Divaina - රාජපක්ෂ ගමන මහින්ද නාමය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 දශකයකට අධික කාලයක් විධායක බලයේ මුදුන් පෙත්තෙහි සිටිමින් ශ‍්‍රී ලංකාව පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ මොහොතේ එය ඔහුගේ දිගුකාලීන දේශපාලන ගමනේ නිමාවක් පමණක් නොව එය ලංකා දේශපාලනයේ හැරවුමක් වනු ඇත යන්න බොහෝදෙනාගේ තක්සේරුව විය. නැවත මහින්ද කිසි දිනක නොනැගිටින බව එවක බලය ගත් දේදුනු සන්ධානයේ නායකයන්ගේ වහසි බස් දොඩන්නට විය. නමුත් ඒ සියල්ල ආපසු හැරීමට වසර කිහිපයකින්ම හැකිවිය. ඇත්තෙන්ම 2015 ජනවාරි 08 වෙනස සම්පූර්ණයෙන්ම ආපසු හැරීම සටහන් කළ දිනය වශයෙන් ඊයේ දිනය ඉතිහාස ගතවේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකේ මහජන වරම ලබා වඩා ජයග‍්‍රාහී ලෙස සිය සොහොයුරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. වසර පනහක පමණ කාලයක් එකදිගට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ තවමත් ජීවමාන දේශපාලනඥයන් කීපදෙනා අතර මහින්ද රාජපක්ෂට මුල්තැනක් ලැබෙයි. 1970 මැයි මස 27 දින පවත්වන ලද මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ එදා පැවති බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායයේ සෝල්බරි පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එම පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත‍්‍රීවරයා වශයෙනි. එවකට ඔහුගේ වයස අවුරුදු විසි හතරක් පමණි. දශක පහක් තිස්සේ ඉතාම හොඳින් කඩුල්ල රැුකගත් දේශපාලන පිතිකරුවා ලෙස මහින්ද නාමය සැමදා දිදුලන බව පැහැදිලිය. එදා 2015 දී පරාජයට පත්වී මැදමුලනට ගියද, කිසි දිනක ජනතා ආකර්ෂණය ඔහුගෙන් ඈත්වූයේ නැත. පොදු ජන පෙරමුණ ඉතා ඉක්මනින් බලයට ඒම පිටුපස ඇත්තේ එම මහජන ප‍්‍රසාදයම බව පැහැදිලිය. දශක තුනක් පමණ තිස්සේ ක‍්‍රියාකාරීව පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීම හා නායකත්වය යටතේය. ඒ ජය මෙන්ම රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය මෙරට ජනතාව කිසි විටක අමතක කරන්නේ නැත. 2009 වසරේ ලද එම යුද ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජය තුළ නොනැසුන මුල්බැසගත් කීර්තියක් සනිටුහන් කිරීමට හේතුවිය. එය තව වසර දහසක් ඉක්මවා ගියද සිහි කළ යුතුය. ඇත්තෙන්ම එතුමා ඉතිහාසයේ බිහි වූ අග‍්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු වෙයි. වර්තමානයේ විධායක ජනාධිපති පදවියෙහි නැතත් ඔහු රැුඳී සිටින්නේ ඉතා ප‍්‍රබල ස්ථානයකය. විධායක බලය මෙහෙයවන ‘තෝන් ලණුවේ‘ දෙපට දෙසොහොයුරන් අත පවතී. ඒ ගැන රටේ ජනතාවද සතුටුය. වැනෙන නායකත්වයක් බලයට පත් කරගැනීම නිසා ඇතිවූ විපත යළි සිහි කරන්නටවත් ලාංකිකයින් කැමති නැත. ලංකාවේ ජනතාව බහුතර බලය ලබා දුන්නේ රට රාජපක්ෂ පාලනය යටතේ වඩා යහපත් තැනකට ගමන් කරනු ඇත යන අභිලාෂයෙනි. එතෙක් මෙතෙක් කිසිම ජනපති කෙනෙක් කෙරෙහි නොතිබුණු විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි මෙරට වැසියන් තබා ඇති බව ප‍්‍රකට කරුණකි. එය මහින්ද රාජපක්ෂ මහතාද අවබෝධ කරගෙන සිටී. ලෝකයම රාජපක්ෂ සොහොයුරන්ගේ පාලනය දෙස ඉතා උන්නදුවෙන් බලා සිටී. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති මෙරට ආර්ථිකය යළි නගාසිටුවීම රාජපක්ෂ සොහොයුරන්ගේ මූලික වගකීම වනු ඇත. ඉදිරි වසර 05ක කාලය මෙරට ඉතිහාසය වෙනස් කරනු ඇද්දැයි ජනතාව බලා සිටිති.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles