Divaina - අතවැනීම නොව මග හැරීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා පොකුර වාර්තා වූයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙනි. කන්දකාඩුවෙන් හදිසියේම නව කොරෝනා රෝගීන් මතුවීම යළිත් රටවැසියන් බියට පත්කරන පුවතක් වූ බව රහසක් නොවේ. කෙසේ නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කරන්නේ කන්දකාඩුවෙන් හමුවුණෙත් කලින් වගේ කොරෝනා පොකුරක් බැවින් මෙය පාලනය කළ හැකි බවය. රටේ ජනතාව එතුමාගේ වචන විශ්වාස කරන බව අමුතුවෙන් කිව යුතු නැත. වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද කොරෝනා පොකුරක් මතුවූ නමුත් එය පාලනය කිරීමට හැකි විය. එනිසාම මේ පොකුර පාලනය සඳහා සෞඛ්‍ය අංශ, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව පෙනී යයි. එනිසා රටේ ජනතාව කට කතා බොරු ප‍්‍රචාරවලින් කලබල වීම කිසිසේත් සුදුසු නැත. මේ අදිසි වෛරසය කොතනින් මතුවේද යන්න දන්නා කෙනෙක් මිහිපිට නැත. සිදු විය යුත්තේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම පමණකි. කන්දකාඩු පොකුර මතුවීම නිසා රට යළිත් ලොක්ඩවුන් කළ නොහැකිය. එය ප‍්‍රායෝගික නැත. අසල්වැසි ඉන්දියාවේ නම් දෙවැනි වරටත් බොහෝ ප‍්‍රාන්ත ලොක්ඩවුන් කර ඇත්තේ පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා රෝගය පැතිර යෑම හේතුවෙනි. එරට ආසාදිතයන් ප‍්‍රමාණය ලක්ෂ 8 ඉක්මවා ඇත. තමිල්නාඩුවේ මහා මාර්ග හරහා වැටවල් බැඳ ඇති ආකාරය දැක්වෙන සේයාරු හින්දු පුවත්පතේ පළ කර තිබිණි. නමුත් ලංකාවේ කතාව ඊට වඩා වෙනස්ය. ඉන්දියාවෙ නම් සමහර රෝගීන්ට ඇඳක් සොයාගැනීම පවා අපහසු වී තිබේ. එරට ලංකාවේ මෙන් නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රියාත්මක නොවේ. සාපේක්ෂව අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවද කොරෝනා වෛරසයේ දෙවන රැුල්ල රට පුරා පැතිරී යමින් තිබෙන බව දකුණු කොරියානු සෞඛ්‍ය නිලධාරීහු ප‍්‍රකාශ කළේ පසුගිය ජුනි මාසයේදීය. දකුණු කොරියාව නව කොරෝනාව සාර්ථකව පාලනය කළ රටක් ලෙස මුලින් හැඳින්වුවද වර්තමාන තත්ත්වය අනුව මෙම වසංගතය මාස ගණනාවක් තිස්සේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජර්මනියේද දෙවැනි රැුල්ලක් ඇරඹී ඇති බව විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි. කොරෝනා පාලනය කළ හැකි වුවත් එය සම්පූර්ණයෙන් තුරන් කිරීම අපහසුය. කොතැනින් හෝ යළි මතුවීමේ ඉඩකඩ ඇත. මේ ලොව වෙසෙන සකල මනුෂ්‍ය වර්ගයාටම මේ වෛරස බලපෑම හේතුවෙන් මුව ආවරණ දමා නිතර අත සෝදමින් මීටරේ දුර ආරක්ෂා කරමින් කල් ගෙවන්නට වන බව නම් පැහැදිලිය. ලෝක සෞඛ්‍ය සංවිධානයද නිරන්තරව ප‍්‍රකාශ කර තිබුණේ මේ වෛරසය සමග ජීවත්වීමට ලෝ වැසියන් හුරු විය යුතු බවය. දෙවැනි රැුල්ල ආරම්භ වූ විට දකුණු කොරියාව සිදුකළේ රට තුළ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් නීති පනවනු වෙනුවට හැකි තරම් පුද්ගලයන් පරීක්ෂා කොට කොරෝනා වෛරස් රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා යන අතරම ස්වෙච්ඡුාවෙන් සමාජ දුරස්ථභාවය තබාගැනීමේ වැඩපිළිවෙළකි. එය සාර්ථක විය. මෙරට ක‍්‍රියාත්මක කෙරෙන්නේද එවැනිම වැඩපිළිවෙළකි. මහජනතාව මෙයට සහයෝගය දීම අනිවාර්ය වේ. ඒ රටේ මෙන්ම තමන්ගේ යහපත පිණිසය. කොරෝනාවට අතවැනීම නවතා මග හැරීම සිදු කළ යුතුය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles