Divaina - කාමාතුරයන්ගෙන් දරුවන් රැකගනිමු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දරුවන් අපචාරයට ලක්කර එම දරුවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝ හැදූ කාලකණ්ණි ටියුෂන්කාරයෙක් මේ වනවිට සිටිනුයේ රිමාන්ඞ් භාරයේය.
 
 රූපවාහිනී නාළිකාවල රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුවකු මෙන්ම ඉංග‍්‍රීසි උගන්වන ටියුෂන්කාරයෙකු ලෙස මොහු කටයුතු කර ඇත. වයස අවුරුදු 10 - 12 පිරිමි දරුවන් දිගු කාලයක් තිස්සේ මොහු විසින් අපයෝජනයට ලක්කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
 
 මෙම කාලකණ්ණි ටියුෂන්කාරයා ළඟ තිබී සී ඞී තැටි 135 ක්, පෙන්ඩ‍්‍රයිව්, හාර්ඞ් ඩිස්ක්, මෙමරි කාඞ්, කැමරා, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැුසක් පොලිසියට භාරගත් බව ද වාර්තා වෙයි.
 
 මෙම ටියුෂන්කාරයාගේ ක‍්‍රියා කලාපය දෙස බැලීමේදී පෙනී යන්නේ දෙමාපියන්ට තමන්ගේ දරුවන් මෙවැනි විකෘති කාමාතුරයන්ගෙන් බේරාගැනීම සඳහා සුවිශේෂී වගකීමක් ඇති බවයි.
 
 විශේෂයෙන් මෙම ටියුෂන්කාරයා රියැලිටි වැඩසටහන්වලදී දරුවන්ට සමීප වී සමහරක් දරුවන් ඔහුගේ පන්නිපිටියේ පිහිටි නිවසට ගෙනැවිත් අපචාරයට ලක්කර ඇත. ඇතැම් දරුවන් අපයෝජනයට ලක් වී ඇත්තේ එම දරුවන්ගේ නිවෙස් තුළදීම බව ද අනාවරණය වී ඇත.
 
 අප සමාජයේ ගැහැනු දරුවන්ට සාපේක්‍ෂව පිරිමි දරුවන්ට රැකවරණයක් ඇතැයි මිථ්‍යා මතයක් තිබේ. මෙම සිද්ධිය සැලකීමේදී මෙම ටියුෂන්කාරයා තම අපචාර ක‍්‍රියාවලිය දිගින් දිගටම කරගෙන ගොස් ඇත්තේ ඊට මුවා වී බව පැහැදිලිය. තමන්ට ගැහැනු දරුවන් සිටිය ද පිරිමි දරුවන් සිටිය ද ඒ සියලූ දරුවන්ගේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් දෙමාපියන් උකුසු ඇස යොමාගෙන සිටිය යුතුය. ඒ තරමටම අප සමාජය දූෂිත වී ඇත. විකෘති කාමාතුරයන්ගේ කෙළිබිමක් බවට මෙම ධර්මද්වීපය පත්ව ඇත.
 
 තමන්ගේ දරුවන් ගැන කවුරුන් හෝ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම් අනවශ්‍ය ලෙස සමීප වන්නේ නම් එය හඳුනාගැනීමට දෙමාපියන්ට හැකියාවක් තිබිය යුතුය. විශේෂයෙන් අනවශ්‍ය තෑගිබෝග ලබාදෙමින් දරුවන්ගේ අවධානය දිනා ගැනීමට කවුරුන් හෝ පෙළඹෙන්නේ නම් එතැන යම් ව්‍යසනයක් තිබිය හැකි යැයි දෙමාපියන්ට අවබෝධ විය යුතුය. ”අනේ...හොඳ සර්”,
 
 ”අනේ...එයා හොඳ මහත්මයා”. අපේ දරුවන්ට පණ වගේ ආදරේ යැයි කියා ඕනෑවට වඩා අන් අය ගැන සහතික දෙන දෙමාපියන් අපි අනන්තවත් දැක ඇත්තෙමු. එතරම් බොළඳ නොවන්නැයි අපි දෙමාපියන්ගෙන්
 
 ආයාචනා කිරීමට කැමැත්තෙමු. දරුවන් රටකට සම්පතකි. ආයෝජනයකි. දරුවන් යනු රටේ අනාගතය බව අප කවුරුත් අවබෝධ කරගත යුතුය. රටක අනාගතය භාර ගැනීමට සිටින දරුවන් අපයෝජනයට ලක් කිරීම සහගහන අපරාධයකි. අපචාරයට ලක්වූ දරුවකු සමාජගත වනුයේ විකෘති අද්දැකීමක් සමගිනි. එනිසා යහපත් නිරෝගී මනසක් සහිත දරුවකු සමාජගත කිරීම අප කාගේත් වගකීමක් බව අවබෝධ කරගත යුතුය.
 
 අප ඉහතින් සඳහන් කළ ටියුෂන්කාරයා පමණක් නොව අප සමාජයේ බොහෝ පිරිස් අතින් දරුවන් අපයෝජනය වන බව රහසක් නොවේ. දරුවන් අපයෝජනයට ලක්වන බව දිනපතා වාර්තා වන තරමට ළමා අපයෝජන ඉහළ ගොස් ඇත. ඇතැම් විට දරුවන් අපයෝජනයට ලක්වන්නේ තම ළඟම ඥාතීන් අතින් වීම ද ඛේදවාචකයකි. මව ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ විට තම ලෙයින් උපන් දියණිය අඹුකමට ගන්නා කාලකණ්ණි පියවරු සිටිනුයේ ද අප රටේ බව රහසක් නොවේ. එනිසා සමස්ත සමාජයම දරුවන්ගේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් ඉදිරියට ආ යුතුව ඇත. අවුරුද්දකට වාරයක් ලෝක ළමා දිනය සැමරීමෙන් පමණක් දරුවන් සුරක්‍ෂිත වනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැක. ලෝක ළමා දිනයේදී දරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නඟන බොහෝ සංවිධාන ඉතිරි දවස් තුන්සිය හැටහතරේම සිටිනුයේ නිදාගෙනදැයි සාධාරණ සැකයක් අපට මතුවේ. රාජ්‍ය යාන්ත‍්‍රණය, රාජ්‍ය ආයතන, සැබෑ ස්වෙච්ඡුා ආයතන, පූජ්‍ය පක්‍ෂය හා අන් සියලූ ආගමික නායකයන් මෙන්ම දෙමාපියන් ද එකතු කරගෙන පුළුල් කථිකාවක් දරුවන්ගේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් ගොඩනැඟිය යුතුය. එම කථිකාව ප‍්‍රායෝගික යථාර්ථයක් බවට පත්කර ගතහොත් හෙට දවසේ අපේ දරු පරපුරට යහපත් අනාගතයක් උදාවෙනු ඇත.
 
 (සැ. යු. අප මෙහි ටියුෂන්කාරයා ලෙස අදාළ චරිතය හැඳින්වූයේ ඔහු ගුරුවරයකු ලෙස නම් කිරීම ද ගුරු වෘත්තියට වන නිගාවක් නිසාවෙනි.)
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles