Divaina - දෙවැනි රැල්ලෙන් බේරීම

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kandssssමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් යළි හමුවීමත් සමඟ රට යළි අවදානමකට ලක්ව ඇති බව පෙනේ. මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළමු දිනයේදී (ජුලි 9* කොරෝනා ආසාදිතයන් 56 ක් සොයාගෙන තිබිණි. දෙවැනි දිනයේදී (ජුලි 10* මෙම  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත්ආසාදිතයන් 283 දෙනෙක් සොයාගෙන තිබිණි. ඒ අනුව තත්ත්වය හොඳ යැයි හිත හදා ගැනීමට කාට හෝ බැරිය. එනිසා කොරෝනා අවදානමෙන් මිදීම සඳහා ශී‍්‍ර ලාංකිකයන් තවදුරටත් පරිස්සම් විය යුතුය. විශේෂයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ දෙනු ලබන උපදෙස් උපරිමයෙන් රැකීම ජනතාවගේ  වගකීමකි.
 
 මෙහි බරපතළ තත්ත්වය වනුයේ දින 70කට පසු බාහිර සමාජයෙන් කෙරෝනා  රෝගියකු හමුවීමයි. ඇය කාන්තාවකි. ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන තැනැත්තියකි. ඇය නිවාඩු ලබා නිවෙසට පැමිණි විට රෝග ලක්‍ෂණ මතුව තිබේ. ඇඳුම් මසන ස්ථානයකට ඇතුළු ස්ථාන කීපයක්ම භාවිත කර ඇති අතර ප‍්‍රවාහන කටයුතු කරගෙන ඇත්තේ මගී ප‍්‍රවාහන බස් රථයෙනි. මෙම තත්ත්වය හමුවේ ඇය ආගිය තැන්වල සිටි පුද්ගලයන් සොයා පුළුල් මෙහෙයුමක් කළ යුතුව ඇත. ශී‍්‍ර ලංකාවේ කොරෝනා රෝගය උත්සන්න වූ අවස්ථාවේදී කි‍්‍රයා කළ ආකාරයෙන්ම යළිත් සකී‍්‍රය ලෙස කොරෝනා මර්දනයට සියලූ දෙනා එක්විය යුතුව ඇත. කොරෝනා රෝගය ස්වභාවය අනුව දෙවැනි රැුල්ලක් පැමිණීමට ඇති ඉඩ ගැන අප අවධානයෙන් සිටිය යුතුය. කන්දකාඩුවෙන් මතුවූ තත්වය සුළුකොට තැකිය නොහැක. විශේෂයෙන්ම මාස කීපයක් තිස්සේ වසා තිබූ රට යළි විවෘත කිරීමෙන් අනතුරුව ජනතාවගේ ඇතැම් හැසිරීම් පිළිබඳව අපට සතුටු විය නොහැක. දුරස්ථභාවය අප අතරින් ගිලිහී ගොස් තිබේ. මුඛාවරණ පැළඳීමද ඇතැම් මිනිසුන් අතර පැෂන් එකක් බවට පත්ව තිබේ. මුහුණ කට වැසිය යුතු මුඛාවරණය බෙල්ලේ එල්ලාගෙන සිටින බව අනන්තවත් දැකිය හැකිය. තත්ත්වය තවදුරටත් දරුණු වේ නම් මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීමට වුවද පියවර ගත යුතුය. විශේෂයෙන් මේ වනවිට පළමු අදියර යටතේ දරුවන් පිරිසකට පාසල් විවෘත කර ඇති බැවින් ඔවුනගේ ආරක්‍ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ.
 
 මෙහිදී රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන කරුණු ද ඉතා වැදගත්ය. කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මතය වී තිබේ.
 
 රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මෙම මතය බැහැර කළ නොහැක. කොරෝනා දෙවැනි රැුල්ලක් ඇති කර නොගැනීමේ වගකීම අප සියලූ දෙනා සතු කාර්යයකි.
 
 කොරෝනා වසංගතයත් සමඟ අප ආර්ථිකයටත් මරු පහරක් එල්ල වූ බව නොරහසකි. එනිසා කොරෝනා අවදානමක් තිබුණත් රටේ ඉදිරි ගමන සඳහා රට යළි විවෘත කිරීමට සිදු විය. ඒ නිසා කිසිවක් ආපසු හැරවිය නොහැකි මට්ටමට පත්ව තිබේ. කළ හැකි එකම දේ වන්නේ පරිස්සමින් කටයුතු කිරීම පමණි.

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles