Divaina - මරණය සමග සතුටු සාමිචියක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

මෙයට මාස දෙකකට විතර ඉස්සර කැස්ස, හෙම්බිරිස්සාව නැත්නම් වැඩිම වුණොත් උණක මට්ටමට ගණන් ගෙන සිටි කොරෝනාව එහෙ බලා මෙහෙ බලන කාලය තුළ ජාතික ව්‍යසනයක් බවට පත්විය. මෙය ලියන මොහොත වනවිට මේ රටේ සිටි කොරෝනා ආසාධිතයන් ගණන 86 කි. එයින් තිදෙනකුට සනීපය. 83 ක් අසනීපය. දෙකකට අසාධ්‍යය. එහෙත් ලෝකයේ සෙසු රටවල කොරෝනා තත්ත්වය දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය තවමත් ඉතා අඩුය. ඊයේ උදේ වනවිට ලෝක ජනගහනයෙන් 339182 කට කොරෝනා වැළඳී තිබිණි. එයින් 14703 ක් මළහ. මේ මොහොතේදී චීනයේ සිටින කොරෝනා රෝගීන් ගණන 81093 කි. එයින් 3270 ක් මියගොස් ඇත. ඉතාලියේ කොරෝනා රෝගීන් ගණන 59138 කි. එයින් 5476 ක් මියගොස්ය. ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන 34901 කි. ඉන් 457 ක් මියගොස්ය. ස්පාඤ්ඤය, ජර්මනිය, ඉරානය, ප‍්‍රංශය යන රටවල් කොරෝනා කොලනි බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පත් වෙමින් පවතී. මේ අතින් බලන විට ලොව ලොකුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාව හොඳය. එහි සිටින කොරෝනා රෝගීන් ගණන 425 කි. ශ‍්‍රී ලංකාවට වඩා කාම්බෝජය ටිකක් හොඳය. එරට සිටින කොරෝනා රෝගීන් ගණන 89 කි.
 
 වැළඳීමට පෙර වළක්වා ගන්නවා විනා වැළඳුනු පසුව බෙහෙත් නැති ‘වෛරස්’ වූ කලී ස්වභාවධර්මය සතු දරුණුම අවිය විය හැකිය. ඇතැම් විද්‍යාඥයන්ගේ මතයට අනුව වෛරස් මිහි මත පහළ වීම ජීවය මිහිමත පහළ වීමටත් වඩා පරණය. නූතන කොරෝනා වෛරසය බෝවීම වැළැක්වීම සඳහා ප‍්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගනු පිණිස පසුගිය මාස 2 තුළ පිටරට බෙහෙත් කොම්පැණි 35 ක් වැඩ කළහ. ඔවුන් අතුරින් සාර්ථකව ප‍්‍රතිඵල අත්පත් කරගත්තෝ ඇමෙරිකානු, ජපන් සහ ඊශ‍්‍රායල සමාගම්ය. කොරෝනා වෛරස් ස්වභාවය සහ ආසියාතික රටවල දේශපාලනඥයන්ගේ ස්වරූපය එක සමානය. මනුෂ්‍ය ෙසෙලය තුළට ඇතුළුවන කොරෝනා වෛරසය මුලින්ම කරන්නේ එම ෙසෙලය සතු ප‍්‍රජනන ශක්තිය හෙවත් ෙසෙල අනුපිටපත් සැදීමේ ක‍්‍රමවේදය අත්පත් කර ගැනීමය. ඉන්පසු ෙසෙලවල ප‍්‍රජනන ක‍්‍රියාවලිය නවත්වන අතර වෛරස් ප‍්‍රජනන ක‍්‍රියාවලිය දිගටම පවතී. මේ අනුව ඉතා කෙටි කලක් තුළ ඕනෑම ෙසෙල ඇඟක්, වෛරස් ඇඟක් බවට පත් කිරීමට වෛරසයට හැකිය. අනුන්ගේ ඇෙඟ් එල්ලී බලයට එන දේශපාලනඥයා කරන්නෙත් මෙයමය. කොරෝනා තත්ත්වයක් තුළදී වෛරසයේ ක‍්‍රියාකාරීත්වයට සැලකිය යුතු බලපෑමක් කිරීම සඳහා සින්කෝනා ගසෙන් උකහා ගන්නා Quinine නමැති ඖෂධය යොදාගත හැකි බව චන්න ජයසුමන නමැති මහාචාර්යවරයා පසුගියදා කීවේය. මෙයට වසර දහස් ගණනකට පෙර ලතින් ඇමෙරිකාවේ ජීවත් වූ ඇස්ටෙක් සහ ඉන්කා ගෝත‍්‍රවලට අයත් ජනයා වෛරස් රෝගවලින් බේරුනේ ක්විනින් සාරය සහිත සින්කෝනා පොතු සප කිරීමෙනි.
 
 මේ අතර කොරෝනාව සුව කිරීම සඳහා මෙයට වඩා හොඳ බෙහෙතක් සජිත් පේ‍්‍රමදාස දන්නා බවට ද ආරංචියක් ඇත. Facebook වැනි සමාජ ජාලාවල සැරිසරන අය ඉහත සඳහන් බෙහෙත සම්බන්ධයෙන් සජිත්ගේ හම අරින නමුත් එවැනි තත්ත්වයකට අප නොයා යුතුය. අප කළ යුත්තේ Facebook වසා දමා සජිත් බේරා ගැනීමේ ක‍්‍රමයක් සොයා ගැනීමය.
 
 ඉතිහාසය පුනරුච්ඡාරණය වන බවත් විටෙකදී හාස්‍යයක් ලෙසත් සහ තවත් විටෙකදී ඛේදාන්තයක් ලෙසත් එම පුනරුච්ඡාරණය සිදුවන බවත් කාල් මාක්ස් කියා තිබේ. ගිය අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේදී පිපිරූ පාස්කු බෝම්බයෙන් පසු අප කෑ ගැසුවේ මුහුණ අරින ලෙසටය. මේ අවුරුද්දේ අපේ‍්‍රල් නිමාවන විට අප කෑ ගසන්නේ මුහුණ වසන ලෙසටය. ගියවර කොහොම වෙතත් මෙවර මුහුණ නොවසන අය මරණයට ඉතා කිට්ටුය. මාරයා විසින් තමා ගෙනයනු ලබන තුරු ඇඳිරි නීතිය කඩමින්, හොර අරක්කුපළවලට ඔලූව දමමින් ටි‍්‍රප් යමින් ඔවුන් කරන්නේ මරණය සමග සතුටු සාමිචියක යෙදීමය. 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles