Divaina - දේශපාලන අම්බරුවන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මෑතක සිට ආගමික නායකයන්ට නිග‍්‍රහ කිරීමේ දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහිවෙමින් පවතී. එය සදාචාරය අගයන ශ‍්‍රී ලංකාව වැනි රටකට නොගැළපෙන, ඉතාම කනගාටුදායක සහ ඛේදනීය තත්ත්වයකි. ආගමික නායකයන්ට සැලකීම අතින් අප ඊටම ආවේනික සංස්කෘතියක් ඇති රටකි. ලෝකයේ බොහෝ රටවලත් ආගමික නායකයන්ට සලකන්නේ අතිමහත් භක්තියකිනි. එවන් තත්ත්වයක් පවතිද්දී අපගේ කුමන හෝ ආගමික නායකයන් ගැරහීමට ලක්වීම සිදුවිය යුත්තක්ද යන්න අප අපගේ හදවත්වලටම තට්ටු කර බැලිය යුතු කාරණයකි.
 
 ආගමික පූජකයින් හා භික්ෂූන් දේශපාලනයට පිවිසීම නිසා ඔවුන් ඔවුන් විසින්ම හෑල්ලූවට ලක්වී ඇතැයි කෙනෙකු තර්ක කරන්නට බැරි නැත. එවන් සිදුවීම් සඳහා ඕනෑ තරම් උදාහරණ ද ඇත. විටෙක පාර්ලිමේන්තුවේ සිදු වූ මන්ත‍්‍රී
 
කලබැගෑනිවලට මැදිහත් වී භික්ෂූන්වහන්සේ සිදුකරගත් අකරතැබ්බ ගැන ද ජනතාවට හොඳින් මතක තිබේ. එසේම, ඇතැම් භික්ෂූන් දරුණු විදිහට දේශපාලන පක්ෂවලට කඬේ යෑම නිසා ආගම පවා හෑල්ලූවට ලක්ව ද තිබේ. එය වෙනම කතාවකි. එසේ හෙයින් තම ගරුත්වය ආරක්ෂා කරගන්නට හැකි උපරිමයෙන් කටයුතු කිරීම එක් පැත්තකින් ආගමික පිරිස්වල වගකීමකි. මන්ද මේ සියල්ලෝම ජනතාව විසින් පූජනීයව සලකනු ලබන පිරිසක් නිසා එම ගරුත්වය නිසියාකාරව ලබා නොගැනීමත් සමාජය පිරිහීමේ ලක්ෂණයක් වන නිසාය.
 
එසේම, භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් නැතිනම් රටත් ජාතියත් වළපල්ලේ බවද සිහිපත් කරනු කැමැත්තෙමු. වාරියපොළ සුමංගල, කුඩාපොළ, හික්කඩුවේ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි යතිවරයාණන් වහන්සේලාගේ පටන්, සෝම හිමියන්ගේ පටන් ජාතිය අවදි කරන වත්මන් ජාතිමාමක භික්ෂු පරපුරක් නොමැත්තේ නම් රටත් ජාතියත්, ආගමත් පත්වන ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත.
 
ඒ අතර පන්සලේ පියතුමා - මර්සලීනු ජයකොඩි, අර්නස්ට් පෝරුතොට වැනි පියතුමන්ලා මෙන්ම වත්මන් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද ජාති ආගම් භේදයකින් තොරව ජනතා ආදර, ගෞරවය දිනාගත් ආගමික නායකයින් බව අවිවාදිතය. එවන් ජනතා ගෞරවයකට පත්වීම ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැක්කක් නොවේ. බොහෝවිට ඊට හේතු වනු ඇත්තේ සැබෑ සාමය, සංහිඳියාව වෙනුවෙන් කැපවීම, අන්‍ය ආගම්වලට දක්වන ගරුත්වය හා අන්‍ය පූජක පක්ෂ සමග පවතින සහයෝගීතාව, අවිහිංසක බව සමාජයේ ප‍්‍රකට කිරීම යනාදිය නිසාය.
 
 එනමුත් ජාතීන් අතර සුහදතාව, සාමය අගය නොකරන, එන්.ජී. ඕ. හා විදේශ න්‍යාය පත‍්‍රවලට වැඩ කරන, ඔවුන්ගෙන් යැපෙන, හැමදාමත් රටේ ජාතිවාදී අර්බුද බලාපොරොත්තු වන අවස්ථාවාදීන් පිරිසක් රට තුළ සිටින බවද අපට හොඳටම පසක් වන කාරණයකි. රට තුළ සිටිනවා පමණක් නොව, ඔවුහු දේශපාලනයටද රිංගාගෙන, කැබිනට් ඇමැති තනතුරු පවා දරමින් රට අරාජික අඩියකට ඇදගෙන යෑමේ ප‍්‍රකාශ නිකුත් කරති.
 
 තෙරුවන් නොව දෙරුවන් පමණක් වන්දනා කරන්නට කතා කරන, භික්ෂු සමාජය හෑල්ලූවට ලක්කරමින් කතා කළ, බෞද්ධ යැයි කියන එවන් ඇමැතිවරයෙක් අද සිටින්නේ කොතැනද යන්න රටම දනී.
 
 එහි උණුසුම යන්නටත් මත්තෙන් අගරදගුරු කාදිනල් හිමියන්ට අපහාසයෙන් කතා කරන එම ආගමේම යැයි කියන තවත් හිටපු ඇමැතිවරයෙක් අද සමාජයේ කතාබහට ලක්ව ඇත.
 
 ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම් මෙවන් පූජකතුමන්ලාගෙන් ඉටු නොවන්නේ නම් සහ රට අරාජික නොවන්නේ නම් එතකොට එම ආගමික නායකයන් වැරැදිය. යම් හෙයකින් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ආවේගශීලී ප‍්‍රකාශයක් සිදුකර, රට තුළ ලේ වැගිරීමක් සිදු වුණේ නම් මේ ලේ පිපාසිතයින්ට එය විටෙක දොම්නසකට හේතුවකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඡුන්ද ගොඩ උන්ගේ පැත්තට දමාගැනීමටය. රටට හෙණ ගැසුණ ද කමක් නැත.
 
 සැබැවින්ම කාදිනල් හිමියන් පාස්කු ප‍්‍රහාරය අවස්ථාවේදී ඉතා ඥානාන්විතව කටයුතු කර, පාස්කු ගිනිදැල් පමණක් නොව ජනතාවගේ හදවත් තුළ බුර බුරා නැගි වේදනාවේ ගිනිදැල්ද නිවා දැමීය. එයින් ඡුන්ද ගොඩ එක් පැත්තකට දෝලනය වූයේ නම් එය වෙනම කාරණයකි. එය ජනතාවගේ බුද්ධිමය තීන්දුවක් මිස කාදිනල් හිමියන්ගේ තීන්දුවක් නොවන බව අපගේ විශ්වාසයයි. නමුත් එම කරුණ දඩමීමා කරගෙන ආගමික නායකත්වය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම දේශපාලකයකුට තරම් නොවේ. නොහොත් එය සමාන වන්නේ ලෝකයකින් සැලකුම් ලබන තෙරුවනට දෙරුවනක් ආදේශ කිරීමට හා සමානවය. ඒ නැතත් මේ හිටපු ඇමැතිවරයාට පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු සහරාන්ට වඩා අගරදගුරුතුමන් වැරදි වූයේ කෙලෙසද යන්න ජනතාවට නොතේරෙන කාරණයකි.
 
 එසේ හෙයින් මෙවන් පටු චින්තනයක් ඇති, දෙබිඩි අඳබාල චරිත වහා දේශපාලනයෙන් අතුගා දැමිය යුතු අතර, මෙවන් අම්බරුවන් දේශපාලනයට රැගෙන එන්නන්ට ද මඩු වලිගෙන් තැලිය යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles