Divaina - කෝටියක කතාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ලොව පුරා නව කොරෝනා ආසාදිත පිරිස ලක්ෂ සියය ඉක්මවා තිබේ. වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 500,625 දක්වා ඉහළ ගොස් ඇති ඇති අතර වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 පසු කර ඇති අතර එම අගය දැක්වෙන්නේ 5,453,003 ක් ලෙසය. චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී ගිය අතර මේ වන විට රටවල් 210කට වැඩි ගණනක රෝගීන් සොයාගෙන තිබේ. කොරෝනා වෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්පේ‍්‍රෂණය වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලීය වසංගතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. කොරෝනා වෛරස යනු සෙම්ප‍්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් ‘පවුලකි’. මේ වන විට කෝටියක් දෙනාට වැළඳී ඇති නව කොරෝනා වෛරසය ඉතිහාසයේ මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි. චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය. මේ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය. මෙරට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කළ සුවිශේෂී කැපවීම නිසා කොරෝනා රෝගය පැතිරවීම සාර්ථක ලෙස මැඬපැවැත්වීමට හැකිවීම රටක් ලෙස ලබා ගත් සුවිශේෂී ජයග‍්‍රහණයක් බව සටහන් කළ යුතුය. දැන් රෝගීන් පොකුරු හමුවන්නේ විදේශයන් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින අයගෙන් පමණකි. කෙසේ නමුත් බාහිර සමාජයේ සෑම පුද්ගලයෙක්ම නිරෝධායන රෙගුලාසි අනුගමය කිරීම ඉතා වැදගත්ය. මන්ද දෙවැනි රැුල්ලක් ඇති නොවන්නේ යැයි කාට කිව හැකිද? චීනයේ මෙන්ම දකුණු කොරියාවේද දෙවැනි රැුල්ලක් ඇතිව තිබේ. එනිසාම ලංකා සමාජය තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම වැදගත් වේ. අදිසි වෛරස් සතුරා කොයි මොහොතේ හෝ කඩා පැනිය හැක. එම නිසාම වසංගතය අඩුවන තෙක් වෛරසය පාලනය සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටී. මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදෙස් රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටියදී හඳුනාගත් ආසාදිතයින් ගණන ඒ අනුව 773 දක්වා ඉහළ ගොස් තිබේ. සමස්ත නව කොරෝනා ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයින්ය. දේශීයව හඳුනාගත් ඇති ආසාදිතයින් ගණන 313 කි. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත 500,000 ඉක්මවා යෑම ගැනත් අප වැඩි අවධානයකින් සිටිය යුතුය. උතුරේ නාවික මුර සංචාර වැඩි කර ඇත්තේද එනිසාය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ‍්‍රසීලය සහ රුසියාවට පසු වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. මේ වෛරස් ප‍්‍රහාරය හේතුවෙන් ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 91%ක අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි. මාර්තු මාසයේ වසා දැමුණු මෙරට පාසල් යළි ඇරඹෙන්නේ අද සිටය. එහෙත් එය සිසුන්ට නොව ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණකි. ඇත්තෙන්ම මේ අදිසි වෛරසය ලෝකයම උඩ දමා පොළොවේ ගසා ඇති බව පෙනී යයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles