Divaina - කොරෝනා හමුවේ අපේ හැසිරීම

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 මේ වන විට රටවල් 124 ක් කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසයට ගොදුරු වී ඇත. බරපතළ ව්‍යසනයක් නැති මුත් ශ‍්‍රී ලංකාව ද ඒ රටවල් අතර වෙයි. මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. එහෙත් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට එය පාලනය කර ගත යුතුය. ඒ සඳහා රජයක් ලෙස ගන්නා උත්සාහය අප අගය කළ යුතුය. විශේෂයෙන් මෙහිදී සෞඛ්‍ය අංශයේ වෛiවරුන්, හෙදියන් ඇතුළු සියලූ නිලධාරීන් ද විශේෂයෙන් ආරක්‍ෂක අංශවල විරුවන් කරන කැපවීම ද අති විශිෂ්ටය.
 
 කොරෝනා ව්‍යසනයෙන් මේ රට මුදා ගැනීමේදී යළි යළිත් අපි සිහිපත් කරනුයේ මෙරට නේවාසිකව සිටින ජනතාවට මෙන්ම පිටරටවලින් මෙරටට පැමිණෙන ජනයාට ද සුවිසල් වගකීමක් ඇති බවයි.
 
 කොරෝනා මැඬීම සඳහා සිදුකරනු ලබන නිරෝධායන කටයුතුවලට මුල් අවස්ථාවේ කීපදෙනකු ‘ගොන්පාට්’ දැමුවද, මේ වන විට එම තත්ත්වය තුරන්වීම ගැන අපට සතුටු වීමට පුළුවන. එහෙත් මේ වන විට මඩකලපුව රෝහලට කොරෝනා රෝගීන් බවට සැකකරන පුද්ගලයන් ඇතුළත් කරන්න එපා යැයි පවසමින් පිරිසක් විරෝධය දැක්වීම අනුමත කළ නොහැක. මෙම විරෝධතා පිටුපස විවිධ දේශපාලන හස්තයන් තිබීමට පුළුවන. එහෙත් මෙම විරෝධතාවලට එක්වන පිරිස් එක් එක් අයකුගේ ගුණ්ඩුවලට නොරැුවටී රට ගැන සිතා කටයුතු කළ යුතුව ඇත. මේ රටට පැමිණෙන අපේ සහෝදර සහෝදරියන් නිරෝධානයට ලක්කිරීමට මෙම මහ පොළොවේ ඉඩක් තිබිය යුතුය.
 
 ශ‍්‍රී ලාංකිකයන් විදිහට අප විපතේදී අනෙකා තනි නොකළ ජාතියකි. අප රටට බරපතළ ඛේදවාචකයක් වූ සුනාමි ව්‍යසනයේදී ඒ බව අපි ලෝකයාට පෙන්වූයෙමු. සුනාමි ව්‍යසනයේදී අප රටක් ලෙස ඉතා ඉක්මණින් ම යළි නැඟී සිටියේ ශ‍්‍රී ලාංකිකයන් විදිහට අප තුළ ඇති මනුස්සකම් ඉස්මතු වු නිසාවෙනි. මේ අවස්ථාවේදී අප සැමටම මෙම විපතින් ගැලවිය හැක්කේ අප සැම එකාවන්ව මේ ප‍්‍රශ්නයේදී අපට කළ හැකි භූමිකාවට නිසි ලෙස පණ දුන්නොත් පමණි.
 
 එවැනි භූමිකාවකට පණදුන් අයෙක් ගැන ඉහළ හංවැල්ල ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි. ඔහු නම් එච්. ඞී. ආර්. පි‍්‍රයන්තය. ඔහු සතුව පවතින කාමර 15 කින් සැදුම් ලත් හංවැල්ලේ නිවාඩු නිකේතනය එතෙරින් එන ශ‍්‍රී ලාංකිකයන් නිරෝධානය කටයුතු සඳහා ලබා දී ඇත. මෙකී සද් ක‍්‍රියාව ඇත්තටම අගය කළ යුතුය. ප‍්‍රියන්ත මහතා පවසනුයේ මෙම අවස්ථාවේදී එතෙරින් එන අපේ ශ‍්‍රී ලාංකිකයන් ආදරයෙන් රැුක බලා ගැනීම අපේ යුතුකමක් බවයි. අප රටේ සියලූ දෙනා ප‍්‍රියන්ත මහතා බලන දෘෂ්්ඨිකෝණයෙන් මෙම ප‍්‍රශ්නය දෙස බලන්නේ නම් අපට මෙම විපතෙන් ගොඩ ඒ්මට පුළුවන.
 
 මෙරටින් වාර්තා වුණු දෙවැනි කොරෝනා රෝගියා පිළිබඳව කතාව ඇසූ සැනින් සමහර පිරිස් අනවශ්‍ය ලෙස කළබල වීම කනගාටුවට කරුණකි. ඔවුන් අනුගමනය කිරීමට තවත් පිරිසක් උත්සාහ ගැනීමත් සමඟ ෆුඞ් සිටිවල, වෙළෙඳසල්වල ෆාමසිවල තදබදයක් ඇතිවිණි. තමන්ගේ නිවෙස බඩු භාණ්ඩවලින් පුරවා ගත් පසු මෙම ප‍්‍රශ්නය නිරාකරණය වේ යැයි සිතන්නේ නම් එය අනුවණ කමකි. මෙලෙස එක්රැුස් කරගත් කෑම කොතරම් කාලයක් අනුභව කරන්නද? මෙම ප‍්‍රශ්නය දුරදිග ගියොත් (එසේ නොවේවායි පතමු* ආහාර කොයිතරම් කාලයකට එක්රැුස් කළ යුතුද? යමක් ඇත්තෝ මෙවැනි ආහාර රැුස්කර ගැනීමක් සිදුකළත්, එදිනෙදා කුලියක් මලියක් කර ජීවිතය ගැටගසා ගන්නා අයගේ ඉරණම මොකක්ද? එනිසා මෙකී උවදුරට අප සැවොම ශක්තිමත්ව, බුද්ධිමත්ව. කල්පනාකාරීව නිසි අවබෝධයක් ඇතිව මුහුණ දිය යුතුව ඇත.
 
 කොළඹ ආනන්ද විiාලයේ සිසුවකුට කොරෝනා ඇති බවට සැකකළ දෙමාපියන් අනවශ්‍ය ලෙස කලබල වූ ආකාරය පසුගිය දිනෙක අපට දැකගත හැකි විය. එහෙත් එම ශිෂ්‍යයාට කොරෝනා ආසාධනය වී නොමැති බව සෞඛ්‍ය සේවා බලධාරීහු ප‍්‍රකාශ කළහ. මෙම රෝගය පැතිරෙන ස්වභාවය අනුව යම් භීතියක් සිත් තුළ ඇතිවීම ස්වභාවිකය. නමුත් බිය වු පමණින් මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. ඒ සඳහා ඇත්තේ විiාත්මක හා ප‍්‍රායෝගික විසඳුම් පමණි.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles