Divaina - වනය නසන ඓතිහාසික වරද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

 රජය ඓතිහාසික වරදක් කිරීමට සැරසේ. මේ බව කියන්නේ පරිසරවේදීන්ය. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින හෙක්ටයාර් ලක්ෂ 5 ක වනාන්තර ප‍්‍රමාණයක් දිසාපතිවරුන්ට පැවරීමට කටයුතු කිරීමෙනි. එනම්, 5/2001 දරන චක‍්‍රලේඛය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලබාදී ඇති, ගමේ නගරයේ පවතින අවශේෂ කැලෑවල සංරක්ෂණ අයිතිය අහෝසි කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත්, මේ මගින් රටේ සමස්ත වනගහනයෙන් හතරෙන් එකක් අනාරක්ෂිත කෙරෙන බවත් පරිසරවේදීහු හා සංරක්ෂණවේදීහු කියා සිටිති.

 
 රටේ සැබෑ වනාන්තර ප‍්‍රමාණය මැන සිතියම් ගත කරන්නට සල්ලි නැතිනම්, ගූගල් අර්ත් වැනි අන්තර්ජාල හෝ සැටලයිට් තාක්ෂණ උදව්වෙන්වත් රටේ වනගහනය කොපමණ දැයි කියන්නට නොදන්නා රජය, අවුරුදු ගණනක් තිස්සේ ගහන්නේ එකම බයිලාවකි. එනම්, බලයට පත්වන ආණ්ඩු හැමදාම කියා සිටින්නේ රටේ ඉතිරිව ඇති වනගහනය 20%-22% පමණ වන බවය. එනමුත්, එය සැබෑවක් නොවන බව පෙන්වාදෙන පරිසර සංවිධාන කියා සිටින්නේ රටේ ඇත්තෙන්ම ඇති ගන වනාන්තර ප‍්‍රමාණය 14%-16% ක් මිස කිසිසේත් ඊට වැඩි නොවන බවකි. එබැවින් පරිසරවේදීන්ගේ මේ කතාව වැරදි නම්, රටේ ඇත්තෙන්ම ඇති ගන වනාන්තර ප‍්‍රමාණය කොතරම් දැයි හරියටම කියන ලෙස අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කරන්නට කැමැත්තෙමු.
 
 තත්ත්වය මෙසේ තිබියදී රට තුළ දැඩිව වන සංහාර සිදුවන බව අපි ඕනෑතරම් කරුණු කියා ඇත්තෙමු. විල්පත්තු උතුරු වන විනාශය ඊට එක් උදාහරණයකි. අක්කර 2500 ක් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව විනාශ කරන ලද මෙම සිද්ධියට අදාළව අධිකරණයේ නඩුවකද විභාග වූ අතර, එහි තීන්දුව මේ මස අග ලබාදීමට නියමිතව ඇත. එසේම, නැගෙනහිර, උතුරු ප‍්‍රදේශවල රක්ෂිත හා දිසාපති (අවශේෂ* කැලෑ, පුරාවිද්‍යා භූමි බහුලව විනාශ වන බව රහසක් නොවේ. පොතුවිල්, අක්කරේපත්තු වැනි ප‍්‍රදේශවල වනාන්තර කුට්ටි ප‍්‍රාදේශීය දේශපාලකයින්ට, නිලධාරීන්ට උවමනා පරිදි අල්ලාගෙන ජනාවාස කිරීම අද සුලභ කටයුත්තකි.
 
 රටේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් 14% ක ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේද, තවත් 13% ක් වනජීවී දෙපාර්තමේන්තුව යටතේද පවතින බව පැවසුනද, සැබැවින්ම එය ද යළි සමීක්ෂණයට ලක්විය යුතු අනිවාර්ය කටයුත්තකි. මන්ද හිටපු ජනාධිපතිවරයාගේ පමණක් නොව, වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට අනුවද රටේ වනගහනය 30% ක් දක්වා වැඩිකිරීමේ සැලසුම් ක‍්‍රියාත්මකව පවතින මේ මොහොතේ රටේ පවතින සැබෑ වනාන්තරවල සංඛ්‍යාලේඛන රටම දැනගත යුතුව ඇති නිසාය. එම දෙපාර්තමේන්තු යටතේ පවතින රක්ෂිත වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 21 ක් ලෙස සැලකෙන අතර මෙම වනාන්තර සම්බන්ධ කෙරෙන ඉතිරි වනාන්තර සියල්ලම පාහේ අවශේෂ වනාන්තර ලෙස හැඳින්වේ. ඒවා ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියන භාගයකි.
 
 මෙම වනාන්තර දිසාපති වනාන්තර ලෙසද කලක් හැඳින්වූ අතර, කාලාන්තරයක් තිස්සේ දිසාපතිවරුන් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් (උප දිසාපති* යටතේ විවිධ අකටයුතුකම්වලට ලක්වීම නිසා (ප‍්‍රාදේශීය දේශපාලකයින්ගේ බලපෑම්වලට නතුවීම මගින් සිදු වූ විනාශය නිසා* 2001 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් මෙම අවශේෂ වනාන්තරවල අයිතිය හා සංරක්ෂණය 5/2001 චක‍්‍රලේඛය මගින් වන ආඥා පනතට සම්බන්ධ කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරාදෙන ලදී.
 
 එනම්, මෙතෙක් රටෙන් හතරෙන් එකක් වූ එම වනාන්තර පද්ධතිය රැුකුණේ ඉහත චක‍්‍රලේඛය තුළිනි. මෙම අවශේෂ වනාන්තර පද්ධතියට දිය ඇලි හා ගංගාධාරවල වනාන්තර, ගල්පර ආශ‍්‍රිත වනාන්තර කුට්ටි, රක්ෂිත යා කරන කැලෑ සහ අලිමංකඩ, අලි කොරිඩෝ යනාදිය ඇතුළත් වේ.
 
 5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමෙන් රජයේ ඇතැම් පුද්ගලයින් විසින් අනාරක්ෂිත කරන්නට සැරසෙන්නේ මෙවන් වටිනා වන පද්ධතියකි. යළිත් දිසාපතිවරුන්ට පැවරීමෙන් ප‍්‍රාදේශීය දේශපාලකයින්ට වනාන්තර විනාශයට ඉනිමං බඳින අතර, රජය මහා ඉඩම් මංකොල්ලයකට සැරසෙන බව පරිසරවේදීන් පෙන්වාදෙන කාරණයයි.
 
 සංවර්ධන ක‍්‍රියාදාමයකට මුවාවෙන් සිදුකරන්නට යන මෙම චක‍්‍රලේඛ අහෝසිය ඓතිහාසික වරදක් වන අතර, යළිත් යථාවත් කරන්නට නොහැකි වන අතර, උතුරු නැගෙනහිර ජාතිවාදී ඉඩම් කොල්ලකරුවන්ට මෙය ඉබ්බා දියේ දැමීමක් වනු ඇත. රජයට මෙම කැලෑ තුළ යම් සංවර්ධන ක‍්‍රියාදාමයක් කරන්නට වුවමනා නම් ඉඩම් පවරාගන්නට
 
 හැකි 2/2006 නම් තවත් චක‍්‍රලේඛයක් මේ සඳහා තිබියදී හංගාගෙන ගසන්නට සැරසෙන මේ චක‍්‍රලේඛ අහෝසිය තනිකරම පටු, ආත්මාර්ථකාමී ක‍්‍රියාවක් වන බවද පරිසරවේදීන්ගේ අදහසයි.
 
 අපේ විශ්වාසය නම් මේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට දැඩිව පටහැනි බව හා ජනාධිපතිවරයාට වසං කර කවුරුන් විසින් හෝ සිදුකරන්නට යන අපත කටයුක්තක් බවකි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles