Divaina - අතේ සතේ නැතිව ග‍්‍රවුන්ඞ් හදන තියරිය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

gශ‍්‍රී ලංකාව නමැති දූපත ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ක‍්‍රිකට් ”ගැහිලිවලට”ය. මෙම ”ක‍්‍රිකට් ගැහිලිවල” නිරත ක‍්‍රීඩකයෝ දෙපිරිසක් මෙහි වාසය කරති. එක් ක‍්‍රීඩකයෝ පිරිසක් පිත්තෙන් පන්දුවට පහර දී, ශ‍්‍රී ලංකාව නමැති කුඩා දූපත ලෝකයට ගෙන ගොස්, ජනතාවගේ හදවතේ සදාකාලික වීරයෝ බවට පත් වී සිටිති. අනෙක් ක‍්‍රීඩකයෝ පිට්ටනියට පය තබන්නේවත් නැතිව, පිත්ත අතින්වත් අල්ලන්නේ නැතිව ”ගැහිලි” ගහන්නට උපන්ගෙයි දක්ෂයෝය. මෙම ක‍්‍රීඩකයන්ගෙන් පිරිසක් කොළඹ 07, මේට්ලන්ඞ් පෙදෙසේ ක‍්‍රිකට් මුලස්ථානයේ ජීවත් වන අතර ඔවුන්ගේ ”ගැහිලිවට” රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන අනෙක් ක‍්‍රීඩකයෝ පාර්ලිමේන්තුවේ ජිවත් වෙති. මොවුන්ගේ ගැහිල්ලේ තරම කොහොමද යත්, අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ දුෂණ විරෝධී කාර්යාලයක් දැන් පිහිටා තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේය. අද මේ දූපතේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පරිහානිය කොතරම්ද යත්, අපගේ වටිනා තීන්ත නාස්ති කරන්නට සිදුව ඇත්තේ මේ කම්බ හොරුන් ගැන ලිවීමටය. මේ හොරු රැළ විසින් ගහන්නට ගිය තවත් අමරණිය ගැහිල්ලක් ආණ්ඩුව මැදිහත්වීමෙන් නතර කර තිබේ. ඒ ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක වියදමින් දියගම ඉදිකිරීමට ගිය ලංකාවේ විශාලම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඉදිකිරීම් අත්හිටුවිමෙනි.
 
 කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේම ආර්ථිකය ”රිම්” එකෙන් යද්දී, ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක් වැය කර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් හදන්න ගිය ලෝකයේ පළමු රට, ශ‍්‍රී ලංකාවය. එයත් එක අතකින් ලෝක වාර්තාවකි. මෙම ක‍්‍රීඩාංගණය ඉදිකිරීම ගැන තොරතුරු මුලින්ම එළියට එන්නේ හෝමාගම ආසනයේ ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා දියගමින් අක්කර 28ක් පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෑමෙනි. ඉන් පසු බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් දියගමට ගොස් ක‍්‍රීඩාංගණයේ සැලසුම නිරීක්ෂණය කරන අයුරු මාධ්‍ය වාර්තා කළේය. එතැන් සිට ක‍්‍රීඩාංගණය ඉදිකිරීමට එරෙහිව ”බවුන්සර්” පන්දු වරුසාවක් එල්ල වූ අතර ඊට පෙරමුණ ගෙන තිබුණේ හිටපු ක‍්‍රිකට් නායකයන් වන අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන විසිනි.

ඔවුන්ගේ තර්කය වූයේ, ලෝකයේ සෑම රටක්ම මේ මොහොතේ මහා පරිමාණ ඉදිකිරීම් නතර කර තිබියදී, ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට පමණක් මේ තරම් මුදලක් වැය කිරීම ජාතික අපරාධයක් බවය. මෙම මුදල් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා යොදවන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා තිබිණි. ක‍්‍රීඩාංගණයට එරෙහි විරෝධතා කොරෝනා වෛරසයට වඩා වේගයෙන් පැතිරෙද්දී ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දියගම ඉදිකිරීමට ගිය ලංකාවේ ලොකුම ක‍්‍රිකට් ක‍්‍රීඩා පිටිය, ක‍්‍රිකට් ආයතනයේ පූර්ණ ව්‍යාපෘතියක් බවය. ලංකාවේ ක‍්‍රිකට් ”ගැහිලි ” එළියට එන්නේ මෙතැන් සිටය. ජාත්‍යන්තර තරගාවලි රැුසකින් අන්ත පරාජයට පත් වී, සිටින, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ශ‍්‍රී ලංකා මුදලින් කෝටි හයසියයක් පමණ වැය කර ක‍්‍රීඩාංගණ ඉදිකරන්නේ කෙසේද? උත්තරය ඉතා සරලය. ක‍්‍රිකට් ආයතනයට එය කළ හැකිය. ඔවුන් සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය හැදුවේ මේ ආකාරයටමය.
 
 සුරියවැව ක‍්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වූ ගැහිලි ගැන කතා කිරීමට කාලය නාස්ති කරනවාට වඩා, එම ක‍්‍රීඩාංගණයට මුදල් වැය වූ ආකාරය ගැන සදහන් විඝණකාධි වාර්තාව කියැවීමේන්, අතේ සතේ නැතිව ලංකාව ජාත්‍යන්තර ක‍්‍රිකට් හදන හැටි ගැන පූර්ණ අවබෝධයක් ජනතාවට ලබා ගත හැක. එම වාර්තාවේ වැදගත්ම කොටස මෙසේය.
 
 ”ණය හිමියන් ලෙස පෙන්වා ඇති රු.2,213,994,841 මුදල මහින්ද රාජපක්ෂ රාජපක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු මුදලකි. කෙසේ වෙතත්, එහි වගකීම ශ‍්‍රී වරාය අධිකාරිය විසින් සනාථ කර නොතිබිණි. තවද, මුල්‍ය ප‍්‍රකාශනවල අංක 29 සටහන අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ වගකීම රජය විසින් භාරගෙන ඇති අතර 2017 ඔක්තෝබර් 25 දිනැති අංක 17/1765/737/028 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඊට අවශ්‍ය අරමුදල් බැංකුවෙන් ලබා ගත් ණය මුදලකින් පියවීමට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා බැංකුව අතර ගිවිසුමකට එළඹීමට තීරණය විය.” (උපුටා ගැනීම අවසන්). ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉතිහාසයේ පළමු වතාවට ණයකරුවකු බවට පත් කළ ”ගැහිල්ල” අවසන් වූයේ මෙසේය. මෙම මුල්‍ය තියරියටම යම් දිනෙක ලංකාවේ විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දියගම ඉදි වුවද, අප පුදුම විය යුතු නැත.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles