Divaina - පෙරහැර හා වසංගත

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ශ‍්‍රී ලංකාවේ පෙරහැර සමය ලෙස සැලකෙන්නේ ඇසළ සමයයි. ජූලි, අගෝස්තු මාස ඊට අයත්ය. මහනුවර ඇසළ පෙරහැර ලෝකයේ පැරණිම උත්සවයක් ලෙස පිළිගැනේ. ඇසළ පෙරහැර වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබාගැනීමට නම්, වැස්ස අනුකරණය කළ යුතු යැයි  පැරැණියෝ සිතූහ. වහින්නට පෙර හෙණ ගැසීම්, විදුලිය කෙටීම් වැනි වලාකුළු ආදිය මේ මහනුවර පෙරහැරේ දක්නට ලැබේ. ඇසළ පෙරහැර අවසන් වන්නේ වැසි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයකිනි. ඇසළ පෙරහැරේ අලංකාරවත් රාත‍්‍රිය විඳ ගැනීමට මෙවර රටවැසියන්ට නොහැකිව ඇත්තේ නව කොරෝනා වසංගතය නිසාය. එය මහනුවරට පමණක් නොව දිවයිනේ සියලූම පෙරහැරට අදාළය. නමුත් රටක් ලෙස කවර අර්බුද ඇතිවුවද මේ අතීත උරුමය නොකඩවා පවත්වාගෙන යෑම වැදගත්ය. එය කිසිවිටක අත්හල යුතු නැත. රටට සෞභාග්‍යය උදාවෙන සේ වර්ෂාවත්, ශ‍්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයත් ලබා දෙන ලෙස වසරක් පාසා සිදු කෙරෙන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සිංහල බෞද්ධයන් මෙන්ම සමස්ත රට වැසියාම උතුම් කොට සලකන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ උතුම් පෙරහැරට සහරාන් හෂීම්ගේ ත‍්‍රස්ත නඩය පහරදීමට සැලසුම් කළ අයුරුද දැන් එලිවෙමින් පවතී. නමුත් ඒවා උතුම් දළදා හිමිගේ ආනුභාවයෙන්ම වැළකිණි. ඇත්තෙන්ම ඇසළ පෙරහැර මංගල්‍යය සුවිශේෂී පූජෝපහාර මංගල්‍යයකි. මෙම පූජා මංගල්‍යය හුදු විනෝදය සලසාදීමේ අටියෙන් පවත්වන්නක් නොවේ. මහනුවර ඇසළ පෙරහැර පවත්වනුයේ, රටට සෙත් ශාන්තිය හා රැුකවරණය සලසාලන දළදා වහන්සේගේ ගුණ මහිමයට පූජෝපහාරය දක්වා, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය සලසාගනු පිණිසත්, බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව හා ශ‍්‍රී විභූතිය ලොවට ප‍්‍රදර්ශනය කිරීමත් වෙනුවෙනි. දෙවියන් උදෙසා පැවැත්වෙමින් තිබූ දේව පෙරහැර සමග දළදා පෙරහැර සම්බන්ධ කරනු ලැබූයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුය. ඒ දහඅට වැනි සියවසදී ය. පෞඪ ඉතිහාසයේ අභීතවත් හෙළ සිරිත් විරිත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ආර්ථික සමාජයීය සංස්කෘතිය ආගමික සහජීවනය ආදී සියලූ සාධක පිළිබිඹු වන ඇසළ පෙරහැර මංගල්‍යය අද වන විට ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබීම ජාතික ආගමික පිබිදීමක් වැන්න. එනිසාම වසංගත බිය දුරු කරන්නට මේ පෙරහැර පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. මහ පොළොවේ ඇති සංස්කෘතික උරුමය නොපෙනෙන වෛරසයකට යටපත්වීමට ඉඩ දිය යුතු නැත. අනුරාධපුර යුගයේ පටන් පැවැති දළදා පෙරහැර වරින්වර ඇතිවූ ආක‍්‍රමණවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට නොහැකි වුවත්, අනෙකුත් සමයන්හිදී දළදා වහන්සේ උදෙසා දර්ශනීය මාලිගා කරවා පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, යාපහුව ආදී යුගවල සිටි රජවරුන් හා භික්ෂූන් වහන්සේ අඛණ්ඩව දළදා පෙරහැර පවත්වා ඇති බව මූලාශ‍්‍ර ග‍්‍රන්ථයන්හි සඳහන් වේ. එනිසාම මේ උරුමය රැුකීම සියලූ දෙනාගේ වගකීමකි. මේ වසරේදී ලක්වැසියනට රූපවාහිනිය ඔස්සේ දළදා පෙරහැර සජීවීව නරඹා සිත් පහන් කරගත හැකිය. කොරෝනා වසංගතය නිසා වෙසඟ සමරන්නටද නොහැකි විය. පොසොන් සමයේ මිහින්තලා වන්දනාවද කරගත නොහැකි විය. එම නිසා දළදා පෙරහැර අසිරියද නිවසේ සිට විඳ ගැනීම නිරෝධායන නීති කඩ කිරීමක්ද නොවේ. ඒ ගැන කම්පා විය යුතු නැත.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles