Divaina - ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි වාසිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විත වූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි. එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර 1987 ජුලි මාසයේ අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාර ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ‍්‍රී ලංකාව බැඳී සිටී.
 
 2003 දී එවක පැවති ආණ්ඩුව හා ඉන්දීය ඛනිජ තෙල් සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම ගිවිසුම අනුව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි අනූනමය වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි. කෙසේ නමුත් වර්තමානයේ යළි මෙම තෙල් ටැංකි 20 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ භාවිතාව සඳහා ලබා ගැනීමට සාකච්ඡුා සිදුවෙමින් පවතින බවට පුවත් පළවී තිබේ. ඇත්තෙන්ම මෙය සතුටුවිය හැකි රටේ බලාපොරොත්තු දල්වන කාරණයකි. ලංකාවේ උරුමය ඉන්දියාවට පවරා දීම කිසි විටකත් සිදු විය යුතු නැත. ඉන්දියාවට අවශ්‍ය සිනහසෙමින් අපේ සම්පත් සූරා කෑමටය. ත‍්‍රිකුණාමලයේ තෙල්
 
 ටැංකිවලින් ඉන්දීය තෙල් සමාගම භාවිත කරන්නේද 17 ක් පමණකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් නිරන්තරව කියා සිටියේ මේ ටැංකි ඉන්දියාවට පැවරීම කිසිසේත් අනුමත නොකරන බවයි. සේවක බලාපොරොත්තුද ඉහළ නංවමින් ලංකාවේ භාවිතය සඳහා තෙල් ටැංකි 20 ක් ලබා ගැනීමේ සාකච්ඡුා ආරම්භ වී ඇත. ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තවලින් එකක් ලෙස සැලකෙන ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවත් සමග එක්ව සංවර්ධනය කර භාවිතයට ගැනීමට කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය 2018 අගෝස්තු මාසයේ අනුමැතිය පළ කර තිබිණි. එහෙත් එය ක‍්‍රියාත්මක වූයේ නැත. රටේම මේ යෝජනාවලට බරපතළ විරෝධයක් මතු විය. නව කොරෝනා වසංගතය ලොව පුරා පැතිරීමත් සමග ලෝක තෙල් මිල පහළ බැස ඇති නිසා මේ කාලයේ වැඩියෙන් තෙල් මිලදී ගෙන ගබඩා කර තැබීම ඉදිරියේදී රජයට ඉමහත් වාසියක් අත්කර දෙන බව පැහැදිලිය. ඒ සඳහා සුදුසුම ස්ථානය වන්නේ ත‍්‍රිකුණාමලයයි. මේ ජාතික සම්පතෙන් අප නිසි ප‍්‍රයෝජන ගත යුතු නොවේද? ඒ සඳහා වත්මන් රජය ක‍්‍රියාත්මක වීම අගය කළ යුතුය. ඇත්තෙන්ම ඩොලර් මිලියන 10 ක වියදමකින් ප‍්‍රතිසංස්කරණය කර ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි 16 ක් නැවත භාවිත කළ හැකි බවට වාර්තාවක් ඛණිජ තෙල් සංස්ථාවේ පළපුරුදු ඉංජිනේරුවන් පිරිසක් 2016 රජයට ඉදිරිපත් කර තිබිණි. උතුරු නැගෙනහිර පළාත් වලට ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතුවලට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබා ගැනීම මගින් මහත් වාසියක් සැලසේ. එය ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය ඉහළ නංවන්නකි. මෙයින් වාසිය සැලසෙන්නේ රටටමය. එනිසාම ඉතා ඉක්මනින්ම මේ තෙල් ටැංකි 20 යළි ලක්වැසියන්ගේ ප‍්‍රයෝජනය සඳහා භාවිතයට ගැනීමට කටයුතු කළ යුතුය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles