Divaina - කොරෝනා කතන්දර සහ සාතන් මස්සිනා (3)...විනෝදන්ගේ මාරක විනෝදය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මේ මොහොත වනවිට ඇන්ටාක්ටිකා මහාද්වීපයේ හැර සෙසු සියලූ‍ මහද්වීපවල කොරෝනා වෛරසය පැතිර ගොස් තිබේ. ඔබත් මමත් දන්නා පරිදි බි‍්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේය. ඒ රටේ විදේශ ඇමතිවරයාට අගමැතිගේ බලතල පවරාදී තිබේ. රජු සිට හිඟන්නා දක්වා සියලූ‍දෙනාගේ ශරීරවල තිබෙන ෙසෙල තුළට රිංගා අනු පිටපත් බිහි කරමින් යකා නටන්නට කොරෝනා වෛරසයට බලය තිබේ. ඒ බලය ඩොනල්ඞ් ට‍්‍රම්ප්ටවත් නැති ඉතාම ප‍්‍රචණ්ඩ බලයකි.
 
 ඔස්ටෙ‍්‍රලියාවේ ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩියුටන් අද කොරෝනා රෝගියෙකි. කොරෝනා විෂ බීජය ඇෙඟ් තිබියදී ඒ බව නොදැන පසුගියදා ධවල මන්දිරයේ සංචාරයක නිරත වූ හෙතෙම එහිදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දියණිය වූ ඉවන්කා ට‍්‍රම්ප් හමුවිය. ඊළඟට ඔහු ඇමරිකාවේ නීතිපතිත් හමුවිය. අද ඉවන්කා සහ නීතිපති නිරෝධායනයේ සිටිත්දැයි අපි නොදනිමු. ඔවුන් සිටියා නොසිටියා තත්ත්වය ඕකය. ඔස්ටෙ‍්‍රලියාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසාන් මැක්ඩොනල්ඞ්ට කොරෝනාය. ඇය එරට ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තය නියෝජනය කරයි. ඒ අතරම ඔස්ටෙ‍්‍රලියාවේ නිව්සවුත් වේල්සය නියෝජනය කරන ඇන්ඞ්රු බ්රැග්ටත් කොරෝනාය. ඒ බව නොදත් හෙතෙම මගුල් ගෙදරක ගියේය. ඒ මගුල් ගෙදරට ගිය සෙසු මිනිස්සු අද නිරෝධායනයේය. කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝගේ බිරිඳටද කොරෝනා වැළඳී තිබේ. එමෙන්ම ප‍්‍රංශයේ සංස්කෘතික ඇමතිටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසකටත් කොරෝනා සෑදී ඇත. ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් විසි හතරක්ම කොරෝනා රෝගීහු වෙති. එමතුද නොව ඉන් දෙදෙනෙක් මියගොස් ඇත. රෝගී එම මන්ත‍්‍රීවරුන්ගේ සහ මියගිය මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේ නම් අන්තර්ජාලයේ තිබේ. ඊශ‍්‍රායලයේ සෞඛ්‍ය ඇමති යකෝව් ලිට්ස්මන්ටද, ඉතාලියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක නිකොලා සිංගරෙට්ටිටද, මොනාකෝවේ රාජ්‍ය පාලකයා වූ ඇල්බට් කුමාරයාටද, බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමාරයාටද, නෝර්වේ රටේ කම්කරු ඇමතිටද, පිලිපීන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජුවාන් මිගුවල් සුගිරිටද, පෝලන්තයේ හමුදාපතිටද, ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ටද රෝගය වැළඳී තිබේ. ලොකුම අර්බුදය වන්නේ බි‍්‍රතාන්‍යයේ අගමැතිතුමා දැඩි සත්කාර ඒකකයට යද්දී සෞඛ්‍ය ඇමතිට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් යන දෙදෙනාටම කොරෝනා වැළඳී තිබීමය. ආරංචියේ හැටියට ඇමරිකාවේ ජෝර්ජියා ප‍්‍රාන්තයේ ප‍්‍රාන්ත සභාවේ මන්ත‍්‍රීවරුන් දෙසිය තිස් හයටම කොරෝනාය. මේ අනුව තව ටික දවසකින් අප අවට වැඩිපුරම ඇත්තේ ඔක්සිජන් නොව කොවිඞ් 19 යය. කොරෝනාවෙන් බි‍්‍රතාන්‍යයේ හැටහය දාහක් දෙනා මියයන බව ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කෙරුණු සමීක්ෂණයකදී හෙළිව තිබේ. වෛරසය නිසා ඉතාලියේ වෛද්‍යවරු අනූ හතරක් මියගොස් ඇත.
 
 ඉහත සඳහන් ශේෂ පත‍්‍රය සළකා බලන කළ ශ‍්‍රී ලංකාව තවමත් වාසනාවන්ත තැනක සිටින බව පෙනී යයි. ඒ වාසනාවන්ත තත්ත්වය සහමුලින්ම වෙනස්කොට රට බොරැල්ලේ කනත්ත බවට පත් කිරීමේ උවමනාව ඇතැම් රටවැසියන්ට තිබෙන බව පෙනේ. මේවනවිට ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ දසදහස් එකසිය විසිහතරක් දෙනා අත්අඩංගුවට පත්ව සිටිති. අනෙක් කිසිදු රටක මෙවැනි කාලකන්ණි තත්ත්වයක් නැත. මේ රටේ පුරවැසියන් අන් අයගේ ජීවිත ගැන කෙසේ වෙතත් තමන්ගේ ජීවිතය ගැන පවා වගකීමක් නැති වසලයෝ වෙත්. ඇඳිරි නීතිය බලපවත්වන අතරතුර යාපනයේ තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ මල්ලාකම් අධිකරණ මාවතේ පිහිටි නිවසක පාටියක් පැවැත්වෙන බවට ආරංචියක් පසුගිය 06 දා සවස ආරක්ෂක අංශ වලට ලැබිණ. ආරක්ෂක අංශ විසින් එම නිවස වටලා කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලබද්දී සෙස්සෝ පැන දිවූහ. මෙය මත්පැන් සාදයකි. සාදය පවත්වා තිබුනේ යාපනයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රචණ්ඩ ත‍්‍රස්ත කල්ලියක් වන ආවා කල්ලියේ නායකයකු වූ විනෝදන්ගේ උපන්දිනය නිමිත්තෙනි. ආවා කල්ලිය යනු නැසී ගිය කොටි සංවිධානයේ සජීවී යෞවන සමාජය ලෙස සැලකෙන කඩු පොලූ‍ මන්න කල්ලියකි. මෙවැනි තැනක කොවිඞ් 19 වෛරසය තිබුණි නම් එමගින් පාටිකාරයන් සියලූ‍ දෙනා ආසාදනය වනු ඇත. උන් රැගෙන ගොස් පොලිස් කූඩුවේ දැමූ විට එම කූඩුවේ සිටින සෙසු සැකකරුවන්ටද රාළහාමිලාටද ඕ.අයි.සී ටද රෝගය බෝවීම නොවැලක්විය හැකිය. මෙවැනි හරක් ඉන්න රටක ජනසමාජය මේ තරමින් හෝ බේරීම ප‍්‍රාතිහාර්යයකි.
 
 (ඉතිරි කොටස හෙට)
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles