Divaina - ආත්ම විශ්වාසය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහසේ සීමාව පසු කර තිබේ. දැනට වාර්තා වන ආසාදිතයන්ගෙන් බහුතරයක් විදේශ රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් වුවද, තවමත් වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පොකුර නිවී ගොස් නැත. පෙරේදා (24* වාර්තා වූ ආසාදිතයන් දස දෙනාගෙන් තිදෙනකුම නාවික හමුදා සාමාජිකයන් වීමෙන් පැහැදිලි වන්නේ 64 වැනි දිනටත් වැලිසර කොරෝනා පොකුර සක‍්‍රීය වී ඇති බවකි. කොරෝනා මරණ අවම කර ගැනීමට හැකි වුවද, අපට තවමත් ආසාදිත චක‍්‍රය සමතලා කර ගැනීමට නොහැකි වී තිබේ. ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයක් සිදු කිරීමෙන් සමාජය තුළින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි වූ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මාධ්‍යයට පවසා තිබිණ. නමුත් මෙම පරීක්ෂණ ලක්ෂය සිදු කර ඇත්තේ දින 75ක් වැනි කාලයක් ඇතුළතදීය. කොරෝනා පරීක්ෂණ ප‍්‍රමාණය දින ගණනින් බෙ¥ විට, දිනකට කළ පී.සී.ආර්. පරීක්ෂණවල සාමාන්‍යය 1300ක් පමණ වේ. දිනකට මේ තරම් සුළු පරීක්ෂණ ප‍්‍රමාණයක් සිදු කර, කොරෝනා සමාජයෙන් තුරන් කළ බවට උදම් ඇනීම ඉතා අවදානම්ය.
 
 ගෝලීය වශයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බැවින් තවදුරටත් රටේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය සුපරික්ෂාකාරීව ඉදිරියට ගෙන යා යුතුව තිබේ. දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඇතැම් දේශපාලකයන් කොරෝනා මර්දනය කළ බවට වීරෝදාර ප‍්‍රකාශ නිකුත් කළද, රටේ සෞඛ්‍ය අංශ මේ මොහොතේ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුය.
 
 ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගෙන් ලැබෙන දායකත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබේ. පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳ නොසිටි 5,000කට අධික පිරිසක් පොලීසිය විසින් නිරීක්ෂණය කර තිබෙන බවකි. මෙය දෙවැනි වසංගත රැුල්ලක් නිහඬවම ගෙදරටම කැඳවා ගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබියදී, සෞඛ්‍ය අංශ සහ පොලිසිය විසින් ඒ පිළිබඳව නිරතුරුව දැනුවත් කරමින් තිබියදී, ජනතාව මෙලෙස හැසිරීම අවදානම් තත්ත්වයකි. ලෝකයේ බොහෝ රටවල් ජනතාවට ”මාස්ක්” පැළඳීම අනිවාර්ය කරනු ලැබුවේ මාර්තු මාසයේ සිටය. නමුත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකයන්
 
 ”මාස්ක්” පැළඳීම පිළිබඳව කරන ලද උපහාසාත්මක විවේචන නිසා තවමත් රටේ බහුතර ජනතාව තුළ මුහුණු ආවරණයක් පැළඳ වසංගත රෝගවලින් ආරක්ෂා විය හැකි බවට ආත්ම විශ්වාසයක්
 
 ගොඩනැගී නොමැත. ජනතාවගේ ආත්ම විශ්වාසය බිඳ දැමූ දේශපාලකයන් ”මාස්ක්” පැළඳ ජනතාව අතරට යෑම තරම් උපහාසයක් තවත් නැත. එම නිසා ප‍්‍රමාද වී හෝ ජනතාවගේ ආත්ම විශ්වාසය
 
 ගොඩනැගීමේ වගකීම දේශපාලකයන් විසින් ඉටු කළ යුතුය. විශේෂයෙන්ම කොරෝනා වැනි මෙතෙක් නිවැරදිව හඳුනා නොගත් වසංගතයක් මර්දනය කළ හැක්කේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් තුළින් සහ එම පිළිවෙත් පිළිබඳව ජනතාව තුළ විශ්වාසය ගොඩනැඟීමෙන් පමණිx
 
 මේ වන විටත් රටේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන බොහොමයක් සමාජ දුරස්ථභාවය කඩ කරමින් කටයුතු කරන බවට වාර්තා වෙමින් තිබේ. රජය මෙම ආයතන යළි විවෘත කිරීමට අවසර ලබා දුන්නේ කොරෝනා මර්දන නීති මාලාවකට ඇතුළත්වය. එම නිසා මෙම නීති අකුරට ක‍්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව රජය නිරීක්ෂණය කළ යුතුය. එම නිසා ඉතා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කොවිඞ් -19 නිර්දේශ ඇතුළත් ගැසට් පත‍්‍රය මුද්‍රණය කර එම නීති බලාත්මක කළ යුතුය. මේ වන විටත් මෙම ගැසට් පත‍්‍රය මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාව, නීති ක‍්‍රියාත්මක කිරීමේදී ගැටලූකාරී අර්බුදයකට මුහුණ දී සිටී.
 
 කොරෝනා වසංගතයට මුහුණ දී සිටින සෑම රටකටමට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ වසංගතය මඟින් ආර්ථිකය මත කරනු ලබන පීඩනයෙන් මිදීමය. ශ‍්‍රී ලංකාව වැනි, ආනයන වෙළෙඳ පොළ මත ඉදිරියට යන රටකට මෙම පීඩනය කොහෙත්ම දරා ගත නොහැක. මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සතු එකම සම්පත, විදේශ මුදල් තැන්පතු ගිණුමය ( දෙරුසටබ-ැංජය්බටැ රුිැරඩැි*. 2020 අප‍්‍රියෙල් 24 වැනි දින වන විට මෙම ගිණුමේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 7,525කි. ශ‍්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්ථානයේ වත්කම ඩොලර් මිලියන 7,800කි. නේපාලයේ 8,180කි. කෙන්යාවේ 1,766කි. ශ‍්‍රී ලංකාවේ විදේශ ගිණුමට වැඩිම දායකත්වයක් ලබාදුන් විදෙස් ශ‍්‍රමිකයන්ගේ රැුකියා සහ ඇඟලූම් කර්මාන්තයේ අනාගතය මේ මොහොතේ පවතින්නේ අවදානම් තත්ත්වයේය. මේ වසරේදී විදේශ ගිණුමේ මුදල්වලින් විශාල ප‍්‍රමාණයක් ණය වාරික සඳහා මුදාහැරීමට නියමිත බැවින්, රටේ ආර්ථිකය මත ඇති කරන පීඩනය තවත් ඉහළ යනු ඒකාන්තය. එම නිසා වර්තමාන ආණ්ඩුවට පමණක් නොව අගෝස්තු මාසයේ බලයට පත්වීමට නියමිත නව ආණ්ඩුවට ද මුහුණ දීමට සිදුවන අභියෝගය සුළුපටු නැත. එම නිසා මෙතැන් සිට හෝ ආශ්චර්යමත් අනාගතයක් ගැන කතා නොපවත්වා, රට මුහුණ දී සිටින සැබෑ තත්ත්වය පිළිබඳව ජනතාවට අවබෝධ කරදීම දේශපාලකයාගේ වගකීමය. මෙම ආර්ථික අර්බුදයෙන් ගැලවිය හැක්කේ රටේ ආර්ථික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රැුඩිකල් තීන්දු ගැනීමෙන් පමණි. එම තීන්දු ගැනීමට නම් රටේ ආර්ථික ඉලක්කම්වල ඇත්ත චිත‍්‍රය ජනතාවට පෙන්වා දිය යුතුය. ජනතාවට රට ගැන සැබෑ ආත්ම විශ්වාසයක් ගොඩනැෙඟන්නේ එමඟින් පමණි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles