Divaina - අහිංසක කොටි.. (අගමැතිවරයාට මල් මිටක්)

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ලෝක උරුම දුම්බර (නකල්ස්) වනාන්තරයෙන් ඉතා දුලබ සුදු ගෝනෙකු හමු වූ ප‍්‍රවෘත්තියක් වාර්තා වේ. එසේම, ආසියානු අලින් වාර්තා වන රටවල් අතරින් නිවුන් අලි පැටවුන්ගේ උපතක් පළමුව ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී තවමත් සතියක්වත් ගතවී නැත. තවත් මෙවැනිම අතිශය දුර්ලභ කඳුකර කළු කොටියකු පසුගියදා ලෝක උරුම ශ‍්‍රී පාද රක්ෂිතයෙන් වාර්තා වූ නමුත්, අවාසනාවකට එම සත්වයා එහිදී වාර්තාවන්නේ රුදුරු මනුසතා විසින් අටවන ලද උගුලක පැටලීය. අවසානයේ එම සත්වයා ශ‍්‍රී ලංකාව හැර යන්නේ එම උගුල නොහොත් ප‍්‍රදේශයේ වතු කම්කරුවකු විසින් අටවන ලද මන්දකට ගෙල හිරවීමෙන් ලද මාරාන්තික තුවාල හේතුවෙනි.
 
 එපමණක් නොව, මීට පෙර අප රටෙන් වාර්තා වූ (සිංහරාජ ලෝක උරුම වනාන්තරයෙන්) තවත් කළු කොටි දෙදෙනකුම මිය යන්නේ දඩයක්කරුවන් විසින් අටවන ලද මදු හා ගිනි බටවලට ජීවිත පූජා කරමිනි.
 
 ප‍්‍රශ්නය එය නොවේ. ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික කොටින් (Panthera pardus kotiya) අතරින් තවත් විශේෂත්වයක් ගන්නා කඳුකර කොටි රැුසක් අකාලයේ මදුවලට පැටලී මෙරටින් තුරන්වීමය. ශ‍්‍රී පාද කළු කොටියා මිය යෑමෙන් පසුවත් කඳුකර කොටි සිව් දෙනෙකු පමණ මදුවලට පැටලූණු අතර, ඉන් දෙදෙනකුම මිය ගියහ. මේ අනුව 2020 මේ වසරේදී පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන, මියගිය කොටි ගණන 06 දෙනෙකි. එසේම, එම දෙපාර්තමේන්තුව කියන පරිදි 2010 -2020 අතර වසර 10 ක කාලයේදී රට තුළ කොටියන් 48 දෙනෙකු මිය ගොස් තිබේ.
 
 වන අලි - මිනිස් ගැටුම ගැන පමණක් බොහෝ විට කතා කරන මෙරට වනජීවී ක්ෂේත‍්‍රයට මෙම තත්ත්වය වෙනම කතා කළ යුතු වන මාතෘකාවක් නොවන්නේද...? වසරකදී සාමාන්‍යයෙන් වන අලි 300 ක් හා මිනිස් ජීවිත 50 ක් අහිමි වන තැනට මෙරට අලි - මිනිස් ගැටුම උග‍්‍ර වී ඇති බව ඇත්තකි. එනමුත් ශ‍්‍රී ලංකාවේ අභිමානය ලොවට පසක් කරන, මුළු ලොවෙන්ම ශ‍්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන හා අන්තර්ජාතික රතු දත්ත වාර්තාවේ පවා දැඩි තර්ජනයට ලක්ව සිටින සත්වයකු ලෙස ප‍්‍රචලිත ශ‍්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා මෑතක සිට මුහුණ පා ඇති ජීවිත අවදානම කිසිසේත් නොසලකා සිටිය හැක්කක් නොවේ.
 
 සමස්ත ශ‍්‍රී ලංකාවටම සිටින්නේ කොටින් 850 ක් පමණ බව පවතින විශ්වාසයයි. ඒ අතර පහතරට වියළි කලාපීය කොටි හැරුණු විට කඳුකර කොටි ප‍්‍රමාණය ඉතා සීමිත බව
 
 පිළිගැනීමයි. එසේම, තේ වතු (කම්)කරුවන්ගේ හා උඩරට ගොවීන්ගේ මදුවලට ගොදුරුවී මෙයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මිය යන අතර, අද කඳුකර කොටි හා මිනිස් ඝට්ටනය උග‍්‍ර අතට හැරී ඇති බව ඉහත මරණ ප‍්‍රමාණය පසක් කරවයි.
 
 ඒ අනුව, පරිසරවේදීන් නගන හඬ දැන් රජයේ ඉහළ බලධාරීන්ට ඇසී තිබේ. එය සතුටට කරුණකි. එනම්, කොටින් මුහුණ දෙන ගැටලූ හඳුනාගෙන වහාම කොටි ගහනය සුරක්ෂිත කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. කළු කොටියා ඇතුළුව දිගින් දිගටම කොටින් මිය යෑම පිළිබඳව වහා පියවර ගන්නා ලෙස අගමැතිවරයා මෙහිදී බලධාරීන්ට තදින් කියා සිටීම පරිසර ලෝලීන් අගය කරන කාරණයකි.
 
 මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව ද පියවර රැසක් මේ වනවිට ගෙන තිබෙන බව වාර්තා වේ. දැනටමත් මදු දහසක් ඉවත් කරන ලද බවද, මින් ඉදිරියට වනසත්ව අපරාධ වාර්තා වන (තේ) වතුවල පාලනාධිකාරියට ද විරුද්ධව නඩු දමන බවද මේ අතර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
 
 කෙසේ හෝ අපට දැනගන්නට ලැබෙන්නේ විශේෂයෙන් මැදරට කලාපයේ හන්තාන, දෙල්තොට, ගලහ, ගලබොඩ, ගම්පොල, නාවලපිටිය කලාපය මෙන්ම නුවරඑළිය, බගවන්තලාව, හැටන්, මස්කෙළිය වැනි ඉහළ කඳුකර කලාපය ද කොටින්ට මාරාන්තික ප‍්‍රදේශ බවට පත්වී ඇති බවයි. මදු ගැසීමට අමතරව, වස දැමීම මගින් මරා දමන කොටින්ගේ ගණන් හිලව් වාර්තා නොවන බවද පරිසරවේදීහු පවසති.
 
 කෙසේ හෝ නාවලපිටියේදී සුවිසල් කොටි ධේනුවක අකාලයේ මන්දක පැටලීමෙන් පසු ප‍්‍රමාදවී හෝ අගමැතිවරයා ගත් තීන්දුව අතිශය වැදගත් වූවකි. ඊට වනජීවී බලධාරීහු වහා ප‍්‍රතිචාර දක්වා ක‍්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නැතහොත් මේ අගනා සත්වයා ශ‍්‍රී ලංකාවෙන් තුරන්ව යන දිනය වැඩි ඇතක නොවනු ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles