Divaina - කොරෝනා ‘ප්ලෑන් බී’

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 අද මුළු ලෝකයේම ප‍්‍රධාන මාතෘකාව බවට පත් වී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ සැලසුම් පිළිබඳවය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප‍්‍රකාශ කිරීමත් සමග ලෝකයේ සෑම රටක්ම මෙම වසංගතය පාලනය කිරීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ග  අනුගමනය කරමින් සිටියි. යුරෝපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඉතාලියෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආසාදිතයන් දහසකට වැඩි පිරිසක් වාර්තා වීමත් සමග ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් අහෝසි කර තිබේ. රූපවාහිනි දේශනයකදී ඔහු කියා සිටියේ යුරෝපීය රටවලින් පැමිණෙන සියලූම සංචාර ඉදිරි දින 30 සඳහා අත්හිටුවන බවයි.
 
 ශ‍්‍රී ලංකාවද මෙම ගෝලීය වසංගතය මැඬපැවැත්වීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබේ. එහි දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් රටේ සියලූම පාසල්වල වාර නිවාඩුව අද සිට අපේ‍්‍රල් 20 වැනිදා දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ වන විටත් ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 921 ක් නිරෝධායන කටයුතු සඳහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ. ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්, අනිවාර්යයෙන් දින 14 ක කාලයක් නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක‍්‍රලේඛයක් නිකුත් කර කර ඇති බැවින් මෙම රටවලින් පැමිණෙන මගීන් නිරෝධායන ක‍්‍රියාවලියට ලක්වීම අනිවාර්යය. ඒ වගේම එය
 
 ඔවුන්ගෙන් ඉටුවිය යුතු ජාතික වගකීමකි.
 
 මෙම නිරෝධායන මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ජාලය හරහා පුළුල් ප‍්‍රචාරයක් දියත් වෙමින් තිබේ. පෙරේදා ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපළේ කළහකාරී ලෙස හැසිරී තිබේ. කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව රැුක ගැනීම සඳහා රජය ඉතා සැලසුම්සහගත වැඩපිළිවෙළක් දියත් කර තිබියදී ඊට සහාය නොදෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමට පෙර අංගොඩ මානසික රෝහලට පිටත් කළ යුතුය. රට ගිල ගැනීමට යක්ෂයකු ගෙයි දොරකඩට පැමිණි පසු, බාල් නටන මුග්ධයෝ ලොව සෑම තැනකම සිටිති. මිලියන 21 ක ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ මුග්ධයන් පාලනය කරගැනීමේ වගකීම ආණ්ඩුවට භාරය. ඒ වගේම රටේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ගේ දේශපාලන මතවාද සමග කොරෝනා වසංගතය පටලවා ගත යුතු නැත. රටේ සියලූ දේශපාලන පක්ෂ තමන්ට ලබා දිය හැකි උපරිම සහාය මේ මොහොතේ ආණ්ඩුවට ලබා දිය යුතුය. මේ වන විටත් කොරෝනා ආසාදනය වූ බවට සැක පිට 29 දෙනෙක් ශ‍්‍රී ලංකාවේ රෝහල් 15 ක ප‍්‍රතිකාර ලබමින් සිටිති. ඊට ඊයේ, පෙරේදා ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණ, නිරෝධායන ක‍්‍රියාවලියට එරෙහිව බාල් නැටූ ශ‍්‍රී ලාංකිකයන් පස් දෙනකු සිටින බව අමතක නොකළ යුතුය. එම නිසා මේ මොහොතේ රට මුහුණ දී සිටින අවදානම් තත්ත්වය සියලූ ශ‍්‍රී ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය.
 
 ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල දැනට රැුඳී සිටින පුද්ගලයන්, ඔවුන්ට ලබා දී ඇති ‘ෆ‍්‍රී වයිෆයි’ මගින් එම මධ්‍යස්ථානවල ඇති අඩුපාඩු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණය කරමින් සිටිති. මෙවැනි වසංගත තත්ත්වයකදී තමන්ට යම් අපහසුතාවක් විඳීමට සිදුවුවද ඒ සියල්ල රට වෙනුවෙන් විඳ දරා ගැනීමට සියලූ ශ‍්‍රී ලාංකිකයන් සූදානම් විය යුතුය. මෙම වසංගතය පාලනය කිරීමේදී ලෝකයේ සෑම රටකම ජනතාව බලවත් අපහසුතා රැුසකට මුහුණ දුන්හ. ඉන් වැඩිපුරම බැට කෑවේ චීන ජනතාවය. චීන රජයට වසංගතය පාලනය කිරීමට දැඩි තීන්දු ගැනීමට සිදුවිය. නමුත් ඔවුන් ගෙවා දැමූ දුෂ්කර කාල පරිච්ෙඡ්දයේ යහපත් ප‍්‍රතිඵල අද ඔවුන් භුක්ති විඳිමින් සිටිති. මේ වනවිට කොරෝනා වෛරසය මුලින්ම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ තාවකාලික රෝහල් 16 ක් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. ඒ එම රෝහල්වල සිටි සියලූ රෝගීන් සුවය ලබා පිට වී යෑම නිසාය. මේ වන කොරෝනා ආසාදිතයන්ගෙන් 70%ක් සුවය ලබා ඇති බව ලෝක සොඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
 
 ලෝකයේ ආර්ථික ශක්තියෙන් බලවත් සෑම රටකටම තම රටට එල්ල වන අර්බුදවලට මුහුණ දීමට සැලසුම් තිබේ. මේ සැලසුම් හඳුන්වන්නේ Contingency plan නොහොත් ‘ප්ලෑන් බී’ යනුවෙනි. මෙතෙක් මෙම බී ප්ලෑන් සකස් කර තිබුණේ ත‍්‍රස්ත ප‍්‍රහාරවලට මුහුණ දීමට පමණි. ශ‍්‍රී ලංකාවටද යුද්ධය පැවැති කාලයේ මෙවැනි බී ප්ලෑන් තිබුණි. නමුත් ලෝකයේ කිසිදු රටකට කොරෝනා වැනි ගෝලීය වසංගතයකට මුහුණ දීමට ‘බී’ සැලසුමක් තිබුණේ නැත. මෙවැනි වසංගතයකට මුහුණ දීමට ඇති එකම සැලසුම ෂට්ඩවුන් (Shutdown* වීම නොහොත් වසා දැමීමය. මේ වනවිට චීනයේ සිට යුරෝපය දක්වා වසංගතය පැතිර යන සෑම නගරයකම ක‍්‍රියාත්මක වන්නේ මෙම ‘ෂට්ඩවුන්’ සැලසුමය. එම සැලසුමෙන් චීනය මේ වනවිටත් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගෙන තිබේ. කොරෝනා වසංගතයට මුහුණ දීමේ ශ‍්‍රී ලංකාවේ ‘බී’ සැලසුම Shutdown නම් ඊට මුහුණ දීමට ශ‍්‍රී ලාංකිකයන් සූදානම් විය යුතුය. කොරෝනා මාරයා පරාජය කිරීමට බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අප සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
  

 
 
  

  

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles