Divaina - වෙඩිතලතිවු 5/2001 සහ 2/2006

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

jungකොරෝනා නොහොත් කොවිඞ් වසංගතය ගැන තවදුරටත් කතා කළ යුතුව ඇති බව ඇත්තකි. එසේම, පාතාලය, කුඩු කතා, නාකොටික් හෙළුව, සහරාන්ගේ කතා, නියඟය, බඩු මිල ආදී වශයෙන් මේ රටේ කතා කළ යුතු මාතෘකා නහුතයකි.
 
 එනමුත් ඒ කතා හැර තවත් කතාද තිබේ. මේවා බොහෝ දෙනෙකු නොදන්නා කතාය. එසේත් නැතිනම් සමහරු දැනගෙනත් නොදන්නවා වගේ සිටින කතාය. කන්නට ඕනෑ විට කබරගොයත්
 
 තලගොයා කරගන්නවා යයි කියමනක් තිබේ. ඒ නිකන් නොවේ. අප මේ කියන්නට යන ජාතියේ කතාවලට ඒ උදාහරණ කදිමට ගැලපේ.
 
 පසුගිය බදාදා (8* අප කතුවැකියේ කීවේද මේ රටේ රක්ෂණය කළ යුතු වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5ක් අනාරක්ෂණය කරන්නට රජය ගෙන ඇති වෑයමක් පිළිබඳවය. අද අප ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්නට සැරසෙන්නේ උතුරුකරයේ අතිශය සංවේදී කඩොලාන ස්වාභාවික රක්ෂිතයක් වන වෙඩිතලතිවු තෙත්බිමේ හෙක්ටයාර් එක්දහස් හාරසිය අනූවක් රක්ෂිතයෙන් ඉවත් කර ඉස්සන් ගොවිපළක් කරන්නට රජය ගෙන ඇති වෑයමක් සමගය.
 
 කතාව මෙබඳුය. ශ‍්‍රී ලංකාවේ වන ඝනත්ව ප‍්‍රතිශතය 18% - 20% පමණ වේ. සංඛ්‍යාත්මකව එය හෙක්ටයාර් මිලියන 2.1 ක් පමණ වේ. මේ අතර රක්ෂිත වනාන්තර, අභයභූමි, ජාතික උද්‍යාන, ජාතික උරුම වනභූමි යනාදී රක්ෂිත වර්ග රැුසක් ඇත. එනමුත්, ඒවාට අයත් නොවන, එමෙන්ම රජයට මුදල් නැති නිසා මිනුම් හා මායිම් නොකරන තවත් වටිනා කැලෑ ඉඩම් විශාල ප‍්‍රමාණයක් රටේ පවතී. ඒවා යෝජිත රක්ෂිත නම් වේ. ඒවා හැරුණු කොට කාලයක් දිසාපති කැලෑ ලෙස හඳුන්වන ලද ගමේ ගොඬේ, ගංගාධාරවල, අලි මංකඩ හා අලි කොරිඩෝවල, ගල් කඳු වටා ඇති හෙක්ටයාර් මිලියන 5 ක් තරම් වනාන්තර ප‍්‍රමාණයක් රටේ ඇත. මේවා මගින් රක්ෂිත යා කරන අතර, වනසතුන්ගේ ගමන්මාර්ග හා රැුකවල් වනාන්තර, ජල රක්ෂිත, පුරාවිද්‍යා රක්ෂිත වැනි ඉතා ඉහළ නොගිනිය
 
 හැකි තරමේ වටිනාකම් රටටත්, පරිසරයටත් ලබාදේ. කොටින්ම මේ වසරේදී හා පසුගිය 2019 වසරේදී ශ‍්‍රී ලංකාවට ආවේණික හූනන් සියයට 99 ක් ම සොයාගත්තේ මෙම අවශේෂ වනාන්තර තුළිනි.
 
 කලක පටන් මෙම වනාන්තරවලට සිදුවන විනාශය ඉවරයක් නැති තැන 2001 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 5/2001 දරන චක‍්‍රලේඛය මගින් මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා දෙන ලදී. ඒ අනුව මෙම වනාන්තර හා වන රක්ෂිත සියල්ලක් පාලනය කරනු (නීතිමය රැුකවරණය* ලබන්නේ වන ආඥා පනත නම් බලවත් පනතක් මගිනි.
 
 එනමුත් හදිසියේ වත්මන් රජයට මේ දිසාපති කැලෑ නොහොත් රජයේ වෙනත් කැලෑ නොහොත් අවශේෂ වනාන්තර මතක් වී තිබේ. ඒ ගොවීන්ට ලබාදීමට ඉඩම් හිඟයක් රටේ පවතින නිසා යයි පවසමිනි. එනමුත්, පරිසරවේදීන් කියන පරිදි සත්‍ය එය නොවේ. ඉහත කරුණ ඉදිරියට දමාගෙන නොහොත් මුට්ටිය දමාගෙන රජය මේ සැරසෙන්නේ චීනය, සිංගප්පූරුව ඇතුළු කොම්පැණිකාරයින් සඳහා තොග පිටින් ඉඩම් ලබාදීම සඳහා බව ඔවුහු කියා සිටිති. ඒ සඳහා රජය මෙම වෙනත් වනාන්තර සංරක්ෂණය කරනු ලබන 5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමට සැරසේ. එයින් මෙම සම්පූර්ණ වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5 ම අනාරක්ෂිත වන අතර, දේශපාලකයින්ට ඕනෑ ඕනෑ විදිහට පරිහරණය කරන්නට නිදහස ලැබේ.
 
 නමුත්, ඇත්තම ඇත්ත නම්, මේ වෙනත් වනාන්තරවලින් රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය නම්, ඒ සඳහා ද තවත් චක‍්‍රලේඛයකින් පහසුකම් සලසා තිබීමය. ඒ 2/2006 චක‍්‍රලේඛය මගිනි. එසේ අවස්ථාව තිබියදී ගෙඩිය පිටින් වනාන්තර ටික ගිලගන්නට ගන්නා රජයේ වෑයම තනිකරම ප්‍රෝඩාවක් බව අපගේ හැඟීමයි. එසේ හෙයින් 2/2006 අනුව කටයුතු කර මේ රටේ වනගහනය සුරක්ෂිත කරන්නට කටයුතු කරන ලෙස රජයට බලකර කියාසිටින්නට අප කැමතිය.
 
 එසේම, වෙඩිතලතිවු නම අපට ඉතාම හුරු පුරුදු වූයේ මුහුදු කොටි නායක සුසෙයිගේ බලගතු සැඟවුණු මුහුදු කොටි කඳවුරක් මෙහි පැවති නිසාය. ඊට මග පෑදුනේ එහි පවතින සුවිසල්, අගනා කඩොලාන සංකීර්ණය නිසාය. මෙම පරිසර පද්ධතිය හා මන්නාරම ලවණ වගුරු කලාපය සහිත හෙක්ටයාර් 29,000 ක කළපු ප‍්‍රදේශය 2016 වසරේදී 13/1956 දරන ගැසට් නිවේදනය මගින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් වනජීවී ස්වභාව රක්ෂිතයක් බවට ප‍්‍රකාශයට පත්කර තවමත් වසර 5 ක් වත් ගෙවී නැත.
 
 එනමුත්, මෙහි වගුරු ඉඩම්වලින් හෙක්ටයාර් 1491 ක් යළි ලබාගන්නට ධීවර අමාත්‍යංශයේ, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQUDA) කටයුතු කරමින් පවතී. ඒ ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහාය. මෙහි විශේෂත්වය වන්නේ බෝ කිරීමට බලාපොරොත්තුවන ඉස්සන් විශේෂය (Litopenaeus vannamei) දැඩි ආක‍්‍රමණික ජීවියෙකු ලෙස ද හඳුනාගැනීමය.
 
 ලක්සොබා සංවිධානය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන හා පරිසරවේදීන් රැසක් මේ වනවිට රජය මගින් මෙසේ ඉඩම් අත්පත් කරගෙන පරිසරය වැනසීමට ගන්නා උත්සාහයට තම විරෝධතාව ප‍්‍රකාශ කරන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්ෂණ වෘත්තීය සමිතිද තම විරෝධතාව ප‍්‍රකාශ කර ඇත.
 
 එසේ හෙයින් පරිසරය වනසන මෙවන් පාපකර්මවලට දායක නොවන ලෙස ජනතාවගේ රජයෙන් අප ඉල්ලා සිටිමු.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles