Divaina - වළේ රීතිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

who135කොරෝනා වෛරසය නැවත වරක් ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ මේ වන විට ලෝකය පුරා දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබීමය. අමෙරිකාවෙන් දිනකට ආසාදිතයන් හැටහත්දහසක් පමණ වාර්තා වෙද්දී, බ‍්‍රසීලය, දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව යන රටවල වෛරසය ඉතා ප‍්‍රචණ්ඩකාරී ලෙස ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ වගේම ආසියානු කලාපය තුළ නැවත වරක් වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී තිබේ. අප‍්‍රියෙල් මාසයේදී මුළුමනින්ම කොරෝනා වෛරසය ප‍්‍රජාව වෙත සම්පේ‍්‍රෂණය කිරීම නතර කළ හොංකොං රාජ්‍යය පෙරේදා (27* නැවත වරක් වෛරසය මැඬ පැවැත්වීම සඳහා නව සීමාවන් නිවේදනය කළේය. කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයෙන්ද මාර්තු 26 වැනිදායින් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පෙරේදාය. වියට්නාමයෙන්ද දින සියයකට පසු ආසාදිතයන් 11 දෙනකු වාර්තා වීමෙන් පසු කොරෝනා මර්දන නීති තවත් දැඩි කර තිබේ.
 
 ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2800 සීමාව පසුකර තිබේ. මේ පිරිසෙන් ඊයේ දිනය වන විට වෛරසය ක‍්‍රියාකාරී මට්ටමේ සිටි ආසාදිතයන් ගණන 498කි. මෙම දත්ත අනුව ගෝලීය කොරෝනා දර්ශකයේ රටවල් 214ක් අතරින් ශ‍්‍රී ලංකාව පසුවන්නේ 113 වැනි ස්ථානයේය. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පොකුර අක‍්‍රීය කළද, කන්දකාඩු පොකුර තවමත් පවතින්නේ ඉතා සක‍්‍රීය මට්ටමේය. එම නිසා රටේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය ඉතා සීරුවෙන් ඉදිරිය ගෙන යෑමට ආණ්ඩුව වග බලා ගත යුතුය. ඒ වගේම දිනකට කරන කොරෝනා පරීක්ෂණ ප‍්‍රමාණය ඉහළ දැමීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ ගණන එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ගියේ පෙරේදාය (27*. එම පරීක්ෂණ ප‍්‍රමාණය, දින ගණනින් බෙදූ විට අප දෛනිකව සිදු කර ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණි. වෛරසය දිනෙන් දින ක‍්‍රියාකාරී වන ශ‍්‍රී ලංකාව වැනි රටකට මෙම පරීක්ෂණ ප‍්‍රමාණය කොහෙත්ම ප‍්‍රමාණවත් නැත. එම නිසා ලක්ෂ ගණනින් කළ පරීක්ෂණ ගැන උදම් අනනවාට වඩා, සෞඛ්‍ය අමාත්‍යාශය කළ යුත්තේ දෛනිකව කරන පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රමාණය ඉහළ දැමීමය. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තවමත්
 
 ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැත. කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මොහොතක සෞඛ්‍ය මර්දන නීති ඇතුළත් ගැසට් පත‍්‍රයක් වෙනුවෙන් කඹ ඇදිල්ලක නිරත වූ පළමු රට ශ‍්‍රී ලංකාවය. ප‍්‍රමාද වී හෝ දැන් එම අර්බුදය විසදී තිබේ. කොරෝනා වසංගතය මර්දනය කිරීමට ජනතාවගේ මෙන්ම සෑම සෞඛ්‍ය බලධාරියකුගේම සහාය අත්‍යවශ්‍යය. එම ක‍්‍රියාවලිය හොඳින් කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
 
 නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය වටිනාකම් ඇතුළත් සියලූ දර්ශක නිරීක්ෂණය කළ විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ රට ක‍්‍රමයෙන් ප‍්‍රපාතය කරා තල්ලූ වෙමින් තිබෙන බවය. කොරෝනා වෛරසයෙන් පසු රට තිබෙන්නේ එම ප‍්‍රපාතයේය. කෙටියෙන් කිව්වොත් ”වළ” පතුළේය. රටේ දේශපාලකයන් මෙන්ම ජනතාවද කනගාටුවෙන් වුවද, තේරුම් ගත යුතු යථාර්ථය මෙයය. කිසිවකු වළ පතුලක සිටිනවා නම් අනුගමනය කළ යුතු දේශපාලන රීතියක් ලෝකයේ තිබේ. මෙය සමාජගත කරන ලද්දේ ඇමෙරිකානු ප‍්‍රකට නළුවකු හා දේශපාලන විචාරකයකු වූ විල් රොජර්ස් ( 
Will Rogers) විසිනි. එම රීතිය නම් ”ඔබ දැන් සිටින්නේ වළක් තුළ යයි දැන ගත්තේ නම්, හෑරීම නතර කරන්න” (If you find yourself in a hole, stop digging) යන්නය. කොරෝනා වෛරසය විසින් අප වළ පතුළට ඇද දැමුවේ අපට වළෙන් ගොඩ ඒමට ඉණිම`ගක් ඉතිරි කරමින් බව අප අමතක නොකළ යුතුය. එම ඉණිමෙ`ග් පළමු පුරුකේ යටින් කොටා ඇත්තේ ”නීතිගරුක සමාජයක්” යන්නය. 

 
 නීතිගරුක සමාජයකින් බිහිවන්නේ විනයගරුක මිනිසුන්ය. විනයගරුක මිනිසුන් සම`ග ඉණිමෙ`ග් ඉතිරි පුරුක් තරණය කිරීම ඉතා පහසුය. ඉතිරිව ඇති එකම ඉණිම`ගට පයින් ගසනවාද, වළ තවත් හාරනවාද යන්න තීරණය කිරීම රටේ දේශපාලකයන්ට භාරය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles