Divaina - කොන්ද හා රාජ්‍ය සේවය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අප රටේ රාජ්‍ය සේවය පිළිබඳව ඇත්තේ එතරම් හොඳ අතීතයක් නොවේ. රාජ්‍ය සේවය යැයි කී පමණින් සමහරු මුහුණ ඇඹුල් කර ගනිති. ඊට වී ඇත්තේ රාජ්‍ය ආයතනයකට ගොස් යම් රාජකාරියක් කර ගැනීමේදී සිදුවන අපහසුතා ගැන බොහෝ අයට අනන්තවත් අත්දැකීම් ඇති නිසාවෙනි. රාජකාරිය පරක්කු කිරීම ඒ හරහා අල්ලස් හා අතයට ගනුදෙනුවලට අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ එමගින් අයථා ලාබ
 
 ලබාගන්නා සමහර නිලධාරීන් නිසා රාජ්‍ය සේවය පසුගිය කාලයේදී අන්තයටම පිරිහිණි. ඔය අතරේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකළ අතලොස්සක් වූ රාජ්‍ය නිලධාරීහුද සිටිති. නමුත් මේ පිරිසටත් තම රාජකාරිය ඉටුකිරීමේ හැකියාවක් ඇතැම් කාලවලදී නොලැබිණි. ඊට හේතු වූයේ දෙනෙත් අඳකරගත් දේශපාලන අධිකාරියේ සත්තු ටිකක් රාජ්‍ය සේවයට බලපෑම් කිරීමයි. රාජ්‍ය නිලධාරීන් දණගැස්වීම, රාජ්‍ය නිලධාරීන් ගස් බැඳීම වැනි සිද්ධීන්
 
 පසුගිය කාලයේදී වාර්තා විය. ඊට අමතරව සමහර දේශපාලනඥයන් තමන්ට අවනත නොවන නිලධාරීන් තම දේශපාලන අධිකාරියේ බලය උපයෝගී කරගෙන එම රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත නන්නත්තාර වන ලෙස මාරුවීම් ලබා දුන්හ.
 
 මෙවැනි අතීතයක් ඇති ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ යළිත් යම් යම් කතිකා ඇතිව තිබෙන බව පැහැදිලිය. විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෞද්ගලිකවම රාජ්‍ය ආයතනවලට ගොස් රාජ්‍ය නිලධාරීන්ගේ හා එම ආයතනවල කි‍්‍රයාකාරිත්වය සොයා බැලීම නිසා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව යළිත් කතා කරන්නට පටන්ගෙන තිබේ. රටේ ඉහළම තැනින් රාජ්‍ය සේවය පිළිබඳව සොයා බලන විට එහි බලපෑම රාජ්‍ය සේවයේ පහළටත් කාන්දු වන නිසා රාජ්‍ය සේවයේ යම් පිබිදීමක් වනු ඇතැයි ජනතාව කල්පනා කරති. අනෙක් අතට රටේ රාජ්‍ය නායකයා වැටී ඇති රාජ්‍ය සේවය කෙළින් කිරීමට උත්සහ ගන්නා විට අවංකව රාජකාරි කරන නිලධාරීන්ට ද එය මහත් අස්වැසිල්ලක් වන බව රහසක් නොවේ.
 
 මීගමුව පිටපන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඩොලාන ¥පතක් විනාශ කර කී‍්‍රඩා පිට්ටනියක් සෑදීමට යෑම පිළිබඳව ගම්පහ දිස්ති‍්‍රක් වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය වැනි ඇමැතිවරුන් හමුවේ සිය මතය ප‍්‍රකාශ කිරීම කාගේත් අවධානයට ලක්වී ඇත. කොන්ද ගැන අමතක වී සිටි රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් ඇති බව ඇය පසක් කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිටගත්තේ නිවැරැුදි පැත්තේය. එනිසාම ඇයට සමාජයෙන් ගරුබුහුමන් ලැබිණි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ඇයව ආරක්‍ෂා කරන බවද ප‍්‍රකාශ කළහ. එනිසාම දේශපාලන අධිකාරි බලය යනු හැමවිටම නැමැදිය යුතු, වන්දනා කළ යුතු කාරණයක් නොවන බව ඇය ඔප්පු කර තිබේ. තමන් කෙළින් වැඩ කරනවා නම් රාජකාරිය අවංකව සිදුකරනවා නම් රාජ්‍ය නිලධාරීන් බිය විය යුතු නැත.
 
 ශී‍්‍ර ලංකාව යනු දියුණු කළ හැකි රටක් බව අප කීපවිටක්ම පෙන්වා දී ඇත්තෙමු. අප රටේ පවතින සම්පත් හා මානව ශ‍්‍රමය නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් ඉතාමත් ඉක්මනින් මේ රට සංවර්ධනයේ මාවතට හැරවිය හැකිය. ඒ ගමනට රාජ්‍ය
 
 නිලධාරීන්ගෙන් උපරිම කැපවීමක් ලබා දෙන්නේ නම් හා ඒ සඳහා දේශපාලන අධිකාරියේ නිසි දායකත්වය ලැබෙන්නේ නම් මේ රටට යහපත් කාලයක් උදාකර ගැනීමට පුළුවන. මෙහිදී රජයේ නිලධාරීන් අවංකව තම ශ‍්‍රමය මව්බිම වෙනුවෙන් ලබාදිය යුතුය. එසේම රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය විය යුතුය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles