Divaina - සැමට යහපත පිණිස...

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

අතීතයේ සිරිසඟබෝ රජ දවස රක්තාක්ෂි නම් රකුසෙකු නිසා පැතිර ගිය උණ රෝගයක් ගැන මහාවංශයේ සඳහන් වෙයි. ඇස් තද රතු පැහැ ගැන්වෙන බලවත් උණක් හටගත් බවත්, එසේ රෝගී වූවෙකුගේ ඇස් දෙස බැලූ විට අනෙකාට රෝගය හට ගත් බවත් එහි දැක්වෙයි. මේ රෝගයට ජනයා බිලිවෙද්දී සිරිසඟබෝ රජු විසින් අධිෂ්ඨාන පූර්වකව සිදු කළ සත්‍යක‍්‍රියාවක් නිසා රටෙහි රෝ බිය තුරන් කරන්නට හැකිවූ බව සඳහන් වෙයි. අද නම් රකුසන් ගැන අසන්නට නැත. නමුත් කොරෝනා නමින් ජනයා භීතියට පත් කරන වෛරස් රකුසෙකුට නම් ලෝකයම භීතියට පත්ව ඇත. ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවා විශේෂ පරීක්ෂාවකට ලක්ව ඇත්තේ කොරෝනා ආසාදනය වී ඇත්ද නැද්ද යන්න සහතික කරගැනීමටය. ලොව බලවත්ම නායකයා වුවත් ලොව සුපිරිම හමුදාවට අණදෙන සේනාධිනායකයා වුවත් වෛරසයෙන් ගැලවීමට පහසු නැත. කොළරාව, පාචනය, මැලේරියාව, සාර්ස්, මර්ස්, එබෝලා ආදී නම්වලින් හඳුන්වන ලද නොයෙක් වසංගත රෝග නිසා ලෝකයේ කලින් කල විශාල වශයෙන් ජීවිත හානි සිදු වූ අතර වසර සියයකට පසුව යළිත් ලෝකයම මහා වසංගතයකට මුහුණ දී ඇත. ලංකාවෙන්ද මේ වන විට ආසාදිතයන් එකොළහක් හමුව තිබේ. ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය එපා යැයි කියමින් චන්ඩි පාට් දැමූ දෙදෙනකුටත් රෝගය වැළඳී ඇති බව හෙළිව තිබේ. පැනඩෝල් බී රෝග ලක්ෂණ යටපත් කරගෙන පැමිණි මොවුන් හමුදාවටත් චන්ඩි පාට් දමා මුහුණු පොතෙහිද සජීවී නාටක පෙන්වූවද දැන් නිහඬය. හමුදාව ප්ලාස්ටික් බෝතල් කපා කෝපි දුන් බව මුහුණු පොතෙහි පෝස්ට් දැමූ ද්‍රෝහීන්ද දැන් මීක් නැත. මොවුන් සියල්ල ලංකාව අනතුරේ හෙළන්නට උත්සාහ දරන්නෝ වෙති. රට විරුවන් මෙන්ම රට විරු නමින් පෙනී සිටින ද්‍රෝහීන්ද හඳුනාගත යුතුය. පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ කොරෝනා වෛරසය වැළඳී ඇති බව වසන් කරමින් සිටී නම් එවැනි පුද්ගලයන්ට මාස 6 ක සිර දඬුවම් නියම කරන බවයි. එනිසාම ගුවන්තොටුපළේ කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන්ට මෙන්ම විශේෂයෙන්ම මරහඬ තැලූ ඉතාලියෙන් පැමිණි කාන්තාවන්ටද පමාවී හෝ නීතිය ක‍්‍රියාත්මක වීම වැදගත්ය. සමහරු තමන්ට තීරුබදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ කලාපයට යෑමට ඉඩදෙන ලෙස ඉල්ලමින්ද කළහ කර ඇත. මොවුන් හැසිරී ඇත්තේ මුග්ධ පිරිසක් ලෙස බව පැහැදිලිය. ඒ මුග්ධ බව නිසාම තවත් කොපමණ පිරිසක් අපහසුවට පත්ව ඇත්ද? ඇත්තෙන්ම මාර්තු මස පළමු වැනිදා සිට 9 වැනිදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවූ ශ‍්‍රී ලාංකිකයන් හඳුනාගෙන ඔවුන්ද නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ දිනයේ ප‍්‍රකාශ කර සිටියේය. මෙය සැබවින්ම පැසසිය යුතුය. රට පුරා හඳුනාගත් රෝගීන්ගේ බහුතරය ඉතාලියෙන් පැමිණ ඇති නිසා සැඟවී සිටින පුද්ගලයන් පවා නිවෙස් වලින් එළියට ගෙන නිරෝධායනය කළ යුතුය. ඒ රටේ සමස්තයේම යහපත පිණිසය. මේ අර්බුදකාරී මොහොතේ සියලූ රට වැසියන් සෞඛ්‍ය අංශවලට හා හමුදාවට පූර්ණ සහාය ලබාදී මේ වසංගතයෙන් ගැලවීමට එක්ව ක‍්‍රියා කළ යුතුය. 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles