Divaina - 31 වැනි රෝගියා (Patient 31)

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
 ”Patient 31” යනු මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත‍්‍රපටයක් හෝ නොබෙල් සාහිත්‍ය සම්මානය හෝ පුලිස්ටර් සම්මානය හිමි වූ කෘතියක් නොව මේ දිනවල ලොව කැළඹීමට ලක් කළ සත්‍ය කතාවක ප‍්‍රධාන චරිතය හඳුන්වන නාමයකි. පසුගිය මාර්තු 03 වැනිදා ”අල් ජසීරා” වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකට අනුව Patient 31” නැමති චරිත කතාව ගලා යන්නේ මෙසේය.
 
 චීනයට පසු කිරීටක වෛරසය වේගයෙන්ම පුපුරා ගිය රට බවට පත් වූයේ දකුණු කොරියාවය. පෙබරවාරි 18 වැනිදා වනවිට රෝගීන්  දෙදෙනකුගෙන් ඇරඹුණු වෛරසයේ පුපුරා යාම පෙබරවාරි 28 වැනිදා වනවිට රෝගීන්  31 දක්වා වර්ධනය වනුයේ ඉතා සෙමිනි. නමුත් 31 වැනි රෝගියා වාර්තා වී ඊට පසුදිනම අසාදිතයන්ගේ ගණන දහස ඉක්මවා යන්නේ දකුණු කොරියාව කම්පනයට පත් කරමිනි. 31 වැනි රෝගියා හමුවීමෙන් පසු එකවර දහස් ගණනකින් රෝගීන් වාර්තා වූයේ කෙසේද?

දකුණු කොරියාව පමණක් නොව ලෝකයම කැළඹීමට පත් කළ එම සිදුවීමේ ඉතා සරල අනුපිළිවෙළ ඇරඹෙන්නේ කොරෝනා රෝග ලක්ෂණ පහල වූ 61 හැවිරිදි කාන්තාවක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු නොවී, දෙවියන් හමුවීම පිණිස දකුණු කොරියාවේ ජනප‍්‍රියතම ආගමික මධ්‍යස්ථානයක් වන ෂින්චොන්ජි (Shincheonji) දේවස්ථානයට පැමිණීමෙනි. ලෝකයේ සෑම පුරවැසියකුටම තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුණද, මේ මොහොතේ ආගම සහ කිරීටක වෛරසය පටලවා ගත යුතු නැත. නමුත් මෙම 61 හැවිරිදි කාන්තාව මේ දෙක පටලවා ගැනීමෙන් සිදු වූයේ එදින ෂින්චොන්ජි දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණි නවදහසෙන් 1200 කට පමණ ඊට පසුදිනම වෛරසය පැතිරීමය. අද වන විට දකුණු කොරියාවෙන් වාර්තා වන සම්පූර්ණ අසාදිතයන්ගේ ගණන 8320 කි. මියගිය ගණන 81 කි. ෂින්චොන්ජි දේවස්ථානයෙන් පුපුරා ගිය කිරීටක වෛරසය මේ වනවිට එම දේවස්ථානයෙන් කිලෝ මීටර් 5,682 ක් දුරින් පිහිටි ශ‍්‍රී ලංකාව නමැති ¥පතේ ජන ජීවිතය අවදානමට පත් කර තිබේ. කිරීටක වෛරසයේ හිතුවක්කාරී හැසිරීම ගැන කීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
 
 ලෝකය පුරා කිරීටක වෛරසය පුපුරා යන්නේ පොකුරු (Clusters) වශයෙනි. උදාහරණයකට ඉතාලියේ පළමු සතියේදී වාර්තා වූ රෝගීන්ගේ ගණන 03කි. පස්වන සතිය වනවිට එය 21,157 දක්වා වර්ධනය වී අද වනවිට 27,980ක් බවට පත් වී තිබේ. ඉරානයේ පළමු සතියේදී වාර්තා වූ අසාදිතයන්ගේ ගණන 02 කි. පස්වන සතිය වනවිට එය 12,729 දක්වා වර්ධනය වී අද එය 14,991 ක් බවට පත් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පළමු සතියේදී පමණක් වාර්තා වූ අසාදිතයන්ගේ ගණන 18 කි. එය ඊයේ වනවිට 30 ඉක්මවා ඉහළට නැග තිබිණි. මෙම දත්ත අනුව ඉතා පැහැදිලිවන්නේ කිරීටක වෛරසය මර්දනය කිරීමට නම් පළමුව අසාදිතයන්ගේ පිටුපස සිටින පොකුරු ඉතා වේගයෙන් හඳුනාගෙන නිරෝධායනය කළ යුතු බවය. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ කිරීටක වෛරසය අසාදනය වූ 22 වැනි රෝගියා සහ ශ‍්‍රී ලංකන් ආයතනයේ විධායක නිලධාරියා පිටුපස එවැනි කිරීටක පොකුරු ඇති බවට හඳුනාගෙන තිබේ. 22 වැනි රෝගියා ගාල්ලේ සිට හලාවතට ගොස් ඇත්තේ ඉතාලියේ සිට පැමිණි තම පුතාගේ සුව දුක් විමසීමටය. ශ‍්‍රී ලංකන් විධායක නිලධාරියා පසුගියදා අවසන් වූ ශාන්ත තෝමස්- රාජකීය මහා ක‍්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. මෙම කිරීටක වසංගතය පාලනය කිරීමට නම් සියලූ ආසාදිතයන් පිටුපස සිටින ”කිරීටක පොකුරු” හඳුනාගත යුතුය. එසේ කිරීමට නොහැකි වුවහොත් දකුණු කොරියාවට, ඉතාලියට, ඉරානයට අත් වූ ඉරණම අපටද අත් විඳීමට සිදුවනු ඇත.
 
 ශ‍්‍රී ලංකාව යනු ආර්ථික, සමාජීය හා සොඛ්‍ය යන ක්ෂේත‍්‍රවල නිදන්ගත රෝගවලින් බරපතළ ලෙස පීඩා විඳින රටකි. 2020 වසර වනවිටත්, සෞඛ්‍ය ආරක්ෂණයේ ගුණාත්මකභාවය (Quality of healthcare)* රටවල් ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාව පසුවන්නේ 22 වැනි ස්ථානයේය. මෙම දර්ශකයේ ඉදිරියෙන් සිටින එක්සත් රාජධානිය. ප‍්‍රංශය, ජර්මනිය ජපානය වැනි රටවලටද කිරීටක මර්දනය කර ගැනීම විශාල අභියෝගයක් බවට පත්ව ඇති මොහොතක, විදෙස් ණය මත නඩත්තු වන, ඉතා දිළිඳු ආර්ථිකයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි රටකට කිරීටක වෛරසය මර්දනය කිරීම විශාල අභියෝගයකි. කෙසේ හෝ අප මෙම අර්බුදය ජයගත යුතුව ඇත. මන්ද, ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේම අනාගත පැවැත්ම තීරණය කරන අවසන් කඩඉම මෙය විය හැකි බැවිනි.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles