Divaina - පොලිසියට හෙණ ඉල්ලීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

katuwaදිනය පසුගිය 14 වැනිදාය. ප‍්‍රදේශය මාතර හක්මණය. වේලාව අලූයම් කාලයයි. පොලිස් මාර්ග බාධකයේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සිය ටිපර් රථයට යටකළ රියැදුරකු පලා යන්නේ ය. පසුව එම මාරක රියැදුරු හුංගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි. මෙම සිද්ධියෙන් වලස්මුල්ලේ පදිංචි හක්මන පොලිසියට අනුයුක්තව සේවය කළ මාලිත විතාරණ නමැති 36 හැවිරිදි පොලිස් නිලධාරියා ජීවිතක්‍ෂයට පත්වන්නේය. ඔහු දෙදරු පියෙකි. මෙය මහපොළව නුහුලනා අපරාධයනක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබති. මෙම ඝාතක රියැදුරුට පොලිස් නිලධාරීන් යටකිරීමට ආසන්න සිදුවීම ලෙස සඳහන් වන්නේ මාර්ග නීති කඩ කිරීමට දඩ කොළයක් ලිවිම බව අනාවරණය විය. දඩ කොළය ලියූ අවස්ථාවේදී ‘‘උඹලාට හෙණම ගහපන්’’ යනුවෙන් මෙකී රියැදුරු ප‍්‍රකාශ කළ බව ද පැවසේ. මෙම සිද්ධිය දෙස විමසුම් ඇසින් බැලීමේදී පෙනී යන්නේ අධික වෛරය නිසා මෙම මහා අපරාධය සිදු වූ බවකි.
 
 පොලිසිය පවතින්නේ මහජන ආරක්‍ෂාව උදෙසාය. නීතිගරුක සමාජයක් හැදීම වෙනුවෙන් පොලිසියේ මහත්වරු කැපවී සිටිති. රියැදුරු බලපතක් හිමි අයකු සුක්කානම අතට ගත යුත්තේ මහමඟ ගමන් කරනා අයගේ ජීවිතත් බේරාගෙන තමන්ගේ ජීවිතයත් රැුකගෙන සිය රාජකාරිය කරගෙන යෑමටය. තත්ත්වය එසේ තිබියදී මහා වෛරයකින් පොලිස් නිලධාරියකු යටකර මැරීමට තරම් පාපී සිතක් පහළවීම මහා ඛේදවාචකයකි. යළිත් මෙවන් විපත් නොවිය යුතුය. ඕනෑම අසීරු දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට ඉවසීම තරම් හොඳ තවත් අවියක් නැත. එනිසාම අප මුළු මහත් රටේම  රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉවසීමෙන්, කල්පනාවෙන් තම රාජකාරිය කරන ලෙසය.
 
මේ අතර පෙරේදා (16 වැනිදා* රත්මලාන අඟුලාන ප‍්‍රදේශයේ දී පුංචි යුද්ධයක් ඇතිවිය. පොලිසියට හෙණ ඉල්ලමින් අඟුලාන ප‍්‍රදේශයේ වැසියන් පිරිසක් අඟුලාන පොලිසියට ගල්මුල්වලින් පහර දුන්හ. තත්ත්වය සමනය කිරීමට කැරලි මර්දන නිලධාරීන් පවා කැඳවීමට සිදුවිය.
 
 අප කලින් ඉදිරිපත් කළ සිදුවීමට වඩා මෙය හාත්පසින්ම වෙනස් ය. මෙම ගම්මුන් පොලිසියට ගල්මුල් ගැසුවේ පොලිස් වෙඩි පහරින් මියගිය ධීවරයකු වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලමිනි. මෙම ධීවරයාට පොලිසියෙන් වෙඩි තබා තිබුණේ මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට බාධාකළ බව පවසමිනි. ටිපර් රථ රියැදුරු පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම මහා අපරාධයක් වන්නා  සේ ම රාජකාරියට බාධා කළ බව පවසමින් නිරායුධ පුද්ගලයකු මරා දැමීමේ අයිතියක් පොලිසියට නොමැත. පොලිස් රාජකාරියට බාධා වූයේ නම් ඔහුව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට ඉඩ තිබිණි. එනිසා මෙම සිදුවීම් දෙක දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ පොලිසිය හා මහජනතාව අතර විශාල දුරස්ථභාවයක් ඇති වී තිබෙන බවය. මහජන සාමය මූලික කරගෙන එය ඇති කිරීමට කතිකාවක් සමාජය තුළ ඇරඹිය යුතුව ඇත. ඒ සඳහා නොපමාව  පෙළගැසෙන්නැයි පොලිසියේ මහත්වරුන්ගේ මෙන්ම මහජන සාමය උදෙසා පෙනී සිටින සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලමු. දෙපාර්ශ්වය අතර බිඳුණු හොඳහිත යළි රෙපෙයාර් කිරීමේ වැඩි වගකීම ඇත්තේ පොලිසියේ ඉහළ නිලධාරීන්ට බව අමතක නොකළ යුතුය.
 
 එනිසා වගකීමක් සහ වගවීමක් සහිතව පොලිසිය සහ මහජනතාව අතර විශ්වසනීයභාවය ඇති කිරීමට සියලූ පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා එක්වන්නැයි දිය යුතුව ඇත.
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles