Divaina - කොරෝනවලටත් වඩා බියකරු බොරු ප‍්‍රචාර

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 නිරෝධායනය ප‍්‍රතික්‍ෂෙප කරන කොරෝනා වෛරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලීන් පවුම් 1000 ක දඩ මුදලක් නියම කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. බි‍්‍රතාන්‍ය රජය මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා ආසාධිත රෝගය පැතිරීම වැළැක්වීම පිණිසය.
 
 ශී‍්‍ර ලංකාවේ ඊයේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව විස්ස ඉක්මවීය. මෙම වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා විවිධ පිියවර ගනිමින් සිටී. කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අලූත් කි‍්‍රයාමාර්ග ගැනීමට රජය විසින් විශේෂ චක‍්‍රලේඛයක් ද නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා රෝගීන් බව තහවුරු කරගත් අයට අමතරව තවත් සැකකටයුතු සියයකට වැඩි පිරිසක් රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.
 
 මෙම තත්ත්වය අපට සැහැල්ලූවෙන් සැලකිය නොහැකිය. ඊට හේතුවී ඇත්තේ කොරෝනා වෛරසයට ඉතා ඉක්මනින් ගොදුරුවීමේ අවදානම වැඩි නිසාවෙනි.
 
 අප දිගින් දිගටම පෙන්වා දුන් අයුරින් මේ මොහොතේ අප රටේ සියලූ පාර්ශ්ව වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත. මෙම රෝගය මැඬ පැවැත්වීම සඳහා රජය, හමුදාව සහ සෞඛ්‍ය අංශ ගන්නා පියවරවලට අප අපේ උපරිම සහයෝගය ලබා දිය යුතුව ඇත. එසේ නොමැතිව කාට හෝ හිතු හිතූ අයුරින් හැසිරීමට මේ මොහොතේ ඉඩක් නොමැත.
 
 පසුගිය කාලයේදී වේගයෙන් ජනපි‍්‍රය වූ සන්නිවේදන මෙවලමක් වූයේ සමාජ මාධ්‍යයන්ය. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පණිවිඩයක් ග‍්‍රාහකයා වෙත ගෙන යෑමේ හැකියාවක් තිබීම නිසාම මෙම මාධ්‍යයට සුවිශේෂී ඉල්ලූමක් ඇති විය. ස්මාර්ට් ෆෝන් එකක් අතේ ඇති අයකුට ඉතා ඉක්මනින් අන්තර්ජාලය සමග සම්බන්ධ වීමේ ඇති හැකියාව නිසා සමාජ මාධ්‍ය ජාලා වෙත නැඹුරුවීමේ ප‍්‍රවණතාව අප රටේ වැඩිවෙමින් පවතී.
 
 සමාජ මාධ්‍යවල සන්නිවේදන කි‍්‍රයාවලිය ඉක්මන් වුවද ඊට නිශ්චිත කර්තෘ කෙනෙක් නොමැත. ඒ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ සිය ග‍්‍රාහකයන් අමතන ඇත්තන්ගේ කි‍්‍රයා කලාපය හා චින්තනය අනුව සමාජයට වන බලපෑම තීරණය කරනු ඇත.
 
 අප රටක් වශයෙන් ගත්තද අපටත් ආවේණික වූ සංස්කෘතියක් තිබේ. ඊට සමගාමීව දියුණු වූ ආගන්තුක සත්කාරයට හා සබැඳි මනුෂ්‍යත්වයටද ඉහළ තැනක් අප සමාජයේ වෙන්ව ඇත. විශේෂයෙන් විපතකදී අප අනෙකා තනි නොකරන ජාතියකි. ඒ නිසාම මේ මොහොතේදී අප රටේ සන්නිවේදන කි‍්‍රයාවලියට දායක වී සිටි සෑමදෙනාගේ යුතුකම හා වගකීම විය යුත්තේ රට මුහුණපා සිටින බැ?රුම්කම තේරුම් ගෙන ඊට අනුකූලව හැසිරීමය. සමාජ මාධ්‍යයට ද මෙම තත්ත්වය පොදුය. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය කි‍්‍රයාකාරීන් මේ මොහොතේ කි‍්‍රයාකරනුයේ ඉතාමත් පවිටු අන්දමිනි. මේ වනවිටත් කොරෝනා වෛරසය පිළිිබඳව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් අයෙක් ති‍්‍රරෝද රථ රියැදුරෙකි. අනෙක් පුද්ගලා සැලොන් එකක වැඩ කරන අයෙකි. කොරෝනා රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වැරැුදි තොරතුරු ප‍්‍රචාරය කළ තවත් හතළිස් දෙනකු ගැන පොලිස් පරීක්‍ෂණ අරඹා තිබේ. පටු දේශපාලන හෝ වෙනත් අපේක්‍ෂා පෙරදැරි කරගෙන විපත පවා මාර්කට් කිරීමට සැරසෙන මෙම සත්තු අල්ලා බැඳිය යුතුමය. සමහර විට ඔවුන් ගෙන යන ප‍්‍රචාර කොරෝනා වෛරසයටත් වඩා දරුණු වීමට පුළුවන. ඒනිසා මෙම පුද්ගලයන්ට නීතිය ඉහළින්ම කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.
 
 මෙම විපතින් ගැලවීමට රටේ පුරවැසියන් ද සිය යුතුකම් හා වගකීම් හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන් කොරෝනා රෝගයට ගොදුරු වූ රටවල්වලින් මෙරට පැමිණි නිරෝධායනයට ලක් නොවී කවුරු හෝ සිටින්නේ නම් වහාම සෞඛ්‍ය අංශ වෙත ස්වෙච්ඡුාවෙන් ම භාරවීම ඔවුන්ට රට වෙනුවෙන් කළ හැකි ලොකුම උපකාරයක් වනු ඇත. දකුණු කොරියාවේ සිට පැමිණ සිය නිවෙස් කරා ගොස් සිටි සිව්දෙනකු පසුගිය
 
 15 වැනිදා රත්නපුර රෝහල වෙත ගොස් භාරවී තිබිණි. ඔවුන් ආදර්ශයට ගෙන අන් අය ද කි‍්‍රයා කරන්නේ නම් කොරෝනා විපතින් රට මුදා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින පාර්ශ්වයන්ට එය තවදුරටත් පහසුවක් වනු ඇත. අනෙක් අතට තම නිවෙස්වල අවදානම් ජීවිතයක් ගත කරමින් තම පවුලේ ආදරණීයන්ද විපතට නොහෙළා කටයුතු කිරීමේ වගකීමක් මේ උදවියට ඇත. බුද්ධිමත්ව, අවබෝධයෙන්, විමසිල්ලෙන් හා වගකීමෙන් මේ මොහොතේ කටයුතු කරන්නැයි අප අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු. 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles