණ වැඩි වශයෙන් සිදුවන ප‍්‍රදේශ වේ.
 
 ශ‍්‍රී ලංකාවේ අලි ගහනයට ප‍්‍රමාණවත් පරිදි වන වැස්ම අහිමි වී තිබෙන නිසා වන අලින් ආහාර සොයා ගම් වැදීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබේ. රටේ වන වැස්ම පාලනය කිරීම තනි දෙපාර්තමේන්තුවක් යටතේ නොපවතින නිසා අලි මිනිස් ගැටුම් කළමනාකරණය කර ගැනීම රාජ්‍ය කළමනාකරණ අර්බුදයක් බවට පත්වී තිබේ. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ක‍්‍රියාත්මක කරන ලද අලි පළවා හැරීම්, අල්ලා ඉවත් කිරීම්, අලි වෙඩි බෙදාහැරීම, රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම හා වාසස්ථාන සුපෝෂණය වැනි කළමනාකරණ උපායයන් තුළින් අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබී නොමැති බව පැහැදිලිව පෙනී යයි. විශේෂයෙන්ම විදුලි වැට මගින් වනජීවී රක්ෂිත තුළට පමණක් වන අලි සීමා කිරීමට ගත් ප‍්‍රයත්නය තවතවත් ගැටලූව තීව‍්‍ර කිරීමට හේතුවූ බව අද වන විට පැහැදිලි වී තිබේ. එම නිසා මෙවැනි සාම්ප‍්‍රදායික විස`දුම්වලින් අලි ගම් වැදීම පාලනය කළ නොහැකි බව අප දැන්වත් වටහාගත යුතුය.
 
 ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7,500 ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත. මෙම පිරිසෙන් සියයට 70 ක් පමණ දිවි ගෙවන්නේ මිනිස් ජනාවාස ආශ‍්‍රිතවය. ඉතිරි සියයට 30 ක අලි ගහනය දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිත වනාන්තරවලය. අලි මිනිස් ගැටුම විස`දීමට නම් මිනිස් ජනාවාස අතර ජීවත් වන අලි ගහනය වනජීවී රක්ෂිතවලට ගාල් කළ යුතුය. මේ ස`දහා වනජීවී අමාත්‍යාංශය විසින් අක්කර පහළොස් දහසක තණ වගා කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක කර තිබේ. නමුත් අලින්ගේ ආහාර පරිභෝජනය අනුව එම භූමි ප‍්‍රමාණයේ ඇති තණ ප‍්‍රමාණවත් වන්නේ අලින් 150 කට පමණි. මෙම සැලැස්ම සාර්ථක වීමට නම් වන අලින් 4000 ක් පමණ රක්ෂිතවලට ගාල් කළ යුතු බව පරිසරවේදීන්ගේ මතයයි. නමුත් එය ප‍්‍රායෝගිකව ඉටුකළ නොහැක්කේ එම ප‍්‍රමාණයට අවශ්‍ය ආහාර රක්ෂිතවල නොමැති නිසාය. දැනටමත් එම රක්ෂිතවල දිවි ගෙවන අලින්ට ප‍්‍රමාණවත් ආහාර එම රක්ෂිතවල නොමැත. එසේ තිබියදී තවත් අලි රක්ෂිතවලට ගාල් කිරීමෙන් සිදුවන්නේ අලි නැරඹීම ආශ‍්‍රිතව ගොඩනැ`ගී ඇති සංචාරක කර්මාන්තය අනතුරට පත් වීමය.
 
 එම නිසා අලි මිනිස් ගැටලූව විස`දීම හිතන තරම් පහසු නැත. එමෙන්ම මෙම අර්බුදයට පිළියම් යෙදීමේදී දෙපාර්ශ්වයේම ජීවිත ආරක්ෂාවන වන සැලසුම් සකස් විය යුතුය. ඒ ස`දහා සාම්ප‍්‍රදායික දැනුම නූතන තාක්ෂණය සමග එකතු කළ හැකි සැලසුම් කි‍්‍රයාත්මක කිරීමෙන් ජීවිත හානි අවම කරගත හැකිය. මේ වන විට අප‍්‍රිකානු රටවල් අලින් ගම් වැදීම වැළැක්වීම ස`දහා මීමැසි පෙට්ටි ඉදි කරමින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගනිමින් සිටිති. එමගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි අතර එය ග‍්‍රාමීය ආර්ථිකයේ වර්ධනයට මහත් රුකුලක් වනු ඇත. මේ වන විටත් මෙම ව්‍යාපෘතිය රටේ ක‍්‍රියාත්මක වුවද එයට ලැබිය යුතු නිසි රාජ්‍ය අනුග‍්‍රහය ලැබී නොමැත.
 
 මීට වඩා ප‍්‍රායෝගික, පරිසර හිතකාමී සැලසුම් අලි මිනිස් ගැටුම් ඇති රටවල කි‍්‍රයාත්මක වේ. මේවා ක‍්‍රියාත්මක කිරීමට නම් වනජීවී දෙපාර්තමේන්තුව මූලික කරගත් ඒකාබද්ධ රාජ්‍ය යාන්ත‍්‍රණයක් දියත් විය යුතුය. එය ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් ප‍්‍රමාද කළ යුතු නැත.
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles