Divaina - වූහාන් සිට පුත්තලම දක්වා...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයට හා මීගමුව කොච්චිකඬේ පොලිස් බල ප‍්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට රජය ඊයේ තීරණය කරනු ලැබුවේ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් නොව මිලියන 22ක ජනතාවගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙනි. මෙය වැදගත් තීරණයකි. එයට ජනතාව අවනත විය යුතුය. මහජනතාවට රැුස්නොවන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් මේ නිවාඩු දින කීපයෙන් ප‍්‍රමෝදයට පත්ව ක‍්‍රීඩා පිටිවලට එකතු වී ක‍්‍රිකට් සෙල්ලම් කරන තත්ත්වයක් ඇතිව තිබෙන්නේ නම් ඒ මැටිමෝල් ක‍්‍රියාදාමය නැවත්වීමට ඇඳිරි නීතිය පනවා හෝ මේ පිරිස් නිවෙස්වලට ගාල් කළ යුතුය. ඉතාලියේ සිට ලංකාවට පැමිණි වැඩිම පිරිස වාසය කරන්නේ මේ පුත්තලම් දිස්ත‍්‍රික්කය තුළ වන අතර ඔවුන් නිරෝධායනයට වැඩි අවධානයක් යොමු නොකර සෙල්ලකාරයන් ලෙස හැසිරීමට උනන්දු වන නිසා මෙය පාලනය කිරීම අනිවාර්යයෙන් කළ යුතු වන්නේ සියලූ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. සෙල්ලකාර බුද්ධිමතුන් නිවාස අඩස්සියට පැමිණවීමට පොලිස් ඇඳිරි නීතිය අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 7 කටත්, මීගමුව කොච්චිකඬේ පොලිස් බල ප‍්‍රදේශයටත් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙයි. මාර්තු 1 - 15 කාලය තුළ විදේශ රටවලින් ලංකාවට පැමිණි පිරිසට ලියාපදිංචි වීමට කාලයක් ලබා දුන් අතර ඒ අනුව පුද්ගලයන් 4000ක් පමණ පොලිසියේ ලියාපදිංචි වී තිබේ. නමුත් ලංකාවේ කොරෝනා පැතිර යාමට කෙලින්ම ඉතාලිය සම්බන්ධ නිසා පුත්තලම රතු කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ වසංගතයෙන් වැළකීමට ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් මැලිවන්නේ නැත. නීතියට පිටින් ගොස් කිසිවකුට හිතුවක්කාරී ලෙස හැසිරීමට ඉඩදිය යුතු නැත. වෙනදා ඇඳිරි නීතිය පනවනු ලැබුවේ කල කෝලාහල නතර කිරීමටය. එසේ නොවේ නම් ත‍්‍රස්ත ක‍්‍රියා මර්දනය සඳහාය. ඊයේ පැනවූයේ නිරෝධායනය සහතික කිරීම වෙනුවෙනි. කොරෝනා පැතිරීම නිසා මැලේසියාව පුරා කලබලකාරී වාතාවරණයක් පැතිර ගොස් ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එරට කොරෝනා රෝගීන් 600ක් වාර්තාවීමත් සමග ජනයා ප‍්‍රධාන නගරවලට රැුස්වී වහා වහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කිරීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවී තිබේ. කලබල නොවී වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම සැමගේ යහපත පිණිස හේතුවේ. ලාංකිකයන් කොරෝනා තර්ජනය හමුවේ හැඟීමෙන් හා බුද්ධියෙන්්් ක‍්‍රියා කිරීම වැදගත්ය. චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ වූහාන් ඇතුළු නගර 18 ක් සම්පූර්ණයෙන් වසා දමා ඒවායේ වැසියන් මිලියන ගණනක් නිරෝධායනය කරන විට කිසිවකු කලබල වූයේ නැත. සැම දෙනාම එක්වී මේ උවදුරෙන් ගැලවීමට බලධාරීන්ට සහය පළ කළහ. එය ලොවටම ආදර්ශයකි. අද චීනයට මේ උවදුර පාලනය කිරීමට හැකිව තිබෙන්නේ ඒ නිසා වෙනි. මෙය ආත්මාර්ථය ගැන නොසිතා පොදුවේ සමාජයේ යහපත ගැන සිතා කටයුතු කළයුතු මොහොතකි. වූහාන් නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොළක් ආශ‍්‍රිතව හටගත් මේ නව කොරෝනා වෛරසය අවසානයේ පුත්තලම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය පනවන මට්ටමට බලවත් විය. චීන වවුලන්ගේ මාංශවලින් සාදන සුප් ලෝකයට කර ඇත්තේ කවර බලපෑමක්ද? එනිසාම සැවොම ඉතා කල්පනාකාරී වීම වැදගත්ය.
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles