Divaina - නාකොටික් හෙළුව

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nakotisපාතාලය, කුඩු ජාවාරමුන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති සබඳතා පිළිබඳ පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක පුවත් අසන්නට ලැබිණි. පාතාලයන් සිරගෙට ගියවිට සැප පහසු ජීවිත ගත කිරීමට ලැබෙන්නේ බන්ධනාගාර නිලධාරීන් නිසාවෙනි. මෙම තත්ත්වය හමුවේ ප‍්‍රධාන ජේලර් රොත්තම වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබිණි. පාතාල කි‍්‍රයාකාරකම් මැඬීමට
 
 බන්ධනාගාර නිලධාරීන් අතර පවතින සබඳතාව බිඳ දැමිය යුතුමය. පාතාලයන් හිරේ ගියත් ඔවුන්ගේ කුඩු ජාවාරම දිගටම කෙරෙන්නේ
 
 බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඔවුනට ලැබෙන සහය නිසාවෙනි. ඒ වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීහු පාතාලයේ සල්ලිවලින් සැප විඳිති. රටක් ගැන, රටේ ¥දරුවන්ගේ අනාගතය ගැන කිසිදු හෝ කැක්කුමක් නොමැතිව
 
 බන්ධනාගාර නිලධාරීන් කරන මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේ කාලයක් තිස්සේය. මාධ්‍ය මගින් බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කෙරුවාවල් හෙළි කළත් පළක් නොවිණි. අවසන මේ පිළිබඳව ජනාධිපතිවරයාට වේවැල අතට ගැනීමට සිදුවිය. පාතාලයේ හා
 
 බන්ධනාගාර නිලධාරීන්ගේ ඇති සබඳතාවය සැරෙන් හෙළිදරව් කරන ජනාධිපතිවරයා නිලධාරීන් බන්ධනාගාරය හදන්නේ නැති නම් තමන්ට ඒ සඳහා මැදිහත්වීමට සිදුවන බව පවසන්නේ රටේම අවධානය ඒ දෙස යොමු කරමිනි. එහි ප‍්‍රතිඵල පසුගිය දිනවල දැනගත හැකි විය. ප‍්‍රධාන ජේලර්ලා රොත්තටම මාරුවීම් ලැබෙන්නේත්, මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම වන්නේත් එහි ප‍්‍රතිඵලයක් නිසාවෙනි.
 
 රටපුරා කුඩු ජාවාරම කි‍්‍රයාත්මක වෙද්දී මේ රටේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙද්දී එය නවතාලීම සඳහා කි‍්‍රයාත්මක විය යුතු බවට විවිධ
 
 පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල විය. ඒ සඳහා කි‍්‍රයාත්මක වීමට යෑමේදී පැනනැගුණු ප‍්‍රශ්නය වූයේ අල්ලනු ලබන කෝටි ගණනක කුඩුවලට වෙන්නේ කුමක් දැයි කවුරුවත් නොදැනීමය. අවස්ථා කීපයකදී අල්ලා ගනු ලැබුවේ යැයි කියන කුඩු විනාශ කිරීම පිළිබඳව මාධ්‍ය සන්දර්ශන පවා පැවැත්විණි. එහෙත් අප රටේ කුඩු භාවිතයේ අඩුවක් නොවිණි. එහිදී පැනනැගුණු උභතෝකෝටික ප‍්‍රශ්නය වූයේ මෙච්චර කුඩු අල්ලන රටේ කුඩු භාවිතය අඩු නොවන්නේ කුමන කාරණයක් නිසාද යන්නයි. දැන් දැන් එහි හෙළුව හෙළිවෙමින් තිබේ. ඇඟිල්ල දිගු වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට හෙවත් නාකොටික් එකටය.
 
 කෝටි 100 ක් වටිනා කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණූ බවට චෝදනා ලැබූ නාකොටික් නිලධාරීන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ කිරීමේදී එහි නිලධාරියකු මහව දලදාගම නිවසක වළ දමා තිබූ කෝටි තුනක මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබීය. පරීක්‍ෂණ වැඩිදුරටත් සිදුකෙරෙද්දී මෙම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්‍ෂකවරයකුගේ නිවසින් ලක්‍ෂ නවයක මුදලක්, ජීප් රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට මෙම ජාවාරමට සම්බන්ධ නාකොටික් මහ මොළයන් අතුරුදන්ව සිටින බවද දැනගන්නට ලැබී ඇත. මහබාගේ පොලිස් වසමේදී ඉකුත් මැයි
 
 14 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව කියන හෙරොයින් කිලෝ 225 සහල් මළුවල අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ එම නිලධාරීන් බව විමර්ශනවලදී හෙළිවී ඇත. ඒ අනුව නාකොටික් නිලධාරීන් පිරිසක් විසින් කරනු ලැබූ මගඩි සියල්ල මේ වන විට හෙළිවෙමින් තිබේ.
 
 අපේ රට ධර්මද්වීපය ලෙස කාලයක් හඳුන්වනු ලැබීය. නමුත් මෙවැනි කාලකන්නි නිලධාරීන් ගොන්නක් එම ධර්මද්වීපය වරින් වර කෙලෙසන බව පෙනේ. මේවාට සම්බන්ධ නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුය. ඒ පමණක් නොව මෙහි පසු විපරම ද අත්‍යවශ්‍යය. මේ රටේ කුඩු ජාවාරම හුදකලා සිද්ධියක් නොවන බවත් එය නැවැත්වීමට සිටින නිලධාරීන් පිරිසක් ඊට සම්බන්ධ වීම ජාතික අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම නාකොටික් එකේ සිටින ¥ෂිත නිලධාරීන් පන්නා එය සුද්ද කරන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles