Divaina - විසඳිය යුතු පී.එච්.අයිලාගේ ප‍්‍රශ්නය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කොරෝනා වසංගතයත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නැතහොත්  පී.එච්.අයිලාට සුවිශෙෂී භූමිකාවක් හිමිවිය. විශෙෂයෙන් කොරෝනා රෝගය වැළඳුණු අයගේ ආශ‍්‍රිතයන් සොයා යෑමේදී  ඔවුන්ගෙන්වුණු සේවය අතිමහත්ය.
 
 නිරෝධායන කටයුතුවලදී මෙන්ම කොරෝනා ව්‍යාප්ත වෙද්දී ඉන් ආරක්‍ෂාවීමට කි‍්‍රයාකරන්නේ කෙසේද යන්න මහජනතාව දැනුවත් කිරීමේදී මහජන සෞඛ්‍ය නිලධාරීන් සුවිශේෂී කාර්යභාර්යයක් හිමිවිය. ඊට ආසන්නම හේතුව වූයේ ඔවුන් ගමේ මෙන්ම නගරයේ සිටින ජනතාව ගැන හොඳින් දන්නා නිසාවෙනි. එහෙත් මේ වන විට මහජන සෞඛ්‍ය නිලධාරිවරුහු කොරෝනා මැඬපැවැත්වීමේ කටයුතුවලින් පමණක් නොව, ඩෙංගු සහ අනෙකුත් රෝග මර්දන කටයුතුවලින්ද ඉවත්වී සිටිති. මෙය අප දකිනුයේ නොවිය යුත්තක් ලෙසිනි. විශේෂයෙන් කොරෝනා රෝගය අප රටට අභියෝගයක් වී ඇති මොහොතක එය මර්දනය කිරීම පිණිස ඉදිරිපත්ව සිටින කුමන හෝ පාර්ශ්වයක් අදාළ භූමිකාවෙන් ඉවත්වීම අනුමත කළ නොහැක. එසේම යම් කිසි පාර්ශ්වයක් මේ මොහොතේ නිශ්චිත භූමිකාවක සිටියදී ඊට අදාළ වටිනාම අවතක්සේවට ලක්කිරීම ද නොවිය යුත්තකි.
 
 මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට තම සේවය කරගෙන යෑමේදී මතුවී තිබෙන නීතිමය අවහිරතා ඉවත්කර දෙන ලෙසයි. විශේෂයෙන් කොරෝනා මර්දන කටයුතුවලදී අවශ්‍ය නීතිමය බලතල මෑතකදී නිකුත් කරන ලද මැතිවරණය සඳහා වන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඇතුළත් ගැසට් නිවේදනයට ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කර සිටී. මෙය බැලූ බැල්මට ම සාධාරණ ඉල්ලීමකි. එමනිසා අදාළ සාධාරණ ඉල්ලීම්වලට අදාළ පාර්ශ්වයන් සුදුසු කි‍්‍රයාමාර්ගයන් ගත යුතුය. විශේෂයෙන් පළමු බලධරයා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාත් මුළු දිවයිනට ම වගකිව යුතු බලධාරියා ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාත් මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් පියවර ගතයුතු බවද මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ අදහස වී ඇත. මෙය විසඳාගත හැකි ප‍්‍රශ්නයකි. ඒ සඳහා බලධාරීන්ගේ අවධානය ඉතා ඉක්මනින් යොමුවීම ඉතා වැදගත්ය.
 
 එහෙත් මෙහිදී මතක් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. පොලිස් හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිළිබඳ මහජනතාව තුළ තිබූ පැහැදීම මේ වනවිට මුළුමනින්ම බිඳවැටී ඇත. ඊට හේතුවූයේ කුඩු අල්ලන්න සිටි පිරිසක්ම කුඩු ජාවාරමේ නිරත වීමය. එය සිදුවූවේ ඔවුන්ට ලබාදුන් බලතල අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමට අවශ්‍ය පසුබිම එහි තිබෙන නිසාවෙනි. විශේෂයෙන් නාකොටික් නිලධාරීන් ගැන නිරන්තර අවධානයෙන් සිටින, පසුවිපරම් කරන කණ්ඩායමක් නොසිටීම නිසා නාකොටික් බලධාරීන් පිරිසකට රිසි සේ මත්කුඩු ජාවාරමේ නිරත වීමට හැකි විය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ මේ තරුණ පිරිසට රජයේ බලතල ඇතිවීම කුඩු බෙදාහැරීමට පසුබිමක් සැකසීමයි.
 
 මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ද අවශ්‍ය බලතල ලබාදීම අනිවාර්යයෙන්ම විය යුත්තකි. එහෙත් බලතල ලබාදීමකින් අනතුරුව යම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු නම් බලතල අයුතු ලෙස භාවිත කරන්නේ නම් එය නැවැත්වීමට අවශ්‍ය විධි විධාන ද නව සංශෝධනයකට ඇතුළත් විය යුතුය. සමස්තයක් ලෙස මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය ගැන මේ රටේ මහජනතාව තුළ ඇත්තේ ප‍්‍රසාදයකි. එම මහජන සැලකිල්ල සහ ගෞරවය රැුකගැනීම යනු අදාළ වෘත්තියේ යෙදී සිටින සියලූ දෙනාම තෘප්තිමත් විය හැකි කාරණයකි. එහෙත් මේ අතර සිටින එක්කෙනෙක් දෙන්නෙක් පිස්සු කෙළියොත් සමස්ත මහජන පරීක්‍ෂකවරුන් කරන සේවයම හෑල්ලූවට ලක්වන්නේය. එවැනි දේ නොවීමට අලූත් සංශෝධනයකදී පියවර  ගැනීමද අවශ්‍යයෙන්ම කළ යුත්තක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles