Divaina - තවදුරටත් පරිස්සමෙන්....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

කොරෝනා වසංගතය මුළු ලොවටම එල්ල කළ තර්ජනය අතිමහත්ය. මේ වන විට ලොව පුරා කොරෝනා වසංගතයට ගොදුරු වූ ගණන ලක්‍ෂ 100 ඉක්මවා තිබේ. ඊයේ (03 දා* පස්වරුව වන විට මෙම වසංගතයට ගොදුරුව මියගිය ගණන  541,828 කි. කෙසේ වෙතත් රෝගයට ගොදුරු වූ 6,175,566 දෙනකු සුවය ලබා තිබේ.
 
 කොරෝනා වසංගතය හමුවේ ලොව බලවත් හෝ දුබල කියා එහි බලපෑමේ වෙනසක් නොවිණි. ලොව බලවත් බව පවසන ඇමරිකාවෙන් වැඩිම ආසාධිතයන් ප‍්‍රමාණයක් හමුවන්නේ ලෝකයේ යථා ස්වභාවය අපට පසක් කර දෙමිණි. ඇමරිකාවෙන් පමණක් මේ වන විට කොරෝනා ආසාධිතයන් 2,837,612 ක් වාර්තා වී තිබේ. මියගිය ගණන 131,503 කි.
 
 ලොව පුරා තත්ත්වය එසේ තිබියදී ලංකාවේ කොරෝනා වසංගතයෙන් මියගිය ගණන 11 කට සීමා කර ගැනීමටත්, ආසාදනයට ලක්වූ ගණන ඊයේ වන විට 2066 කටත් සීමා කර ගැනීමට හැකිවිණි. එය මෙරට සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ ඇතුළු අනෙකුත් ක්‍ෂේත‍්‍රවල මෙන්ම ජනතාව කැපවීමෙන් ලබාගත් තත්ත්වයකි.
 
 කොරෝනා වසංගතයෙන් බැටකෑ අප රටේ ආර්ථිකය හා සමාජීය ජීවිතය ගොඩනැඟීම සඳහා මේ වන විට රජය විශාල වෙහෙසක් ගන්නා බව නොරහසකි. එනිසා ක‍්‍රමක‍්‍රමයෙන් ඇඳිරිනිතිය ලිහිල් කරමින් රට යථා තත්ත්වයට පත් කිරීමේ අරගලයක නිරත වීමට සෑම අංශවලටම සිදුව තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය අංශ නිරතුරුව පෙන්වා දෙනු ලැබූයේ රට විවෘත කළත් කොරෝනා අවදානම මුළුමණින්ම පහව නොමැති බවයි. එනිසා සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අකුරටම පිළිපදින ලෙසට ජනතාව දැනුවත් කිරීම ද සිදුකෙරිණි. කොරෝනා අවදානම මුළුමනින්ම පහව නොගොස් ඇති බව කොළඹ ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියකු වාර්තා වීමෙන් පැහැදිලිය. මෙම තත්ත්වය හමුවේ ජින්තුපිටිය ප‍්‍රදේශයේ පවුල් 35 කට අයත් 154 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමටත් ප‍්‍රදේශය හුදකලා කිරීමටත් සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසිය පියවර ගෙන තිබිණි. මෙකී ආසාධිතයා කොරෝනා රෝගයට ගොදුරු වී නිරෝධායනයට ලක් ව සිටි පුද්ගලයකු වීමද විශේෂත්වයකි. එනිසා අප තවදුරටත් ආරක්‍ෂාකාරී පියවර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 නමුත් ප‍්‍රශ්නය අප රටේ බොහෝ ජනතාව මේ වන විට කොරෝනා වසංගතයේ අවදානම ගැන අඩු සැලකිල්ලකින් කටයුතු කිරීමයි. මාස්ක් පළඳින්නැයි කීවද එය නිසි ලෙස ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සබන් හෝ වෙනත් විෂබීජහරණ දියරයකින් අත් සේදීම ද අමතක කර ඇති බව පෙනේ. සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කෙරුණු රට යළි ආපස්සට නොගැනීමේ වගකීම ඇත්තේ ද ජනතාව අතේ බව අමතක නොකළ යුතුය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා දින දාහතරක් නිරෝධායනය විමෙන් අනතුරුව නැවත නිවසේදී ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බැවින් පිටස්තර පුද්ගලයන් කිසිවෙකුටත් මොහුගෙන් රෝගය බෝවීමේ ඉඩකඩ නොමැති බවයි. එය සැනසිල්ලට කාරණයකි.
 
 ඒ කවරක් නමුත් තවදුරටත් අප රටේ ජනතාව ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක‍්‍රියා කළහොත් කොරෝනා දෙවැනි රැුල්ලක් අප වෙත ළඟා කර ගැනීමේ අවදානමෙන් මිදිය හැකිය.
 
 විශේෂයෙන් මෙහිදී මතක් කළ යුතු දෙයක් තිබේ. ඒ අප රටේ විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේ කාර්යයයි. ඔවුන් අපට අපේ රටේ විදේශ විනමය ඉහළ දැමීමට දායක වූවන් බව අවිවාදිතය. එනිසා එම රටවල අවදානම් සහිත ජීවිතයක් ගත කරන පිරිස අප රටට ගෙන්වා
 
 ගැනීම අප සතු යුකුකමකි. එහෙත් එය කළ යුත්තේ ඉතාමත් පරිස්සමෙනි. පිරටින් මෙරටට පැමිණෙන අයත් සමඟ කොරෝනා රෝගය පැමිණියහොත් එය භයානයකය. ජින්තුපිටියෙන් හමුවන පුද්ගලයා ද එවැන්නෙකි. නෞකාවක සේවය කළ මෙම පුද්ගලයා පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. බූස්ස කඳවුරේදී පී. සී. ආර්. පරීක්‍ක්‍ෂණයට ලක් කෙරුණු මෙම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු විය. දින 14 ක නිරෝධානයකින් පසු තවත් දින 14 ක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී මොහුට කොරෝනා රෝග ලක්‍ෂණ මතුව ඇත. කොරෝනා වෛරසයේ ඇති භයානක තත්ත්වය මෙයයි. එය විවිධ ස්වරූපයෙන්, විවිධ කාල පරාසයන් අනුව එහි ස්වභාවය වෙනස් වෙමින් අපව නන්නත්තාර කරන බව පෙනේ. එනිසා තවදුරටත් පරිස්සමෙන් ඉඳිමු. පරිස්සමෙන් වැඩ කරමු.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles