Divaina - පාසලේ සීනුව යළි නාදවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

නව කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම අද සිදු කෙරේ. මාර්තු 11 වැනිදා වසා දැමුණු පාසල් යළි සක‍්‍රීය වන්නේ අද දිනයේ සිටය. මන්ද පාසලේ සීනුව නාද වන්නේද, ඡුත්ත මානවක ගාථා සජ්ජායනය ඇසෙන්නේද අද දිනයේ සිට වන බැවිනි. අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම සිදු කරනු ලබන නිසා අද දිනයේ 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවේ. පසුගිය සතිය තුළ දිවයිනේ සියලූම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප‍්‍රකාශ කර තිබිණි. පසුගිය සතිය පුරා දිවයිනේ සියලූ පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරිණි. ඇත්තෙන්ම පාසල් ආරම්භ කිරීම යනු මිලියන 4.5 ක සිසුන්, ඊට ආසන්න ප‍්‍රමාණයක දෙමවුපියන් සහ දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරුන් සමාජය තුළ සක‍්‍රිය කිරීමකි. ඒ නිසා වසංගත අවදානම ගැන සැම විටම සිත්හි තබාගෙන නිරෝධායන ක‍්‍රියාවලියට අදාළ නිසි සෞඛ්‍ය පුරුදු  අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. චීනයේද පාසල් විවෘත කිරීම සිදුවූයේ කොටස් වශයෙනි. එරට දෙවැනි රැුල්ලක්ද ඇතිවූ නිසා බීජිං නගරයේ කොටසක පාසල් යළි වසා දැමිණි.

එහෙත් ශ‍්‍රී ලංකාවේ බාහිර සමාජයෙන් රෝගීන් හමුවීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර රෝගීන් හමුවන්නේ විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින්නන්ගෙන් පමණකි. නාවික හමුදා පොකුරෙන්ද රෝගීන් හමුවීම නතර වී ඇත. අවසන් වරට බාහිර සමාජයෙන් කොරෝනා රෝගියකු හමුවූයේ මීට දින 66 කට පෙරදීය. මේවන විට වෛරසය ආසාදනය වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන්නේ දෙසීයකටත් අඩු පිරිසකි. ඒ අනුව වසංගත තත්ත්වය පැහැදිලි ලෙසම පාලනය කර ඇති බව පෙනී යයි. ලංකාව වසංගතය පාලනය කර ඇති වුවත් ඉන්දියාවේ මෙන්ම ඇමෙරිකාවේද දිනෙන් දින රෝගීන් හඳුනාගැනීම වැඩිවී තිබේ. එය භයානක අනතුරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් අද දිනයේ පාසල් ආරම්භ කිරීමේදී විද්‍යාල පරිශ‍්‍රයට ඇතුළුවන සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම සිදු කිරීමටද අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. එසේම සියලූ දෙනාම මුව ආවරණ පැළඳීම අනිවාර්යය වේ. නව කොරෝනා වෛරසය කිසිදා තුරන් නොවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරන නිසා මෙරට දරුවන්ද ඒ සමග අනුගත වී තම අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑමට කැපවිය යුතුය. කොරෝනාව හේතුවෙන් ලොවපුරා අධ්‍යාපනය ලබන දරුවන්, තරුණයන් ඇතුළු බිලියනයකට සිය පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනවලින් බැහැරව නිවෙස්වලට වී කාලය ගෙවන්නට සිදුවිය. එය කනගාටුදායක තත්ත්වයකි. නමුත් ලොව එතෙක් මෙතෙක් මුහුණ නොදුන් අදිසි වෛරසය නිසා සියල්ල උඩු යටිකුරු විය. මීට දශකයට පමණ පෙර කොළඹට දැඩිව කොටි ත‍්‍රස්ත තර්ජන පැවතියදී පවා පාසල් වසා දැමුනේ නැත. බෝම්බ බිය සමග වුවත් දරුවෝ පාසල් කරා පැමිණියහ. එහෙත් මේ වසංගතය සියලූ තර්ජනවලට වඩා වෙනස්ය. ත‍්‍රස්තයා හඳුනාගත හැකි වුවත් කොරෝනාව හඳුනාගත නොහැක. එබැවින් සියලූ දෙනා නිසි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බව යළි අවධාරණය කරමු. අදට හෙට වඩා යහපත් වන්නේ එවිටය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles