Divaina - අපේ හමුදාපති සුරකිමු

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ පසුගිය සිකුරාදා දිනයේය. ඒ අනුව යුද හමුදාපතිවරයාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත. ඇත්තෙන්ම වත්මන් යුද හමුදාපතිවරයා එම ධුරයට පත්වූ දිනයේ සිටම යැංකි රාජ්‍ය පාලනය බැලූවේ වපරැුසින් බව රහසක් නොවේ. ඉරාකයේ හය ලක්ෂයක් ඝාතනය වීමට වගකිවයුතු ඇමෙරිකාව ඒ සියල්ල පසෙක ලා 58 වැනි සේනාංකයේ වැරදි සෙවීමට උත්සාහ කරයි. ඊනියා වගවීමක් ගැන කතා කරයි. 58 වැනි සේනාංකය සටන් වැදුනේ රටට එරෙහිව සටන් වැදුණු ත‍්‍රස්ත පිරිසක් සමග මිස උද්ඝෝෂණකරුවන් පිරිසක් සමග නොවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සටන් වැදීම ඇමෙරිකානු හමුදාවට පවා ලෙහෙසි වන්නේ නැත. නමුත් ඒ සියලූ බාධක මැඬගෙන රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගන්නට 58 වෙනි සේනාංකය ප‍්‍රමුඛ හමුදා බල ඇණිවලට හැකි විය. අවසන් මොහොතේදී ප‍්‍රභා ඇතුළු නායකයන් මුදා ගැනීමේ ඇමෙරිකන් උත්සාහයක් ගැන ද අප අසා ඇත. කෙසේ නමුත් ඇමෙරිකාව ශවේන්ද්‍ර සමග අමනාපයෙන් සිටින්නේ කවර හේතුවටද? ත‍්‍රස්තවාදය නැති කළ හමුදා නායකයාට ඇමෙරිකාව සලකන්නේ කුහක ආකාරයෙනි. පසුගිය වසරේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකානු හමුදා නිලධාරීන් රැසක් යුද අපරාධ චෝදනාවලින් නිදහස් කළ බව මාධ්‍ය ඔස්සේ පළවී තිබිණි. නමුත් ඇමෙරිකාවට 58 වැනි සේනාංකයේ වරද මහා ඉහළින් පෙනෙන§්නේ ඩයස්පෝරාවේ උවමනාවටද?
 
 හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් එවක මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ‍්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ 2019 අගෝස්තු 19 වෙනිදා ය. නව හමුදාපතිවරයා පත්කර පැය දෙකක් ගතවන්නටත් පෙර මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිල ට්විටර් ගිණුමේ සටහන් වූයේ කුමක්ද? නව හමුදාපති පත් කිරීම විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලූවට ලක් කරන බවයි. ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීමෙන් ඇමෙරිකාව කියන ආකාරයට ලංකාව හෑල්ලූ වූයේ නම් නැත. එයින් සිදුවූයේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වීම පමණකි. අපේ රටේ හමුදාපති පත් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අවසරය ලබා ගත යුතුද? කිසිසේත්ම නැත. කොල්ලූපිටියේ තානාපති කාර්යාලයට අවශ්‍ය ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු ගත නොහැකිය. ඇත්තෙන්ම ඇමෙරිකාව යුද හමුදාපතිවරයා වාරණයට ලක්කර ඇත්තේ කිසිම පිළිගත හැකි තොරතුරු මත නම් නොවේ. කට කතා හා ඕපා දූප මත බව පැහැදිලිය. මේවා පතුරවන්නේ මියගිය කොටි යළි නැගිටුවන්නට උත්සහ කරන දෙමළ ඩයස්ෆෝරාව විසිනි. ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීම ගැන කොටි හිතවාදී වෙබ් අඩවි නම් මහත් උත්කර්ෂයෙන් වාර්තා කර ඇති බව පෙනේ. එසේ නම් ඇමෙරිකාව ලංකාවේ හමුදාපතිවරයාට වාරණ පනවා සනසන්නේ ත‍්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ද? ඇමෙරිකාවේ තීරණයට මෙරට සාතිශය බහුතරය එරෙහි බව අමුතුවෙන් කිව යුතු නැත. එය සැබවින්ම ලංකා රාජ්‍ය නිග‍්‍රහයට ලක්කිරීමකි. මෙයට පැහැදිලිව එරෙහි විය යුතුය. ඒ අපේ රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. ඇත්තෙන්ම ඇමෙරිකාව හමුදාපතිට වාරණ පැනවීම මේ දූපත් රාජ්‍යයටම එරෙහි වීමකි. එනිසා රටම අපේ හමුදාපති සමග එකට සිටගත යුතුය.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles