Divaina - චීනයෙන් ඉගෙන ගනිමු

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොවිඞ් -19 නමින් හැඳින්වෙන කිරීටක වෛරසය මේ වන විට රටවල් 176 ක ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කර තිබේ. ජන ජීවිත අඩපණ වීමත් සමග සියලූ සමාජීය ක‍්‍රියාකාරකම් ඇනහිටින අතර එහි අවසන් ප‍්‍රතිපලය වන්නේ ආර්ථික අවපාතයක් වෙත ලෝකය ගමන් කිරීමය. එහි සලකුණු දැන් දැන් අප රටෙන්ද පහළ වෙමින් තිබේ. මේ වන විට ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව පස් වැනි දිනටත් වසා දමා තිබේ. ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි සහ රජය විසින් කොවිඞ් - 19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ගවලට සහාය දැක්වීම පිණිස කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බව නිවේදනය කර තිබේ. නමුත් මෙහි සත්‍යය වන්නේ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් විවෘතව තැබුවොත් අපට ඉතිරිවන්නේ එය පිහිටා ඇති ගොඩනැගිල්ලේ කොටස් පමණි. මෙය ශ‍්‍රී ලංකාවට පමණක් පොදු වූ තත්ත්වයක් නොව ලෝකයේ ක‍්‍රියාකාරීම කොටස් වෙළෙඳ පොළවල් මුහුණ දී සිටින අවදානම් ඉරණම මෙය ය. ගෝලීය ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථනවලට අනුව නව කිරීටක වෛරසය මගින් ඇති කරනු ලබන ආර්ථික බලපෑම 2002 වසරේ ඇතිවූ සාර්ස් වෛරසය මගින් ඇති කළ ආර්ථික බලපෑම ඉක්මවනු බවය. මෙම අනාවැකි කුමන අතකට පෙරළුනද අප ඒ සෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් වී සිටිය යුතුය.
 
 ශ‍්‍රී ලංකාව කිරීටක වෛරසය මර්දනය කිරීම සඳහා ඉතා වේගවත් මෙහෙයුමක් දියත් කර තිබේ. නමුත් පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කේත‍්‍රපාල් සිං, ශ‍්‍රී ලංකාව ඇතුළු ගිනිකොනදිග ආසියානු රටවල් කිහිපයකට අනතුරු අඟවමින් පැවසුවේ වෛරසය පරාජය කිරීමට කරන සටන තවත් වේගවත් කරන ලෙසය. වෛරසය පැතිර යෑම ආරම්භ වූ අවධියේ, ලෝක දේශපාලන නායකයන් එය බරපතළ කාරණයක් බවට නොගැනීම නිසා වෛරසය පැතිර යෑම වේගවත් වූ බවද ඇය මෙහිදී චෝදනා කළාය. ඇයගේ කතාව සත්‍යයකි. මෙම වසංගතයේදී ඇමෙරිකාව, ඉතාලිය සහ එංගලන්තය යන රටවල දේශපාලන නායකයන් කටයුතු කරන ලද්දේ නොදරුවන් සේය. මේ වන විට වසංගතයෙන් බරපතළ ලෙස පීඩා විඳින ඉතාලියේ වෛරසය පැතිර යෑම ආරම්භ වූයේ වයස්ගත චීන සංචාරක යුවළකිනි. මේ වන විට ඉතාලියේ 35,713 කට වෛරසය ආසාදනය වී ඇති අතර මිය ගිය ගණන 2,978කි. මෙම එකතුවට ඊයේ දිනයේදී පමණක් මරණ ගණන 475 ක් එකතු වූයේ ඉතාලියේ අනාගතය තවත් අඳුරු කරමිනි. ඉතාලිය වෛරසය ඉදිරියේ පසුගාමි වීමේ විපාක අවසානයේදී ශ‍්‍රී ලංකාවටද අත්විඳීමට සිදුව තිබේ. මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් හමු වූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ඉතාලියේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයෝ වෙති.
 
 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද (20* සිට 27 වැනිදා දක්වා සතියක කාලයක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් සේවා ස්ථානවලට වාර්තා කිරීම අවම කරමින් තාක්ෂණය මගින් නිවසේ සිට රාජකාරි ඉටු කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙස අදාළ ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දෙමින් රජය චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ. එය ඉතා වැදගත් පියවරකි. නමුත් අර්බුදය වන්නේ තාක්ෂණය මගින් නිවසේ සිට සේවය කළ හැකි ආයතන රටේ ඇත්තේ අතේ ඇඟිලි ගණනට වීමය. ඒවාද පෞද්ගලික ආයතන මිස රජයේ ආයතන නොවේ. ශ‍්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දී වසර 30 කට ආසන්න කාලයක් ගත වුවද, තවමත් රටේ රජයේ ආයතන ”ඔන්ලයින්” ක‍්‍රමයට ගෙනයෑමට අපට නොහැකි වී තිබේ. චීනය මෙම වසංගතය ජය ගත්තේ ඔවුන්ගේ රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතනද ”ඔන්ලයින්” ක‍්‍රමයට ක‍්‍රියාත්මක වූ නිසාය. චීනයේ වූහාන් නගරය ජනවාරි සිට මේ දක්වා වසා තිබුණද ජනතාවගේ කිසිදු සේවාවක් අඩපණ වූයේ නැත. චීනයට දැඩි තීන්දු ගනිමින් වෛරසය මර්දනය කිරීමට හැකි වූයේ මේ නිසාය. අද වනවිට චීනය වසංගතය පරාජය කිරීමේ ජයග‍්‍රාහී අදියරට පැමිණ තිබේ. ගෝලීය වසංගත තත්ත්වයකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය ගැන චීනයෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුව තිබේ. ප‍්‍රමාද වී හෝ ඔවුන්ගේ අඩි පාරේ ගොස් හැකි ඉක්මනින් මෙම වසංගතය පරාජය කිරීමට ලෝක නායකයන්ට හැකි වේවා!

  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles